" අතීතය කියන්නෙ මහ,සයුරක්නම් සිදුවීම් රළ පහරවල් වගේ නිරන්තරයෙන් සිප ගන්නවා මගේ හිත.ඔබට මෙය නොවැටහෙන බව මම දනිමි.මම ඔබ නිසා නිරන්තරයෙන් වේදනා විඳිමි......"
" මට ආදරේ කරන්නටයැයි මම ඔබට බල නොකරමි.එහෙත් මගතොට හමුවන විටකදි යාන්තම් ලෙංගතු සිනාවක් පාන්නට තරම්වත් ඔබ මට කාරුණික නොවන්නේ ඇයි...? "
ඇස් පියන් කොනිහ කොනිහ කඳුළක් වැටෙන්න අර අදිද්දි මං ඉක්මනින් ඒ කියවීමෙන් ඇස් අහකට ගත්ත.එහෙම නොවුනනම් අදත් ඒ ලියුමට අලුතින් කඳුළක් වැටිල තවත් අකුරක් දෙකක් බොඳවෙන්න ඉඩ තිබුන.ඇත්තටම මේ ලියුමෙ සමහර තැන් මං කියවන්නෙ කට පාඩමින් අවුරුදු විසිපහක් තිස්සෙ මගේ කඳුළු වලට , මගේ දෑත් වලට දස දහස් වතාවකට වඩා නවන දිගහරින පාරවල් වලට සමහර වචන දියවෙලා... බොඳවෙලා... වියැකිලා...
ඒත් ඔයා දන්නවද නිසල්....
අවුරුදු පහළොවක පුංචි හිරිමල් කෙල්ලකව මේ ලියුම කියවපු මුල්ම වතාවෙදි වගේම මේ දැනුත් මගේ පපුව හිරකරනව...ඇස් වලට කඳුළු පිරෙනව..දහ දොළොස් වතාවකට විතර කියවීම නවත්ත නවත්ත කඳුළු පිහ පිහ මිසක් එදා වගේම අදත් මට මේක එක හුස්මට කියවගන්න බෑ.මං දැන් අවුරුදු හතලිහක මග ගෑනියෙක් නිසල්...ඉතිං ඔයාට දැනෙනවද අවුරුදුම විසිපහකට කලින් එදා මට දැනුන හැඟීම්..? එදා ඒ පුංචි හිතට දැනුන මහ විසල් ආදරේ තමයි මාව ඔයාගෙ ඔය දුඹුරු පාට අකීකරු ඇස් ගාව නතර කලේ.මේ ඔයා මට දීපු පළවෙනි පෙම් හසුන නෙවෙයි.මීට කලින් සැරින් සැරේ විවිධ ක්‍රම වලින් මගේ අතට පත්කරපු පෙම් හසුන් ගනණාවක්ම මං බොහොම නිර්ධය විදියට නොකියවාම ප්‍රතික්ශේප කලා.ඒත් ඔයා පරාජය බාරගත්තෙ නෑ.
ඉතින් ඒ නිසාම මට පරාද වෙන්න උනා.ඔයාගෙ වදෙන් බේරෙන්න බැරිම තැන පොතක පිට කවරයක් අස්සෙ හංගගෙන ගෙදර ගෙනාව ලියුම මං දිග ඇරියෙ මහ රෑක ඒ පොතේම පිටු අස්සෙ හංගගෙන.
ලස්සන රෝස පාට කොළයක නිල් පාට තීන්තෙන් ලියල තිබුණ ඒ හීන් දිගැටි ඉලන්දාරි අකුරු වලට කියවන්න කලින්ම මං වශීවුනා.ඔයා දන්නවද අදටත් ඒ අත් අකුරු තරම් ලස්සන අකුරු මම වෙන කොහෙදිවත් දැකල නෑ.ඔව් ඔයාට තරම් ලස්සනට ලියවෙන අත් අකුරු දැන් තියෙන සිංහල ෆොන්ට් වල මිසක් වෙන කොහෙවත් නෑ. ඒ පිරුණු දිගැටි අකුරු වලින් කවියක් වගේ ගලපපු ඔයාගෙ හිත ලෝකෙ තියෙන හැඟීම්බරම වචන වලින් කියවද්දි අධි සංවේදි සමනළ කෙල්ලකගෙ හිත කුලුදුල් ප්‍රේමයකින් හිරිවැටුණ.
