සඳට බැළුම් හෙලූ අය

Jan 16, 2019

සඳකිඳුරාණෙනී !







මාත්තු කල කඳුළක තෙත ඇස් අතරින් හෙලා
මතක් වෙන්න මතකය විතරක් තනියට තියා
එකම වරක් එක සුසුමක් ළයගිර මත හොවා
වාත්තු කල සෙනෙහස නුඹ අරගෙන දුර ගියා

අයිතිකාර කම් කියන්න අහිමි උනත් ලොවේ
වහන් කරන්නේ කෝමද වාං දමන සෙනේ
පමාවෙලා හමුවූ සඳකිඳුරාණෙනි මගේ
ආලවන්ත කම තියෙන්නෙ නුඹෙ ඔය ඇස් දෙකේ

දෙනෝදහක් නුවරුන් ඇස ගැටෙනා තනි මඟේ
නුඹෙ සෙනෙහස දෝරෙ ගියේ හද මැදළස දිගේ
පාත් කරන් දෙනෙත් පහන් මගාරින්නෙ කෙසේ
දීප දේස නොතකා නුඹ නැවතුනාම හිතේ



පසු සටහන - .......................................................................................

14 comments:

  1. ලස්සන ගෙත්තමක් .

    "පමාවෙලා හමුවූ සඳකිඳුරාණෙනි මගේ
    ආලවන්ත කම තියෙන්නෙ නුඹෙ ඔය ඇස් දෙකේ"

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඇස් වලට පෙම් බැඳීම ජීවිතේම අඩපණ කරන සුළුයි....

      Delete
  2. හයියෝ.. කලින් කියල තියන්න එපැයි..

    පිස්සු හැදෙනවනේ 'සඳ'.. :) :D

    ReplyDelete
  3. කියන්න ඉතින් අහන්න එපැයි.....

    කොහේ ඉදලද කඩා පාත් උනේ... ? බොහොම කාලෙකින්නේ දැක්කේ

    ReplyDelete
  4. අපූරුයි සඳූ. ගොඩක් කාලෙකට පස්සෙ එන්න ලැබුනෙ. .
    ජයවේවා!!!

    ReplyDelete
  5. අඬන්න හිෙතනවා අප්පා....

    ReplyDelete
  6. 'එකම වරක් එක සුසුමක් ළයගිර මත හොවා
    වාත්තු කල සෙනෙහස නුඹ අරගෙන දුර ගියා'

    හරිම ලස්සනයි♥️

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...