මේ ගෙවෙන්නේ දුරුත්තේ සීතලම දවස්.මෙලහකටත් දුරුතු හඳ මිඳුල පුරා දිගේලි වෙලා ඇති.තරු කැට එක දෙක රෑ අහස පුරා සිත්තම් වෙනකොට තමයි රෑ අහස් චිත්‍රය ලස්සන වෙන්නෙ ..සම්පූර්ණ වෙන්නෙ.ඒත් දැන් ඉස්සර වගේ නෙවෙයි තනියම එළියට ගිහින් පාලුවේ ඉදගෙන මේ සීතල විඳින්න...කඩං වැටෙන තරු වලින් අහිංසක ප්‍රාර්ථනා ඉල්ලන්න ..රෑ අහස එක්ක හිනා වෙන්න මම බයයි.ඔව් මං දැන් මේ පාලුවට බයයි...තනිකමට බයයි.ඇයි ඒ විතරක්ද මං බයයි ඒ පාලුවට තනිකමට ඔයා එනවට.මං හැමදාමත් කියනවා වගේ ඔයා හඳක්...ඒ හඳ මගේ ඉස්සරහට ඇවිත් හුස්ම ගන්නව වගේ දැනෙනකොට මං කඩා වැටෙන තරම්.....
ඔයා මිරිඟුවක්...ඔව් පැහැදිලිවම නොපැහැදිලි මිරිඟුවක්....ඒත් ඔයාගෙන් ඈත් වෙන හැටි ඔයා ගැන නොහිතා ඉන්න හැටි තාමත් මට තේරෙන්නෙ නෑ.ඉස්සරහට තේරෙන එකකුත් නෑ.මට තේරුම් ගන්න ඕනෙත් නෑ.
කතා කරන ඇස් ගැන මම ඕන තරම් කවි කතා ගොතල ඇති.ඒත් හැබෑවටම මම එහෙම ඇස් දෙකක් දැක්කෙ ඔයාව දැක්ක මුල්ම දවසෙ.මම ගොඩක් උත්සහ කලා මුලු ජීවිත කාලෙම ඒක ඔයාට නොකිය රහසක් හැටියට තියාගන්න.ඒත් ඔය ඇස් ළඟ මම පරාද උන හැටි.ඇත්තමයි මට තිබුනා ඔයාට ආදරෙයි නොකියා ඉන්න.
ඉතිං ..මම දැන් බය නැතුව කියනවා මේ ලෝකෙ මම දකින්න ආසම ඇස් තියෙන්නෙ ඔයාට කියල.සමහරවිට තව ගොඩක් ඉස්සරහටවත් ඒක වෙනස් වෙන එකක් නෑ.අයිතිකර ගත්තහම ගොඩාක් දේවල් අහිමි වෙනව.ඒ නිසා ඔයාව මට අයිතිද කියල මං අහන්නෙ නෑ.හැබැයි හැමදාමත් මගේ හිත ඔයාගේ මතකෙන් පිරිල.ඔයා නොදැක්කට නොහිතුවට මං ඔයත් එක්කම සැරිසරනව.
මං මේ තරම් ආදරේ කරන ඇස් ඉදහිටකවත් මට දකින්න ලැබෙන්නෙ නෑ...අපි කවදාවත් මීට වඩා ළං වෙන එකකුත් නෑ...අසම්මතේ කියන්නේ මේ තරම් ගොරහැඩි රළු දෙයක් කියල අසම්මතේට පෙම් බැඳෙනකංම්ම මම දැනගෙන හිටියෙ නෑ.
මං වගේ නෙවෙයි ඔයා නිහඬයි ගොළුයි ...මගේ සිතුවිලි ළඟ ඔයාගේ සිතුවිලි නිදි.ඒත් මේ තරම් දුරින් ඉදගෙනත් මං හැම මොහොතකම ඔයාව කියවන්න උත්සහ කරනව.ඒක ලේසි නෑ .ඔයාගේ නිහඬවීම් ළඟ ඔයාගේ ප්‍රතික්ෂේප කිරීම් ළඟ ඔයාගේ නොසලකා හැරීම් ළඟ මං තව තවත් ඔයාටම බැඳෙනව.
ප්‍රේමයට තියෙන්නෙ ඉපදිම් විතරයි.ප්‍රේමය මරන්න බෑ... මැරෙන්නෙත් නෑ.ඉතින් ඔයාට හිතෙනවනම් මේ ප්‍රේමය මරන්න ඒක කවදාවත් වෙන්නෙ නෑ.ඔයා ආවත් නාවත් , කතා කලා නැතත් ඔය ඇස් කවදාවත්ම ආයේ මට දකින්න නොලැබුනත් මම ආදරෙයි... මම හැමදාමත් හිතින් ඔයා ළඟ....
ආදරය සමහර වෙලාවට අපිව ජීවත් කරවනවා . සමහර වෙන්වීම් වල වල දුක දන්නේනේ කාලයක් ගියාම , ඒක පෑරුණ තුවාලෙට ඉදිකටු වලින් අනිනවා වගේ දෙයක් නේද කියල මට හිතෙනවා
ReplyDelete:(
හ්ම්ම්ම් ඒක නිසා තමා මට මෙන්නෙ මෙහෙම හිතෙන්නේ
Deleteඇහැරිච්ච ඇහි පියන් යට
සීතලට කඳුළක්ව මිඳුන
ප්‍රේමය මේ සා රිදුමක්ද
හදවතට...
රෑ පුරා නිදි වරන හිත
හීන කප්පරක් දකින
ඒ හීන මතම ජීවිතය විඳින - විඳවන
ප්‍රේමය මේ සා රිදුමක්ද
හදවතට...
තියුණු පිහි තුඩකින් හදවත සූරමින්
පාර පාරා වද දෙන
ප්‍රේමය මේ සා රිදුමක්ද
හදවතට....
නහර වැල් කකියමින් ලේ ගලන
ඇට මිඳුලු පවා විටෙක තිගැස්සෙන
ප්‍රේමය මේ සා රිදුමක්ද
හදවතට..
මේ ඇස් දිහා බලන්.. දැන්වත් කියන්න මගේ රත්තරන්… අපි අපේද කියලා.. :) :D
ReplyDeleteකතාවක් මතක් උනා ලස්සන ඇස් දෙකක් ගැන.. මේ ගැම්මටම ලියුවොත් ලියවෙයි.. බලමු. හෙහ්..
ඒ කතාව කියවලා ඇවිල්ලයි මේ කමෙන්ට් එක බැලුවෙත්.ඒකටනම් දුක හිතුනා අප්පා.
Deleteගෑනු ළමයිට දැනෙන විදිය හරි භයානකයි වගේ... හෙහ් හෙහ්...
ReplyDeleteඇයි අප්පා එච්චරම දරුණු වගේද
Delete"අයිතිකර ගත්තහම ගොඩාක් දේවල් අහිමි වෙනව".
ReplyDelete