සඳට බැළුම් හෙලූ අය

Dec 24, 2019

මලකි මා... මලකි මා ඔබගේ !



 


( La Sara Photography )


දුරින් හිද ඇස් වලින්
හී විඳින බඹරාන
එපා සුසුමන් ඔහොම
ආදරේ වපුරාන

සීරුවට සීරුවට
හිත මත්තෙ වැහුවාම
කොහොම ඉන්නද සෙනේ
පපු මැද්දෙ හංගාන

මඟහරිමි  මඟහරිමි 
තුරුණු සමනොල රෑන
මලක් වෙමි පමාවී
නුඹට මුඳු සුව ගේන

4 comments:

  1. වචනෙන් වචනෙට ලස්සන කවි පෙළක් කියෙව්වෙ ගොඩක් දවසකින්. හරිම ලස්සනයි සඳවතී💜️

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ පැමිණීමටත් ඇගයීමටත්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...