සඳට බැළුම් හෙලූ අය
Jan 16, 2019
සඳකිඳුරාණෙනී !
මාත්තු කල කඳුළක තෙත ඇස් අතරින් හෙලා
මතක් වෙන්න මතකය විතරක් තනියට තියා
එකම වරක් එක සුසුමක් ළයගිර මත හොවා
වාත්තු කල සෙනෙහස නුඹ අරගෙන දුර ගියා
අයිතිකාර කම් කියන්න අහිමි උනත් ලොවේ
වහන් කරන්නේ කෝමද වාං දමන සෙනේ
පමාවෙලා හමුවූ සඳකිඳුරාණෙනි මගේ
ආලවන්ත කම තියෙන්නෙ නුඹෙ ඔය ඇස් දෙකේ
දෙනෝදහක් නුවරුන් ඇස ගැටෙනා තනි මඟේ
නුඹෙ සෙනෙහස දෝරෙ ගියේ හද මැදළස දිගේ
පාත් කරන් දෙනෙත් පහන් මගාරින්නෙ කෙසේ
දීප දේස නොතකා නුඹ නැවතුනාම හිතේ
පසු සටහන - .......................................................................................
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

ලස්සන ගෙත්තමක් .
ReplyDelete"පමාවෙලා හමුවූ සඳකිඳුරාණෙනි මගේ
ආලවන්ත කම තියෙන්නෙ නුඹෙ ඔය ඇස් දෙකේ"
හ්ම්ම්ම් ඇස් වලට පෙම් බැඳීම ජීවිතේම අඩපණ කරන සුළුයි....
Deleteහයියෝ.. කලින් කියල තියන්න එපැයි..
ReplyDeleteපිස්සු හැදෙනවනේ 'සඳ'.. :) :D
කියන්න ඉතින් අහන්න එපැයි.....
ReplyDeleteකොහේ ඉදලද කඩා පාත් උනේ... ? බොහොම කාලෙකින්නේ දැක්කේ
Speechless
ReplyDeleteජේමා කාලි
ReplyDeleteහා ... හා
Deleteඅපූරුයි සඳූ. ගොඩක් කාලෙකට පස්සෙ එන්න ලැබුනෙ. .
ReplyDeleteජයවේවා!!!
ස්තූතී දුමී
Deleteඅඬන්න හිෙතනවා අප්පා....
ReplyDeleteඅඩමු ඔන්න ඔහෙ අක්කා
Delete'එකම වරක් එක සුසුමක් ළයගිර මත හොවා
ReplyDeleteවාත්තු කල සෙනෙහස නුඹ අරගෙන දුර ගියා'
හරිම ලස්සනයි♥️
ගොඩක් ස්තූතියි
DeleteHeda kaviyak.
ReplyDelete