සඳට බැළුම් හෙලූ අය

Sep 24, 2019

පෙම්වන්ත නොවූ පෙම්වත !


පලින් පල ලෙහී ඉහිරුණු
කඩමාලු අතීතෙක
මතක මැස්මක් දෙකක්
හැරුණු  කොට
දැන් ඉතින්
අල්ලා බදා ගන්නට
කිසිවක්ම නැති...

අනපේක්ෂිත  මොහොතක
අපේක්ෂිත හාදුවක
සුවඳ සුසුමින්
මන්මත්වීම
හදිසි අනතුරකැයි  සිතා
සලකුණු  මැකෙන තුරු
දරාගැනීමේ ලේපය ගැල්වීම
තමයි දැන් යුතු....

දකින්නට සිහින මැවීම
ඒ හීන සැබෑ කරගන්නට
වෙහෙසීම
මෙයින් මතු අත් හරින්නට
තීරණය කර ගත් බැවින්
ආදරෙයි  ආදරෙයි  කිය කියා
ඔබේ පසු පස යලි නො එල්ලෙමි
සත්තමයි
යලිදු කිසිදාක...


........................................

" ආදරේ තියෙන්නෙම
  අයිති නැති තැන් වල
  දුර ඉන්න කොටත්
 ළඟ වගේ දැනෙන එකට "

කවියොනම් කියන්නෙම ඔහොම
මල විකාර !  උන්ට පිස්සුද කොහෙද

ආදරේ කියන්නෙම ,
පොරොන්දු  දෙන එකට
එවා කඩල බිඳල දාන එකට
උන්නාද මැරිලාද හොයා
නොබලන එකට
දුකක වේදනාවකදි
අහක බලන එකට
මතක් උනත් අමතක උනා
වගේ ඉන්න එකට
කොටින්ම ආදරේ කියන්නේ
යාලු කමත් නැති වෙන එකට...

හා හා දැන් ඔබ කියාවි
ආයෙමත් ආදරේ බව
ඉතින් ආදරේ කියන්නෙම
ඔන්න ඕකට
ආයෙ ආයෙමත් රැවටෙන එකට ...

8 comments:

  1. ආදරේ තියෙන්නෙම අයිති නැති තැන් වල
    දුර ඉන්න කොටත් ළඟ වගේ දැනෙන එකට.

    ReplyDelete
  2. ඔන්න ඔන්න ආයෙත් කුරු කුරු ගානවා ...
    දවස් දෙකයි නේ කතා නොකළේ...
    (ඊට වැඩිද...මට මතක දවස් දෙකයි කියල ඒ තරමට ඔබ ලඟින් මම)
    ආදරෙයි නේන්නං ඇයි හිතන්නේ බොරු කියලද?
    ඔය තරහ බොරුවට නේද?
    පිළිගන්නවා නේද මගේ මේ ආදරය!!!

    ReplyDelete
  3. ඇති යාන්තං ලයිට් ආවා!
    රයිස් කුකර් එක වැඩ
    තව මිනිත්තු දහයයි
    බත් හැළිය රෙඩි.

    ආ රේඩියෝ එකේ සිංදුවකුත් යනවා වෙලාවටම.
    අමතක කොරලමු පෙරනි කතා ආ ආ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට තාම මහ වැස්ස නැවතිලා නෑ

      Delete
  4. ආදරේ තියෙන්නෙම
    අයිති නැති තැන් වල
    දුර ඉන්න කොටත්
    ළඟ වගේ දැනෙන එකට

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...