සඳට බැළුම් හෙලූ අය

Jul 25, 2021

මං හිනා වෙන්නද අඩන්නද ?

 





ආයෙමත් මට ආදරේ කරන්න

 එතකොට ඔයාට පුලුවන් 

ආයෙමත් කවි ලියන්න 

-----------------------------------------------

ඇත්ත තමයි

මං ලස්සනටම කවි ලිව්වෙ

අපි රණ්ඩු උන දවසට


හිඟන්නියක් වගේ මං ආදරේම 

ඉල්ල ඉල්ල පස්සෙන් වැටෙද්දි

ඔයා මට ගණන් උස්සපු දවසට


සති ගණන් මාව බ්ලොක්  කරල

ඔයා හිනාවුන දවසට

එකම එක වචනයක් අහන්න

මං වරු ගනන් බලන් උන්න  දවසට


" මට ආදරෙයි කියපං "


හිටි ගමන් ඇවිත් තර්ජණය කරපු දවසට

එකම එක තප්පරේකට මූණ ඉඹල

අත හැරිය දවසට


ඇත්තමයි 

මට කවි ලියවුනේම ඒ වගේ

පපුව හීරුන දවසට....

---------------------------------------------------------

" ආයෙමත් මට ආදරේ කරන්න "

---------------------------------------------------------


එදා තරම්වත් අද

ඔයාට පුලුවන්ද 

මාව දරාගන්න ?


ඉතින්,

ඔයාම කියන්න 

මං හිනා වෙන්නද

අඩන්නද ?


14 comments:

  1. හිනාවෙවී අඬන්න...!
    මේ වගේ ලියන්න...!
    හිනාවෙනවනං
    අඬනවනං
    මේ වගේ ලියනවනං,
    දරාගන්නම ඕනි බැරි උනත්....!!!

    ReplyDelete
    Replies
    1. මගේ මේ දුප්පත් බ්ලොග් එකට ඔබතුමා ඇවිත් කියවලා කමෙන්ට් එකකුත් දාලා යන එකනම් සතුටක්...ස්තූතියි

      Delete
    2. මාගලක් වගේ මෙලෝ රහක් නැති මෙන්ටල් කතාවක්වත් ලියනෝද කියල කම්පනා කොලේ....කවි නං කෝමත් බැරි නිසා....🤔

      Delete
  2. මාර 'දුප්පත් බ්ලොග'....
    ඇයි ඉන්කම් ටැක්ස් එකෙං අල්ලගනියි කියල හිතුනද.
    අර උඩිං කොමෙන්ට් කරපු ලොකු සර් දැන් (නොතේරෙන) කවි ලියන්නෙත් නෑ, කතාවක්, රෙසිපියක් ම්හු මොකුත්ම නෑ. හොරාම වෙලා.


    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. දුප්පත් කිව්වෙ ඉතින් මෙලෝරහක් නෑ වගේ නිසා.ඒකනේ යාන්තං කමෙන්ට් එකක් දෙකක් වැටෙන්නේ.ඒක නම් ඇත්ත ඒ ලොකු සර් දැන් තවත් ලොකු වෙලාද කොහෙද ඒ නිසා හෙන ගනන් වගේ 😉 කොහොමත් දැන් ගොඩාක් අයගෙ බ්ලොග් පාලුවට ගිහින්.

      Delete
    2. හැට්ටර්....මැල්ලුම් නං ලියනව හෝ ගාල මේ දවස්වල, අනික දැන් නොතේරෙන්න කවි ලියන්නත් නොතේරේ....🤣

      Delete
    3. ඒ උනාට නොතේරෙන කයි නොතේරි හරි ලිව්වනම් තමා වටින්නේ ආකී

      Delete
    4. අඩේ කොළ මැල්ලුමක් හැදුවේ නෑ නේ කාලෙකින්.
      මේ දවස්වල මුංඇට මැල්ලුමම තමා හැදුවේ.
      තැන්කිව් ලොකු සර් මතක් කොලාට.

      ජයවේවා!
      Myself Hattor

      Delete
  3. ඈති යන්තම් ආපහු සඳවතී ලියනවා. අනේ දිගටම ලියන්නකො.හරිම රහයි. ඔයාගේ කවි. පහු ගියේ ටිකේ හරිම පාලුවෙන් හිටියෙ කවියක්වත් නැතුව. ආ අමතක උනා. අර කලින් පොස්ට් එකේ කියල තිබුණු විදියට කතාවකුත් ලිව්ව නම් නියමයි. ලියන්න හොඳේ.

    ReplyDelete
    Replies
    1. ආපහු කිව්වට ඉතින් අනේ මංදා කොයි වෙලේ සඳ රාහු ගිලීද කියලා.කොහොමත් උනත් මෙහෙ ඇවිත් කියවලා යන එකට ස්තූතියි

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...