සඳට බැළුම් හෙලූ අය

Sep 29, 2020

අවාසනාවන්ත ප්‍රේමය !






හිතෙන්නෙ නැද්ද ? මාව බලන්න
අඩුම තරමෙ වචනයක් කතා කරන්න
කටහඬ අහන්නවත්...
අපි අපිව නොදැක
වචනයක්වත් නොදොඩා ගෙවුනු කාලය
දින...සති...මාස..අවුරුදු....
ඔව් ඒක ඒ තරම්ම දීර්ඝ කාලයක්...

හැම සුරංගනා කතාවක්ම ඉවර උනේ
 ඊට පස්සෙ
ඒ ගොල්ලො හැමදාමත් සතුටින් ජීවත් උනා කියල
අපේ ආදරෙත් සුරංගනා  කතාවක් වගේ
පටන් ගන්නකොට මං හිටියෙ කොච්චර සතුටින්ද.....

නැතිවෙච්ච පලිඟු සපත්තුවත් අරන්
ගව් ගනන් දුර ගෙවාගෙන
සින්ඩරෙල්ලා හොයාගෙන
කුමාරයෙක් ආවට
සදාකාලික නින්දට වැටුණු නිදි කුමාරිව
අමරණීය හාද්දකින් ඇහැරවන්න
පුලුවන් කුමාරයෙක් ආවාට
එක්ටැම්ගෙයක  උන්නු රපුන්සල්
ළඟට යන්න තරම් නිර්භීත
කුමාරයෙක්  උන්නාට

ජීවිතේ කියන්නෙ සුරංගනා  කතාවක් නෙවෙයි කියල තේරුම් ගන්න
ඔයාට මංවත් මට ඔයාවත් අයිති නැති බව තේරුම් ගන්නම උනා....

ඔයාට ප්‍රේමණීය කුමාරයෙක්
වෙන්න බැරි නිසාම
මං තීරණය කලා තව දුරටත් අහිංසක
කුමාරියක් නොවෙන්න
ඔව්,
දැන් මං බාබයිගා යකින්න
අඩුම තරමෙ එතකොට බැරියෑ
මැජික් කොස්සෙ නැගල ඇවිත්වත්
ඔයාව දකින්න...




8 comments:

  1. හරිම ලස්සනයි.
    බාබයිගා යකින්න වෙලා වුනත් එයාව බලන්න ලැබෙන එක මොන තරම් වාසනාවක්ද!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...කියෙව්වට...කමෙන්ට් කලාට

      Delete
  2. සඳවතී...මට නොතේරේ හෙඩිම....!!!

    මැජික් කොස්සක් හරි හොයාගන්න ගට්ස් තියෙන ප්‍රේමයක් කොහොමෙයි අවාසනාවන්ත ...!!
    නොදැක ඉන්නෙකත් මරු ත්‍රිල් වැඩක්නේ ප්‍රේමවන්තයන්ට....!!

    චියර් අප් ගර්ල්.....!!!

    ReplyDelete
    Replies
    1. කොස්සෙ හම්බුනාට වැඩක් නෑ මං එතකොට යක්ශනියක්නේ කුමාරයෙක් කැමති වෙයිද එතෝට 😏නෑනේ නෑනේ ඉතින් අවාසනාවන්තයි තමා.

      Delete
    2. කොස්ස නැතත් එහෙමයි කියල කුමාරයා දන්නෙම නෑද ඈ...!!

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...