සඳට බැළුම් හෙලූ අය

Sep 26, 2018

ඇයි බං මට මෙහෙම කරන්නෙ ?



අරණෝලිස් අය්යෙ ..


දවස තිස්සේම උඹේ
නොසැලකිලි නොපනත්
කම් ගැන මං වද වෙද්දි
ඒ මොකවත්ම දන්නෙ නැති ගානට
උඹ ඔහොම ඉන්නෙ කොහොමද

රෑ නින්දෙදි පවා උඹව පපුවට අරන්
මං හූල්ලනකොට
උඹට ඔහොම සනීපෙට
නින්ද යන්නෙ කොහොමද

ආදරේ රත්නපුර වගේ  ලු
ඔව් ඒක ඇත්ත
පුංචි රිදුමක් ගෙරවුමක් ළඟ
මොහොතකින් හැමදේම හෝදගෙන
ඇසිල්ලෙන් නාය යන

ඒත් පේනවද අර තුංග කඳු හිස
ධාරාණිපාත මහ කන්දක් වුව
නොසෙල්වී උහුලගෙන
ජීවිතේම හෝදපාලුවට ගියත්
පපුවේම තියන් පද්මෙ රකින වග

මහාගිරිදඹේ කොනකට කර
නිතරෝම උඹ බිමට පතබාවන්නෙම
සමනොළේ වගේ මං උහුලන
උඹට බැඳි සෙනෙහසේ
හැඟුම්මයි මහා බර

එක අතකට උඹ මොනවා කරන්නද

ජීවිතේ දුකක සතුටක
ඉසිඹුව ළඟ
නිතරෝම මට උඹව සිහිවෙන එක
උඹෙ නෙවෙයි මගේ කරුමය
වෙච්චි කොට

               මං උඹේ  සෙදෝනා



* ' ආදරේ රත්නපුර වගේ ' ඒ වචන චමල් අකලංක පොල්වත්තගේ කවි පොතෙන් හොරා ගන්නා ලදී. එතකොට අරණෝලිසුයි  සෙදෝනායි ඉන්නෙ මිණිගංදෑලේ

13 comments:

  1. නියමයි සද .. මෙක නම් රසම රසයි .
    ලියන එක තිතටම ලියල තියෙනවා . ආයේ අඩුපාඩුවක් නොතියන්න .

    ReplyDelete
    Replies
    1. දුකත් හරි රහයි තමා වෙලාවකට

      Delete
    2. දුක විදව විදව ඉන්නේ නැත්තම්

      Delete
  2. ඒ පද පෙල හරිම අපූරුයි.

    ReplyDelete
  3. නියමයි සඳු
    ඇත්තටම ආදරේ රත්නපුරේ වගේ
    ද❤️

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාත්‍රා.... හ්ම්ම්ම් ඔව් එහෙමලු

      Delete
  4. මහාගිරිදඹේ කොනකට කර
    නිතරෝම උඹ බිමට පතබාවන්නෙම
    සමනොළේ වගේ මං උහුලන
    උඹට බැඳි සෙනෙහසේ
    හැඟුම්මයි මහා බර

    වචන ටිකට නම් ලෝබ හිතුනා. හරිම අපූරුයි. හරියට චිත්‍රපටයක් බැලුවා වගේ

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ඔයා.... ඔව් ඒක ඇත්තටම ලස්සන කතාවක්... මම මේ කිව්වෙ මිණි ගං දෑළ ඩ්‍රාමා එක

      Delete
  5. සෙඳෝනා නෙවෙයි බොල සෙදෝනා...:)

    සෙදෝනා කියල අපූරු නවකතාවකුත් තියනව..ලිව්වෙ ඊවා රණවීර මහත්මිය.

    ReplyDelete
    Replies
    1. හා හා ඉතින්.... ඔහොම බනින්න එපා පව් මම... හි හී නිවැරදි කරන්නම් ...

      Delete
  6. දුකත් හරි අපුරුවට ලියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දුක තරම් වෙන මොනාද අපූරු කවියකට... ස්තූතියි ඔයාට

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...