සඳට බැළුම් හෙලූ අය
Sep 9, 2018
සඳ එළිය වගේ ඇවිදින් !
ඇස් අස්සෙ හංඟාපු හීන දෝතට අරන්
මේ තරම් පෙම් පාට තැවරුවේ ඇයි කියන්
ආදරේ ගුලි වෙද්දි පපු කුහර තද කරන්
අදත් ලියවෙන කවියෙ නුඹ හිදී රත්තරන්
කිවිදියට පෙම් බැන්ද කිවිදාණ කෝ අහන්
හිතත් නිදි වරනවා කලුවරට වී වහන්
තව එකම වරක්වත් දැක ගන්න ඔය නුවන්
පිං මදිව මේ සසර නිමවේද මට කියන්
ඇස් දෙකක් විදුලි කෙටුවම හිතේ හරි මැදට
සංසාර හුරුපුරුදු දැනෙන එක ඒ බොරුද
ඇට මිඳුළු හාරගෙන ආදරේ දැනෙන කොට
දැක්කෙ නෑ දන්නෙ නෑ වගේ ඉන්නට හැකිද
මහ හුඟක් දුර උනත් මේ ළඟම වගෙ දැනෙන
නොදැක්කට නොදෙඩුවට හිත අද්දරම වෙසෙන
ගඟක් සේ නොනැවතිම සයුර වෙත ගළන
නුඹ මගේ හදවතේ උල්පතකි කවි උනන
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

ලස්සනට ලියලා තියෙන්නෙ .. ප්ට්ට
ReplyDeleteඅනේ මන්දා ඉතින් ඔන්න ඔහෙ ලිව්වා... කියෙව්වට ස්තූතියි ඔයාට
Deleteමෙපමන කලකට සඳවතී ගේ "ඔහේ ලියු කවි" ආටියාට හමුවී නැත .
Deleteමටනම් හමුවී ඇත.... හි හී
Deleteම්ම්ම් හොඳයිනෙ !!
ReplyDeleteකාලෙකින් ඔබතුමාගෙන් කමෙන්ට් එකක් ...බොහොම ස්තූතියි...
Deleteආදරේ වෑහෙන කවියක් කියවන්න ඉඩ වෙන් කලාට තුති..
ReplyDeleteඔයාටත් තුති කියෙව්වට ඉතින්
Deleteමද අඳුර කඩාපැන අඳුර පතුරන විටක
ReplyDeleteවිඳ ගන්න හිතෙන්නෙම ඔය පපුවෙ උණුහුමක
නද එපා රැහැයියනි දෙසිත් පෙම තරඟයක
සඳ එලිය සේ ඇවිත් හිඳිනු නුඹ හැම දිනක....
ලස්සනයි සඳූ..
ජයවේවා!!!
ගොඩක් දවසකට පස්සේ ඔයාගෙන් කවි කමෙන්ට් එකක් දැක්කේ ස්තූතියි දුමී
Delete//ඇස් දෙකක් විදුලි කෙටුවම හිතේ හරි මැදට
ReplyDeleteසංසාර හුරුපුරුදු දැනෙන එක ඒ බොරුද// අම්මප.. මේ ඊයේ පෙරේදත් ඒ වගේ විදුලියක් කෙටුවා.. අනිත් පැත්තෙන් වයිෆ් ගොරවන කොටම වහින්න කලින් අහක බලා ගත්ත.. සංසාරේ.. හෙහ් හෙහ්..
හි හී ඕක තමා කියන්නේ ඉතින් විදුලි කොටන කොටන පාරට හිතට හිතුවකාර වෙන්න දුන්නොත් සොරිම තමා ඉතින්.කවුරු හරි එහෙම කන්ට්‍රෝල් කරන්න ඉන්න එකත් වටිනවා ... එහෙම වෙලාවට සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් කියලා යන්න තමා තියෙන්නෙ....
Deletethank u very much Sithuwili...
ReplyDeleteලංවෙන්න, දැකගන්න, කතාකරන්න, එක සැරයක්වත් බැරි අය හිතින් කොයි තරම් නම් දුක් විදිනවද සදු..
ReplyDelete