සඳට බැළුම් හෙලූ අය

Mar 25, 2019

සිංහලෙන් කියනවද....Please !




මතක ඇතුව
බනිනකොට ඉංග්‍රීසියෙන් බනින්න
සිංහලෙන් බැන්නම
දුක වැඩී...

ආ...තව දෙයක්..

මතක ඇතුව ආදරෙයි කියනකොට
සිංහලෙන් කියන්න
ඉංග්‍රීසියට වැඩිය
පපුවට දැනෙනවා වැඩී..

15 comments:

  1. What is this? Do you think this is a poem? හැබැයි මේ සැහැල්ලෙ තියන ඇත්ත කෙලින් කියන ගතියට මං කැමතියි...

    ReplyDelete
    Replies
    1. කවුද අනේ මේවාට කවි කියන්නේ...මේවා මේ සිතුවිලි සිතුවිලි... කවි කියලා ලේබල් කලාට ගනන් ගන්න එපා...

      Delete

  2. අන්නේකයි රතන සාධූ කිවේ නෝ ඉන්ගිරිසි ෆෝර් පොඩි එවුන් කියල.....හාද....?

    ReplyDelete
    Replies
    1. ඒකනේ... පොඩි උන්ට මොන ඉන්ගිරිස්ද....

      Delete
  3. නොදුටු පෙම්වතා හෝ වතිය වෙත

    මතක ඇතුව ආදරෙයි කියනකොට එස් ඇම් එස් එකකින්
    ඉංග්‍රීසියෙන් කියන්න
    සිංහල පෙන්නේ නැති ෆෝන් එකක් නම්
    පපුවට දැනෙනවා වැඩී

    ReplyDelete
    Replies
    1. නොදුටු අයගෙන් එස් එම් එස් මොකටද අනේ... අනික සින්හල ඇප් එකක් දාගන්න බැරි ෆෝන් එකක් කොස් කොටන්නද... අප්ඩේට් වෙන්නකෝ හි හී

      Delete
  4. උපුල් දෙනෙත් බැල්මට මගෙ නෙත් තියලා
    පපු තුරුලටම තව පොඩ්ඩක් ලගින් වෙලා
    කොපුල් උනුහුමක හැගුමන් එක් කරලා
    පිපුනු සෙනෙහෙ පවසමි සිහලෙන් බැනලා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මො කාලෙකින් ඔයාගෙන් කවි කමෙන්ට් එකක්... ස්තූතියි දුමී ඒකටනම්

      Delete
  5. කියන දෙයක් වැල්ලේ ලිව් අකුරු වැනී,
    sms වුණත් ගතියක් නැතැයි පෙනී
    යද්දී, පරණ 'සෙනෙහේ කොළ' අගය දැනී
    කියමි ඒව 'ටජ් මහලක්' බැන්ද වැනී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමාට. මෙහෙ ආවටත් කමෙන්ට් කලාටත්...මමත් ඒ පැත්තේ ගිහින් පෝස්ට් දෙක තුනක්ම කියෙව්ව.

      Delete
  6. ඒක නම් ඇත්ත.

    ReplyDelete
  7. සොඳුරු සඳවතිය ගේ නිර්මාණ කවදත් හිත ඇද බැඳ ගත්තු ඒවා.මේකත් ඒව වගේ තමයි.හිතට දැනෙනවා.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...