සඳට බැළුම් හෙලූ අය
Jan 17, 2019
ප්ලීස්, මට ඇත්තම කියනවද ...!
මගේ නිහඬ බව
මට ඔබව අමතකව
ඇති බවට
සුබ ලකුණක් යැයි
ඔබ තුටින්ද...?
නෑ...ඔබට වැරදීමක්
මේ මට ඔබව මහ හුඟාක්
ඕනෙම කරන දවස්...
ඔබ නැතුව ඔබ එක්ක
අරගල කරන දවස්...
ඔය පපුවෙ හිස තියා
දුක දිය කරන්නට හිතෙන දවස්...
හෙන වැදිච්ච හිතකට ඕනෙ
වදන් කුළුගෙඩි නොවන බව
ඔබ ඇත්තටම තාමත් දන්නෙ නැද්ද...?
හා...ඉතින්
ඔබ දැන් අසාවී මගෙන්
ආදරේ කියන්නේ
පාලු මකන එකටද...?
මගේ හැම වැඩේම නවත්තලා
ඔයාගේ දුක අහන එකටද..?
ඔයා හිතන්නේ ඔයාට වගේ
කාබාසිනියා කරන්න මට
කාලය තියෙනවා කියන එකද...?
අනේ...නෑ...
ආදරේ කියන්නේ ඔය
එක බම්බුවකටවත් නෙවෙයි
මගේ හැම දුකක් සතුටක් ළඟම
මට ඔයාව තිස්පැයේ මතක් වෙන එකට...
කොහේ කොතැනක නිදුකින් ඉන්නවාදැයි
නිරන්තර හිත විමසන එකට...
පුංචිම පුංචි මතක ටික
කප්පරක් සෙනෙහසින් හදවතේ
නිධන් කර විඳින විඳවන එකට...
කොටින්ම ආදරේ කියන්නේ
මතක් කරන්න තරම් දෙයක් නැතුවත්
මට ඔයාව අමතක නොවෙන කරුමය...
හරි..හරි..ඉතින්
මේ කිසිම දේකට ඔයා පලි නෑ තමයි
මොකද මට වගේ ඔයාට පිස්සු නෑනේ...
ඒ උනාට කමක් නෑ...
මම එකම එක දෙයක් අහන්නද.?
එකම එක දවසක්වත්
ඔයා මට ඇත්තටම ආදරේ කලාද...?
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
අන්නේකයි.. ඔහෙට පිස්සු කියල මං මක් කරන්නැයි?
ReplyDeleteඔන්න ඇත්තම කියුවා.. :) :D
ඒකනේ මගේ පිස්සු වලට කවුරුත් පලි නෑනේ
Deleteදැංද අහන්නෙ? කී පාරක් නං ආවද පස්සෙන් එකම එක පාරක්වත් ආදරෙයි කිව්වෙ නෑ...මට පිස්සු නෑ තමයි.දොස්තරත් කිව්ව ඔහේ ගැන හිතන්නැතුව හොදින් ඉන්ඩ කියල ඉස්පිරිතාලෙන් එන දවසෙ...අර කරුනාවන්ත නංගි කිව්ව...නෑ එක්කොත් ඔව්ව මොටද මං ගෙදර ආ බව දැන දැනත් බ්ලොග් එකේ කවි ලියන වෙලාවෙ කෝල් එකක්වත් දුන්නද?
ReplyDeleteදුක හිතෙන පෝස්ට් එකකට මෙහෙම හිනා යන කමෙන්ට් වැටෙන එකත් ලොකු දෙයක් ... ස්තූතියි ඒකටනම්
Deleteමොකක් ?
ReplyDeleteඇයි අප්පා.. එච්චරටම අවුල්ද... පුදුම වෙන්න තරම්
Deleteඅනේ මන්දා ස`දවතී, ඔයත් මේ අ`ඩන්න බලන් ඉන්න ඇස්වලට ඇ`ගිලි දහයෙන්ම අනින හැටි කිසිම අනුකම්පාවක් නැතිව...
ReplyDeleteඅනේ ඉතින් හිත රිදුනනම් සමාවෙන්න අක්කා...
Deleteබිසී වෙන්නැති සඳවතී..නැත්තං ලෙඩක් දුකක්ද කව්ද දන්නේ..ටැලිගරං කෑල්ලක්කත් එව්වේ නැතැයි.....😂
ReplyDeleteආකි ඔයා ...?
Deleteටෙලිග්‍රෑම් යවන කාලේ වගේනම් හිත හදාගන්නවත් තිබුනා.එක තප්පරෙන් ඕන දුරක් යා කරන්න පුලුවන් කම තියෙද්දිත් බිසී කියන එකට සමාව දෙන්න බෑ වගේ නේද ?
ඒකයෑ ඉතින් ...කාලෙකින්නේ මෙහෙ ආවේ ..කොහොමයි දුක සැප ?
දුක සැප නේ..මෙන්න මෙහෙමයි...:)
Deleteමිණි මිණි පොද වැටෙන ගොම්මන්
කලුවරක මැද
පාලු දෙනිපෙත උඩින් ඇහෙනවා
හුදකලා මොනරෙකුගෙ නද
ඈත පොල් රුප්පාව ඉහලින්
අවදිවුන තරු කැට
මුමුණමින් මොනවාද එබෙනවා
නොකියාම ගෙට
පෙමාතුර හිතක් මඟහැර
තනිකමේ හීගතුව මැද
නිදන්නට එපා අදත් වේලාසනම
මගෙ බිනර සඳ
ඒක හරි අපූරු පිලිතුරක් නොවැ...හැබැයි මට ප්‍රශ්නේ ඇයි තාමත් බිනරෙ ඉන්නෙ කියලා දුරුතු උනානම් මොකද මේක.කෝම හරි මේක ලස්සනයි පෝස්ට් එකක් විදියටත් දාන්නකෝ
Deleteසමහර කවි වල, කතා වල අපිව අපිට පේන එක නවත්තන්න පුළුවන්ද..
ReplyDeleteඒ වගෙ වේලාවට අපිට ඒ වචන ආයේ ආයෙත්ම කියවන්න බලකරන එකවත් එකම එක මොහොතකට නවත්තන්න පුළුවන් ද.....,,,
එහෙම වුනා නම් ....
මේ තරමට දුකක් නැතිවේවී....
බෑනේ.... බෑනේ සමහර කයි කතා අපේ ජීවිතේ කැඩපත වගේ...
Deleteමෙය කියවූ මටද - ලියන්නට සිතුනි කවියක් - පේලි යටින් පේලි තියෙන්න ලිව්වහම - ඒවා හොද කවි නේද
ReplyDeleteමම හොද කවි නොලියමි
Deleteමෙය කවියකුත් නොවෙති
මගේ සිතුවිලි පමනක් මෙහි ලියමි
ස්තූතියි