සඳට බැළුම් හෙලූ අය
Sep 26, 2018
ඇයි බං මට මෙහෙම කරන්නෙ ?
අරණෝලිස් අය්යෙ ..
දවස තිස්සේම උඹේ
නොසැලකිලි නොපනත්
කම් ගැන මං වද වෙද්දි
ඒ මොකවත්ම දන්නෙ නැති ගානට
උඹ ඔහොම ඉන්නෙ කොහොමද
රෑ නින්දෙදි පවා උඹව පපුවට අරන්
මං හූල්ලනකොට
උඹට ඔහොම සනීපෙට
නින්ද යන්නෙ කොහොමද
ආදරේ රත්නපුර වගේ ලු
ඔව් ඒක ඇත්ත
පුංචි රිදුමක් ගෙරවුමක් ළඟ
මොහොතකින් හැමදේම හෝදගෙන
ඇසිල්ලෙන් නාය යන
ඒත් පේනවද අර තුංග කඳු හිස
ධාරාණිපාත මහ කන්දක් වුව
නොසෙල්වී උහුලගෙන
ජීවිතේම හෝදපාලුවට ගියත්
පපුවේම තියන් පද්මෙ රකින වග
මහාගිරිදඹේ කොනකට කර
නිතරෝම උඹ බිමට පතබාවන්නෙම
සමනොළේ වගේ මං උහුලන
උඹට බැඳි සෙනෙහසේ
හැඟුම්මයි මහා බර
එක අතකට උඹ මොනවා කරන්නද
ජීවිතේ දුකක සතුටක
ඉසිඹුව ළඟ
නිතරෝම මට උඹව සිහිවෙන එක
උඹෙ නෙවෙයි මගේ කරුමය
වෙච්චි කොට
මං උඹේ සෙදෝනා
* ' ආදරේ රත්නපුර වගේ ' ඒ වචන චමල් අකලංක පොල්වත්තගේ කවි පොතෙන් හොරා ගන්නා ලදී. එතකොට අරණෝලිසුයි සෙදෝනායි ඉන්නෙ මිණිගංදෑලේ
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

නියමයි සද .. මෙක නම් රසම රසයි .
ReplyDeleteලියන එක තිතටම ලියල තියෙනවා . ආයේ අඩුපාඩුවක් නොතියන්න .
දුකත් හරි රහයි තමා වෙලාවකට
Deleteදුක විදව විදව ඉන්නේ නැත්තම්
Deleteඒ පද පෙල හරිම අපූරුයි.
ReplyDeleteස්තූතියි අරූ
Deleteනියමයි සඳු
ReplyDeleteඇත්තටම ආදරේ රත්නපුරේ වගේ
ද❤️
ස්තූතියි යාත්රා.... හ්ම්ම්ම් ඔව් එහෙමලු
Deleteමහාගිරිදඹේ කොනකට කර
ReplyDeleteනිතරෝම උඹ බිමට පතබාවන්නෙම
සමනොළේ වගේ මං උහුලන
උඹට බැඳි සෙනෙහසේ
හැඟුම්මයි මහා බර
වචන ටිකට නම් ලෝබ හිතුනා. හරිම අපූරුයි. හරියට චිත්රපටයක් බැලුවා වගේ
කාලෙකින් ඔයා.... ඔව් ඒක ඇත්තටම ලස්සන කතාවක්... මම මේ කිව්වෙ මිණි ගං දෑළ ඩ්රාමා එක
Deleteසෙඳෝනා නෙවෙයි බොල සෙදෝනා...:)
ReplyDeleteසෙදෝනා කියල අපූරු නවකතාවකුත් තියනව..ලිව්වෙ ඊවා රණවීර මහත්මිය.
හා හා ඉතින්.... ඔහොම බනින්න එපා පව් මම... හි හී නිවැරදි කරන්නම් ...
Deleteදුකත් හරි අපුරුවට ලියලා තියෙන්නේ.
ReplyDeleteදුක තරම් වෙන මොනාද අපූරු කවියකට... ස්තූතියි ඔයාට
Delete