සඳට බැළුම් හෙලූ අය

Oct 13, 2017

අහන්න මේඝා !



ඉර හොරෙන් බැස ගියැයි
නාඩන්න මේඝා
සඳ හොරෙන් බැස ගියැයි
නාඩන්න මේඝා

අහසටත් පොලවටත්
අ'තර දුර
තාම මම
නොදනිමියි මේඝා

ඒත්
හැම උදේ නුඹ
එවන පිනි පහසකින්
ම'හද මල විකසිතයි මේඝා

නුඹට හිමි කාරයන්
ඔය අහසෙ ඇති තරම්
ඒත් මම සදහටම
නුඹගෙ විතරමයි නුඹ දන්නවද - මේඝා...



අද උදේ අරූගේ ලෝකයේ තිබුන කවියකට මම  ලිව්ව පිලිතුරු කවියක් වගේ එකක්.

12 comments:

  1. Replies
    1. ස්තූතී ... කාලෙකින් ඇවිත් තියෙන්නෙ

      Delete
  2. හරි ලෙන්ගතුයි....සිංදුවකට මරු මේක නං...!

    ReplyDelete
  3. ඒක ගති අපූරුයි කවිය

    ReplyDelete
  4. ස්තූතියි මගේ කවියකට මේ තරම් සොඳුරු සංකල්පනා ඇති වෙනවට... ලස්සනයි කවිය

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතී ඉතින් ඒ කව නිසයි මේ කව

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...