සඳට බැළුම් හෙලූ අය

Jun 1, 2019

සුසානයට යන තෙක්ම මම ඔබ කෙරෙහි ප්‍රේමයෙනි !



 
ඉපැරැණි ම මතකයක
කොහේ හරි තැනක
ඔයා ඉන්'නැති මගේ
ජීවිතේ ළඟම

මඟ හරින්නට බැරුව
නැවතුනත් හිතම
දැන් ඉතින් කියන්නේ
 අපි අපෙන් දුරද

හරි හෙමින් ආව පෙම්
වසන්තය ළඟම
මේ තරම් රිදුම් ඇයි
මට කියන් සබඳ

අප අතර කිසිවක්ම
සිදු නොවූ ලෙසට
ඔයා මට කියන්නේ
නිහඬ වෙන ලෙසද

සුසුමකට සුසුමකින්
හුස්ම දුන් පසුව
අතාරින්නට උනොත්
මොන තරම් පව්ද

5 comments:

  1. "අප අතර කිසිවක්ම
    සිදු නොවූ ලෙසට
    ඔයා මට කියන්නේ
    නිහඬ වෙන ලෙසද"

    අම්මෝ .. මේ ටික ,,,,




    ඔයා මට තර්ජනය කරනවා ද ?

    ඒක්තරා විදියකින් ඔව් .

    ReplyDelete
  2. එබී බැලුවොත් හිතට
    පෙනෙනු ඇති ඔබට
    මේ කඳුළු සිත්තමට
    පණ දුන්නෙ කවුද

    ReplyDelete
  3. මතකය ඈත ඉපැරැණිව​,
    දෂක තුනට දෙකක් අඩුව,
    ගෙවී ඇතත් සදාතනිකව​,
    කොහේ හෝ නොව​,
    ලය පතුලේ අවලව​,
    සුසානයේ මා තුලව​,
    නිදන් ගනීයි ඇයම නොව​,
    එම​ මතක සටහන් සියළුව​.....

    ReplyDelete
  4. https://unmanthaka.blogspot.com/2018/07/blog-post.html

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...