සඳට බැළුම් හෙලූ අය

Dec 11, 2017

මලක මළගම !




මතක බණ ඇහෙනකොට ඉකිබිඳුම් සඟවන්න
මතක පැන් කෙංඩියෙන්  බිඳක් ගෙන තවරන්න
අවසාන හාදුවත් නළල මත්තට දෙන්න
මේ ඉතින් සැරසෙන්නෙ මලක් මළගම් යන්න

රෑ රැහැයියනි තවත් දුක් ගීත නොගයන්න
සඳේ සඳ එළියෙනුත් ඇසේ දුක හංගන්න
පන අඳින මතකයම හිතින් උදුරාගන්න
ඈ යන්නෙ සදහටම සුසානෙක තනිවෙන්න

මළබෙරය මහ දුකින් එපා තව හඬවන්න
රෝස පැහැ රෝස මල සීරුවට නිදියන්න
පාලුවට ගිය සොහොනෙ හීතලට හුරුවෙන්න
බැරිමනම් මේ කඳුළ උණුහුමට ගෙනියන්න

19 comments:

  1. පාටින්ම හැඩවැටුණු සියුමැලිය විඳි ගතට
    දෑසින්ම පෙම් කළේ හදවතේ ගැඹුරකට
    දෝතින්ම තුරුළුකර ගන්න හිතුමුත් හදට
    ඈතින්ම තනිවෙන්න සිදුවුනේ අපෙ පවට.....

    ලස්සනයි සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ කවියටත් වැඩිය ඔයාගේ මේ පද හතර මාව රිද්දුවා ඇහැට කඳුළු එන තරමටම.ස්තූතියි කියන්න වෙන්නේ මාව ඇඬෙව්වට තමා දුමීට

      Delete
    2. කල්බලා බැරිවුනත් ජීවිතේ හමුවෙන්න
      ළංවෙලා මහ හුඟක් හිතින් සෙනෙහස දුන්න
      පිංකලා මදි වුනත් ඔබේ තුරුලට වෙන්න
      පෙම්කලා මම හිතින් ඒත් ඇති සැනසෙන්න...

      Delete
    3. කවිය දැණුනානම් සතුටක් සඳූ. මේ තරම් රසට පිළිතුරක් ලියවෙන්නෙ ඔයාගෙ රස කවිය නිසාමයි. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    4. සිතු ලෙසම ළන් ළංව ඔය සෙනේ විඳගන්න
      පැතු පෙමක උණුහුමට හදවතින් දැවටෙන්න
      මුතු කඳුළු මල් මාල එපා තව සරසන්න
      මතු සසරෙ පිං පුරමු යළි යළිත් ළංවෙන්න....

      Delete
    5. ඔව් කවියක් දැනුනම තමා පිලිතුරු කවි ඉබේ ලියවෙන්නේ.ඒත් ඉතින් ඔයත් එක්ක පිලිතුරු කවි ලියලා පරදින්න තමා මට වෙන්නේ

      Delete
  2. " ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකක් " කියන බණ පදය මතකයට ආව .

    ලස්සනයි ඒත් , දුකයි . දුක කවලම් වෙච්චි ලස්සන අමුතුම එකක් . එක මට දැනෙන විදියට පාළුවට ගිය දුම්රියපොළක වේදිකාවේ බැංකුවක ඉදං වේදිකාවෙන් පිටවෙලා යන කෝච්චියක අන්තිම පෙට්ටිය දිහා බලන් ඉන්නවා වගේ හැගීමක් .

    ReplyDelete
  3. ලස්සනයි...දුක් බරයි..

    ReplyDelete
  4. දුක මේ හැම තැනම... මගේ පරණ මතකත් ඇවිස්සුවා... :'(

    ReplyDelete
  5. 'මලක මලගම' අපූරු සංකල්පනාවක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒ වගේ නේ.. ස්තූතියි

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...