සඳට බැළුම් හෙලූ අය

Jun 2, 2017

මලක මුල් පෙම !






ඇහැරිච්ච ලාරෝස පෙති මත
සියුම් චුම්බන තබන මඳනළ
හඬා වැටුනා පෙමින් ආතුර
පියාඹා ඇවිත් නෙක බිඟු කැල

උරා බොනකොට මලේ මුවරද
මලේ අයිතිය ඹමර කුළයට
ලියා ඇති මුත් මලක ඉරණම
කාටත්ම කලින් පෙම් පිණි ඉස
පෙම් කරන්නට බැරිද සුළඟට

රැගුවාට බිඟුන් මල වට කර
උන් දන්නෙ නෑ මලක මුල් පෙම
අනඟ රැගුමට පැමිණි ඹමරුට
නොවෙයි සියොළඟ ඉම්ඹ සුළඟට

13 comments:

  1. මුල්ම පෙම දැන දැනත් සුළඟ හැමදාමත් තැවේ
    දුකම පෙති මත හිරකරන් මලක් තවමත් පසුතැවේ
    ප්‍රථම පෙම නොමදැනන් බිඟුන් තුටුවෙයි ලොවේ
    එකම හේතුව මත වෙනස් විඳින විඳවන මේ භවේ....

    ලස්සන නිර්මාණයක් සඳූ.
    මගේ කවිය ගැළපෙන්නෙ නැද්ද මන්දා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කවි නොගැලපෙනවනම් ඉතින් ලෝක පුදුමයක් තමා මේ තියෙන්නෙ නියමෙට. ස්තූතී දුමී

      Delete
  2. http://chef-archiect.blogspot.com/2017/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. සුලඟ දුන් වද
      ඉවසමි

      බිඟු අනග රැගුම්
      විඳමි


      ඉම්බාට සියොලඟ
      සුලඟ

      බිඟු දනී
      මලෙක මහිම

      Delete
    2. මේ තියෙන්නෙ ආකී නියමෙට.

      Delete
  3. මලක සියුමැලි
    කොපුල් සිඹිමින්
    සෙනෙහෙ තවරා
    ලවන් සරමින්
    සරන සුළග ට
    සෙනෙහෙ පුදදී
    මලක්
    බිඟුහා
    හිනැහුනා...

    ශානී.... මේ කවිය අපිටත් කවි ලියන්න හිතෙන තරම් ලස්සන කවියක්....

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ කොහොම හරි මේ නිශ්ෂබ්ද ඈයෝ අවදි වෙනවනම් එච්චරයි

      Delete
  4. හොද සංකල්පනාවක් සොදුරු.
    ඒත් මෙහෙමත් කතාවක් තියෙනවා මලකට මතක නිතර දැවටෙන සුළග නොව රොන් බී අහකට යන බඹරුමය කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඒ සම්මතෙන් පිට පැනලා හිතලා තමා මෙහෙම ලිව්වේ

      Delete
  5. ඕවාට කවි වලින් රිප්ලයි කරන්න අපට බැහැ නේ... ඒ කොහොම වෙතත් ඔයාගේ අවුට් ඔෆ් ද බොක්ස් රොමෑන්ස් වලට හැමදාමත් වගේ මගේ කැමැත්ත මේකටත්..

    ReplyDelete
    Replies
    1. හා හා.. උත්සහ කලොත් බැරි වෙන එකකුත් නෑ කොච්චියො...ස්තූතී ඉතින් මේ ඇගයීමට

      Delete
  6. ඕවාට කවි වලින් රිප්ලයි කරන්න අපට බැහැ නේ... ඒ කොහොම වෙතත් ඔයාගේ අවුට් ඔෆ් ද බොක්ස් රොමෑන්ස් වලට හැමදාමත් වගේ මගේ කැමැත්ත මේකටත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොච්චි අදනෙ මේ කමෙන්ට් දැක්කේ.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...