සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Mar 28, 2019

හීනයක් කියන්නෙත් හීනෙකට !




ග්‍රීෂ්ම  සෘතුවක
විඩාබර හැන්දෑවක්..
පියෙන නොපියෙන
නෙතු ඉහත්තට
හීනයක්ව ඔබ ඇවිත්

එල්ලී වෙලී ඔය සුවැති
උර බාහුවක
මීඳුමෙන් පිරුණු හරි
ලස්සන පාරක
ඇත්තමයි මං උන්නෙ
සමනලියක් ගානට

මට කියන්න..
අපි ඒ ගියේ ප්‍රේමයේ
අනන්තයටමද...

මනමාල පාට ඔය ඇස් වල
හරි හරියට එල්ලිලා ඉන්න
මං බයක් දැනුනේම නෑ
ඒ මුලු හීනෙම

මෑත්කර අක්ඹබරු කෙහෙරොද
ගෙල බෙයද පාමුල
ඔබ තැබූ ඒ එකම හාදුව
තමයි මම හීනයෙන් ගැස්සිලා
ඇහැරෙන්න හේතුව

--------------------------------------------
" මම ඔයාව මේ දැන් හීනෙන් දැක්ක "

සිහි එලවා ගත් සැනින් මා ඔබට තැබූ කෙටි පණිවිඩය

ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්....

ඒ නිහඬ වෙන්නට සංඥාව

හ්ම්ම්ම්ම්...

සමහරවිට ඔබ ඒ හීනය
සම්පූර්ණ  කරනවා ඇති
ඈ සමඟ...
සැබෑවටම...

ඉතින් ,
නෑ දුක් ගන්න කාරණ
ඊරිසියා කරන්නවත්
කෝ කොහෙද අවසර
මේ තමා කොන්දේසි
විරහිත ප්‍රේමයක
ඔබට මට පොදු ඉරණම

7 comments:

  1. මුල ෆැන්ටසියෙන් පටං ගෙන අන්තිමේ අතරමං කළා. හරියට ක්ලැරන්ස්ගෙ "ඈත එපිට හිම කන්දෙන්..." වගේ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න සිංදුව අහලා එන්නම්....

      Delete
  2. ලස්සණට මවාගෙන ආපු සිත්තම එකපාරම බොද කරා කියහන්කෝ ............

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතින් මටත් හිතුනේ ඔහොමමයි

      Delete
  3. Yes Dreams are just dreams....Never try to realize them; After all they are only dreams

    ReplyDelete
    Replies
    1. ඔයානම් ඉතින් කියයි රවි මාමේ

      Delete
  4. හරිම සොඳුරු හීනයක්. හීනයට උඩින් තිබුන පින්තූරෙත් එක්ක මමත් ඒ හීනයේ ජීවත් උනා. මට නම් හීනෙකින් වත් හිතුනේ නෑ ඒ හීනය මේ විදිහට කෙලවර වෙයි කියලා :D

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.