සඳට බැළුම් හෙලූ අය

Oct 16, 2018

සංසාරගත පෙම්වතී !





අතින් අත නොබැඳුනද
සිතින් සිත බැඳි නිසා
හෙටක් නැති මුත් අපට
අදත් මේ ඇති නිසා
ඇත්තමයි  මං ඔබේ

සංසාරගත පෙම්වතිය නොවේමද...

නමක් නැති මුත් පෙමට
නිමක් නොපෙනෙන නිසා
බැඳීමක හිර කරපු
අයිතියක් නැති නිසා
කොන්දේසි විරහිතව පෙම්කරන
මං ඔබේ
සංසාරගත පෙම්වතිය  නොවේමද..

අතින් අතපටලාන
යන්න ඉඩ නැති නිසා
අනෛන්ද්‍රික ශෘංගාර රමණයක
රහසින්ම කැකුළු මල් කූද්දන
නිරන්තර හීනයක සැරිසරන
මං ඔබේ සංසාරගත පෙම්වතිය නොවේමද..

රැයක අවසන පවා
සිතුවිල්ල නුඹ නිසා
මදහසක් සමඟ යලි
උදෙත් මෙහි එන නිසා
නුඹ නැතුව නුඹ එක්ක පෙම් කරන
සත්තමයි මං නුඹේ
සංසාරගත පෙම්වතිය  නොවේමද..

14 comments:

  1. අක්කේ මේක 👌👌👌..

    "අනෛන්ද්‍රික ශෘංගාර රමණයක"
    මේ වචන ටික කොහෙන් ආවද....

    ReplyDelete
    Replies
    1. අනිත් ඒවා එන තැනින්ම තමයි අයියෝ...හි හී

      Delete
  2. ශා ............ මේ තියෙන්නේ වැඩ .
    කියන්න ලියන්න වචන නෑ මගේ ළග මේ වෙනුවෙන් .. .... සුපිරී ..

    මේ විදියෙම පෙම්වතියක් ලබන්නනම් පිරිමියෙක් ආත්ම හතක් වත් අඩුම තරමේ පිං කරන්න ඕනේ .
    01.සිතින් සිත බැඳි නිසා
    02.නිමක් නොපෙනෙන නිසා
    03.කොන්දේසි විරහිතව පෙම්කරන
    04.අනෛන්ද්‍රික ශෘංගාර රමණයක
    05.නිරන්තර හීනයක සැරිසරන
    06.රැයක අවසන පවා සිතුවිල්ල නුඹ නිසා

    ReplyDelete
    Replies
    1. කොන්දේසි විරහිතව පෙම් කිරීම කියන තරම් ලේසිත් නෑ නේද වෙලාවකට

      Delete
  3. ඒක..... හරිම රහයි සඳවතී....

    ReplyDelete
  4. හැබෑ ලෝකේ වගේ සීමා මායිම් නැති හීන ලෝකෙ කොච්චර හොදද .............නියමයි .....

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි.... සැබෑ නොවන නිසාම හරි මිහිරියි

      Delete
  5. ඇයි මට මෙහෙම කවි සිතුවිලි පහල නොවන්නෙ? සරසවිය තී කෙතරම් අකාරුණිකද? ඇයි මට මෙහෙම පෙම්වතියක් හමු නොවන්නේ? මල්සරානෙණි ඔබ හද සෙල්මුවාවද?

    ReplyDelete
    Replies
    1. සෙල්මුවා නෙවෙයි කෙහෙල්මුවා... හි හී

      Delete
  6. ඇත්තටම පුදුම ලස්සනක් තියෙන කවියක් සදු. කවියෙ ආදරේ පිරිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..... ආදරේනම් පිරිලා තියෙන්නේ හිතේ... කවියෙත් ඇති මයෙ හිතේ....

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...