සඳට බැළුම් හෙලූ අය

Sep 19, 2018

මට බොන්න ඕනෙ !




දැන් ඉතින් මට ඕනේ
මත් වෙන්න
සිහි විකල් වෙන තරමටම
මත් වෙන්න

සැරම සැර මධු විතක
ගිලි ගිලී
නිදහසේ  කොහේ හරි
පාවෙන්න

එක්කො උඹ අමතක කරල
හිනැහෙන්න
එක්කො උඹ මතක් කර කර
අඬා වැටෙන්න

ඒ මුකුත්ම නෙවෙයි නම්
උඹට උඹේ පාඩුවේ ඉන්න දෙන්න
මමත් මගේ පාඩුවේ ඉන්න
හිත හදාගන්න

ඒ මොනා කරන්නත් කලින්
මට ඕනෙ දැන් මත් වෙන්න
සිහි විකල් වෙනකම්ම
මත් වෙන්න !

24 comments:

  1. මයෙ අම්මෙ යමු බොංඩ...

    (බෙනා දැක්කොත් ගුටි කන්ටයි වෙන්නෙ)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බය වෙන්න එපා බෙනා මේ බ්ලොග් එකනම් කියවන්නෙ නෑ කියලා ශුවර්...

      Delete
  2. බරපතල ප්‍රශ්නයක් වගේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකනේ .... ප්‍රශ්නයක් කිව්වම ජය වේවා කියලා හරියනවද ඉතින්.... හි හී

      Delete
    2. දුමී එහෙමයි. නැව ගිලුනත් බෑන්චූන්.....

      ජයවේවා!!!

      Delete
  3. කමක් නෑ බල කරනම හිංද ටිකක් බොමු...හැබැයි බිව්වට ප්‍රශ්න විසදෙන්නෙ නෑ...ටික වෙලාවකට විකාරරූපී මායාවක පැටලෙනවා විතරයි. ආදරෙත් ඒ වගේ. නෑ ආදරේ බොනව වගේ නෙවෙයි ගංජා සුරුට්ටුවක් වගේ...

    ReplyDelete
    Replies
    1. අන්න නියම උත්තරයක්....බීලා කවද්ද ප්‍රශ්න විසඳුනේ නේ...අනික දැන් ඉතින් බීලා විතරක් මදි ගංජා සුරුට්ටුවකුත් බීලා බලන්න ඕනෙ වගේ ආදරේ කොයි වගේද බලන්න

      Delete
  4. බොන්ඩ වෙන ප්‍රශ්නයක් නේ

    ReplyDelete
  5. බිවුවම විසදුමක් ලැබෙයිද ????¿

    ReplyDelete
    Replies
    1. ඒකට බීලම බලන්න වෙනො අප්පා

      Delete
  6. හිම වැටෙන සීතල දවසක
    හම්බඋනා " ඈන් "
    දුම්රිය පොළේ කොනකට
    වී හඩමින් සිටින

    ඇහුවා මම
    මොකද මේ කියා
    කිව්වා ඇය
    මගේ පපුවට ඇගේ නළලත තබා හඩමින්

    " ජෙෆ් " තවදුරටත්
    ඇයගේ පෙම්වතා නොවෙයි කියා
    කැම්පස් එකේ ඈන්-ජෙෆ් ආදර අන්දරය
    මෙහෙමද ඉවර උනේ

    කියා මගේ හිත මගෙන් අසද්දී
    ඇයට ඕනේලු
    අද මැරෙනකම්
    බොන්න

    බොනවානම් බොමු
    යැයි මම කියද්දී
    එයට තුති පුදපු ඇය මට
    කීවා යමු දැන්මම කියා.........

    ReplyDelete
    Replies
    1. නියමයි....පින්තූරෙටම ගැලපෙන කතාව

      Delete
    2. බොහොම ස්තූතී සඳවතී! :D

      "රූපේ වගේ සුදු කෙල්ලෙක්
      හැබැයි බීල වැඩි උනා ට
      වැටෙන්නේ නැතුව කොහොමාරි වත්තම් කරගෙන
      ඇරලුවා ඇගේ නිවසටම "

      Delete
  7. නඩුකාරයා - යුෂ්මතා බොනවද?
    විත්තිකරු - බොනවනම් බොමු හාමුදුරුවනේ.

    ඒ වගෙ බොනවනම් බොමු

    ReplyDelete
    Replies
    1. බොමු බොමු එහෙනම් ... කාලෙකින්නේ මේ පැත්තෙ ආවෙත්

      Delete
  8. මම නම් බිම ඇත හැරලා ඉන්නේ.. අම්මප ආයේ සෙට් වෙනකම් බොන්නේ නෑ ඔහොම නෙවෙයි කොහොම කියුවත්.. :)))

    ReplyDelete
    Replies
    1. හරි හරි ඔයා බොන්න එපා ... මම කිව්වෙ මට බොන්න ඕනේ කියලනේ...හි හී

      Delete
  9. ඔච්චරම කියනව නං ටිකක් බොමු. සිහි විකල් වෙනකල් නං බෑ. ගෙදර එන්නත් එපැයි.

    ReplyDelete
    Replies
    1. අප්පා... බොන්නනම් සේරම කට්ටිය සෙට් වෙලා වගේ....

      Delete
  10. බයිට් වැඩියෙන් ගේනවානම් මං එන්නං බොන්න යන්න, උඹ බීහං මම බයිට් කන්නං

    ReplyDelete
    Replies
    1. නෑ එක්කො මමත් බයිට්ම කන්නං

      Delete
  11. සිහි විකල් වෙනකම්ම මත් වෙන්න බොන්නම ඕනෙද?

    ReplyDelete
    Replies
    1. නෑ නේද බොන්නම ඕනෙත් නෑ සිහිවිකල් වෙන තරමටම ආදරේ උනත් ලැබුනම බිව්වා වගේ තමා මත් වෙන්නේ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...