සඳට බැළුම් හෙලූ අය
Apr 13, 2017
ආදරයත් ඒ තරමට දෝරය ගැළුවා !
මන්දාරම් අඳුර මැදින්
වැටෙන අනෝරා වැස්සේ
දැවටි දැවටි ළඟින් ළඟින්
අපි පා නගුවා........
මල් ඉහුරුණු කුඩ හෙවනේ
ඔය තරු ඇස් ළඟින් ළඟින්
මගෙ මුහුණට එබෙනා විට
උණුහුම දැනුනා...
කාත් කවුරුවත් නො එනා
රොබරෝසිය මල් පාරේ
ඔය හුස්මක් ළඟින් ළඟින්
නළලත වැදුණා....
හන්තානට වහින වැස්ස
අනේ එපා නවතින්නට
ආදරයත් ඒ තරමට
දෝරය ගැළුවා....
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

අනේ සොඳුරු හරිම සුන්දරයි
ReplyDeleteස්තූතී අරූ..
Deleteම්ම්.... ලස්සන නිර්මාණයක් සඳූ..
ReplyDeleteජයවේවා!!!
ස්තූතී දුමී.. කවියෙන් පිලිතුරක් නැති එකනම් ලොකු අඩුපාඩුවක් හැබැයි
Deleteපාර දිගේ පිපුණු මලක් නෑ මට පෙණුනේ
Deleteදෝර ගලන නුඹෙ ආදරෙ පමණයි දැණුනේ
මාර ගසක හෙවනක පෙම් උණුහුම රැඳුණේ
කාර බඳින්නයි අපගේ නෙත් සිත් රැඳුණේ.....
වැඩ ටිකක් වැඩි නිසයි කවියක් දාන්න බැරි වුණේ සඳූ.
සඳූගේ අන්තිම කවියේ "වැස්ස" වෙන්න ඕනේ නේද?
ජයවේවා!!!
///හන්තානට වහින වස්ස
ReplyDeleteඅනේ එපා නවතින්නට
ආදරයත් ඒ තරමට
දෝරය ගැළුවා....///
අපූරුයි සඳා... ලස්සනයි..
ඔයාට සුභ නව වසරක් වේවා..
ස්තූතී නිර්මාණි... ඔයාටත් සුබ නව වසරක්ම වේවා
Deleteලස්සන නිර්මාණයක් .සුබ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteමන්දාරම් අඳුර මැදින් සින්දුව මතක් වුනා.
Deleteඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා බක්කරේ... ස්තූතී මෙහෙ ආවට
Deleteවැස්සක් වැහලා පෑව්වා විතරයි..සුභ අලුත් අවුරුද්දක් සොදුරු
ReplyDeleteඔව් ඔව් මේව්ව මේ වැස්සට ලියවෙන කවි.... ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා රස්ති
Delete'මන්දාරම් අඳුර මැදින්' ගීතයයි මුලින්ම හිතට අවේ. ලස්සන කවියක් සොඳුරු...
ReplyDeleteජයවේවා !!!
ගොඩක් ස්තූතී පිලෝ ම්ම්ම් ඒකත් බොහොම ආදරණීය ගීතයක් තමයි
Deleteහැබැයි හන්තාන නගින වෙලාවට නං වැස්ස වහින්නවත් එපා කියලා තමා හිතන්නෙ. කූඩැල්ලො විමානෙ.
ReplyDeleteකවි පබැඳුම නං ඉතාම අගෙයි
හි හී එහෙමද... කොහෙද මම හන්තාන නැගලා නෑනේ තාම... ස්තූතූ ඉවාන් මේ පැත්තට ආවට
Deleteනියමයි සොදුරු ඔබට සුබම සුබ අළුත් අවුරුද්දක්වේවා.....
ReplyDeleteඔබටත් වාසනාවන්ත සුබ නව වසරක්ම වේවා.. ස්තූතී ඇගයුමට
Delete