සඳට බැළුම් හෙලූ අය
Sep 19, 2018
මට බොන්න ඕනෙ !
දැන් ඉතින් මට ඕනේ
මත් වෙන්න
සිහි විකල් වෙන තරමටම
මත් වෙන්න
සැරම සැර මධු විතක
ගිලි ගිලී
නිදහසේ කොහේ හරි
පාවෙන්න
එක්කො උඹ අමතක කරල
හිනැහෙන්න
එක්කො උඹ මතක් කර කර
අඬා වැටෙන්න
ඒ මුකුත්ම නෙවෙයි නම්
උඹට උඹේ පාඩුවේ ඉන්න දෙන්න
මමත් මගේ පාඩුවේ ඉන්න
හිත හදාගන්න
ඒ මොනා කරන්නත් කලින්
මට ඕනෙ දැන් මත් වෙන්න
සිහි විකල් වෙනකම්ම
මත් වෙන්න !
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

මයෙ අම්මෙ යමු බොංඩ...
ReplyDelete(බෙනා දැක්කොත් ගුටි කන්ටයි වෙන්නෙ)
නෑ නෑ බය වෙන්න එපා බෙනා මේ බ්ලොග් එකනම් කියවන්නෙ නෑ කියලා ශුවර්...
Deleteබරපතල ප්‍රශ්නයක් වගේ.....
ReplyDeleteජයවේවා!!!
හ්ම්ම් ඒකනේ .... ප්‍රශ්නයක් කිව්වම ජය වේවා කියලා හරියනවද ඉතින්.... හි හී
Deleteදුමී එහෙමයි. නැව ගිලුනත් බෑන්චූන්.....
Deleteජයවේවා!!!
කමක් නෑ බල කරනම හිංද ටිකක් බොමු...හැබැයි බිව්වට ප්‍රශ්න විසදෙන්නෙ නෑ...ටික වෙලාවකට විකාරරූපී මායාවක පැටලෙනවා විතරයි. ආදරෙත් ඒ වගේ. නෑ ආදරේ බොනව වගේ නෙවෙයි ගංජා සුරුට්ටුවක් වගේ...
ReplyDeleteඅන්න නියම උත්තරයක්....බීලා කවද්ද ප්‍රශ්න විසඳුනේ නේ...අනික දැන් ඉතින් බීලා විතරක් මදි ගංජා සුරුට්ටුවකුත් බීලා බලන්න ඕනෙ වගේ ආදරේ කොයි වගේද බලන්න
Deleteබොන්ඩ වෙන ප්‍රශ්නයක් නේ
ReplyDeleteනැතුව අනේ...
Deleteබිවුවම විසදුමක් ලැබෙයිද ????¿
ReplyDeleteඒකට බීලම බලන්න වෙනො අප්පා
Deleteහිම වැටෙන සීතල දවසක
ReplyDeleteහම්බඋනා " ඈන් "
දුම්රිය පොළේ කොනකට
වී හඩමින් සිටින
ඇහුවා මම
මොකද මේ කියා
කිව්වා ඇය
මගේ පපුවට ඇගේ නළලත තබා හඩමින්
" ජෙෆ් " තවදුරටත්
ඇයගේ පෙම්වතා නොවෙයි කියා
කැම්පස් එකේ ඈන්-ජෙෆ් ආදර අන්දරය
මෙහෙමද ඉවර උනේ
කියා මගේ හිත මගෙන් අසද්දී
ඇයට ඕනේලු
අද මැරෙනකම්
බොන්න
බොනවානම් බොමු
යැයි මම කියද්දී
එයට තුති පුදපු ඇය මට
කීවා යමු දැන්මම කියා.........
නියමයි....පින්තූරෙටම ගැලපෙන කතාව
Deleteබොහොම ස්තූතී සඳවතී! :D
Delete"රූපේ වගේ සුදු කෙල්ලෙක්
හැබැයි බීල වැඩි උනා ට
වැටෙන්නේ නැතුව කොහොමාරි වත්තම් කරගෙන
ඇරලුවා ඇගේ නිවසටම "
නඩුකාරයා - යුෂ්මතා බොනවද?
ReplyDeleteවිත්තිකරු - බොනවනම් බොමු හාමුදුරුවනේ.
ඒ වගෙ බොනවනම් බොමු
බොමු බොමු එහෙනම් ... කාලෙකින්නේ මේ පැත්තෙ ආවෙත්
Deleteමම නම් බිම ඇත හැරලා ඉන්නේ.. අම්මප ආයේ සෙට් වෙනකම් බොන්නේ නෑ ඔහොම නෙවෙයි කොහොම කියුවත්.. :)))
ReplyDeleteහරි හරි ඔයා බොන්න එපා ... මම කිව්වෙ මට බොන්න ඕනේ කියලනේ...හි හී
Deleteඔච්චරම කියනව නං ටිකක් බොමු. සිහි විකල් වෙනකල් නං බෑ. ගෙදර එන්නත් එපැයි.
ReplyDeleteඅප්පා... බොන්නනම් සේරම කට්ටිය සෙට් වෙලා වගේ....
Deleteබයිට් වැඩියෙන් ගේනවානම් මං එන්නං බොන්න යන්න, උඹ බීහං මම බයිට් කන්නං
ReplyDeleteනෑ එක්කො මමත් බයිට්ම කන්නං
Deleteසිහි විකල් වෙනකම්ම මත් වෙන්න බොන්නම ඕනෙද?
ReplyDeleteනෑ නේද බොන්නම ඕනෙත් නෑ සිහිවිකල් වෙන තරමටම ආදරේ උනත් ලැබුනම බිව්වා වගේ තමා මත් වෙන්නේ
Delete