" නිතර ඔබේ නෙත මා වෙත හෙලනා
අහංකාර බැල්මේ
රිදුම් දුන්නත් මසිත තවමත්
ඔබට පමණයි ආදරේ "
ඉතින් අවුරුදුම විසිපහකට පස්සෙත් ඒ කුලුදුල් ආදර හසුන නැවත නැවත කියව කියව දුක් ගන්න තමන්ගෙ දෛවයේ ලියල තියෙන බව නොදැන ඒ අහංකාර බාලිකාව දඩබ්බර ඉලන්දාරි හිතකට ආදරෙයි කිව්ව.
~~~~~~~~~
මීඳුම ගලන මහ පාන්දරක
හීතල හිම බිංදුවක් එක්ක
ඔබ කඩා වැටෙන්න
මගේ හිත මත්තට
ආදරෙත් මහ හුඟාක් අරගෙන....
පිංතූරය දැක්කම මේ දවස් වල ප්‍රසිද්ධ ෆොගෙට් මී නොට් මතක් වුණා. ඒ්කත් මේ වගේ ලියමන් වලිං දිගෑරෙන්නෙ. කියව්වද.
ReplyDeleteසටහනට නං මොනව ලියන්නද මංද.
ඔව් ඔයාට තරම් ලස්සනට ලියවෙන අත් අකුරු දැන් තියෙන සිංහල ෆොන්ට් වල මිසක් වෙන කොහෙවත් නෑ. ඒ පිරුණු දිගැටි අකුරු වලින් කවියක් වගේ ගලපපු ඔයාගෙ හිත ලෝකෙ තියෙන හැඟීම්බරම වචන වලින් කියවද්දි අධි සංවේදි සමනළ කෙල්ලකගෙ හිත කුලුදුල් ප්‍රේමයකින් හිරිවැටුණ.//
කවුරු අපට මෙහෙම කියන්නද. බිකෝස් අපෙ අකුරු බල්ලෙක්ට කියවන්න බෑ. ඔව් ඉතිං මිනිස්සුන්ට පුළුවං. 🤭🤭🙈🙈🙈
නෑනේ ඒක තාම කියවන්න බැරිඋනා .බුක්ෆෙයා එකේ තිබුනෙ නෑ ගන්න.දැන් බුකියෙ තියෙන,ඒවා කියවලම උද්දාමය ගිහින් තියෙන්නෙ.ඒත් කියවන්න ඕනේ තාම අර ගන්න බැරි උනා.ඔව් අප්පා එහෙම අකුරු තීනවා අමතක කරන්න බැරි.🤗
Deleteමහ මෙරක් තරම් පිරිච්ච ආදරේ අරන්
ReplyDeleteරහ ගොඩක්ම දැවටි දැවටි මතකයන් දරන්
අහන්න මගෙ හිතේ හැඟුම් මනාවට පෙරන්
ඇහැ රතුවෙයි නිතර නිතර ඔබව සිහි කරන්...
ලස්සනයි සඳූ
ජයවේවා
ස්තූතියි දුමී...❤
Deleteහීන් දිගැටි ඉලන්දාරි අකුරු!!
ReplyDeleteහ්ම්ම්!
ඒවා උගේම කියල ෂුවර්ද?
ඒයි මචෝ හැට්ට්‍රා වැඩක් තියේ කරලා දියං කිව්වම නොකර බෑ නේ.
මම ඉස්කෝලෙ යනකාලෙ ෆ්‍රෙන්ලට ලියුං ලියල දීල ඇති අනන්තවත්.
වෙලාවක් තිබ්බොත් පොඩි පොස්ට් එකක් දාන්නං.
ජයවේවා!
Myself Hattor
(සොරි, උදේම මේකා වැඩේ කෑව කියල හිතෙනං මේක මකල දාන්ඩ.)
මෙව්ව ඉතින් මේ සහසුද්දෙන්ම මගෙම මටම උන කතන්දර නෙවෙයිනෙ.හැබැයි ඉතින් බොහෝවෙලාවට නිමිත්ත මගේ ජිවිතේට උන පොඩිම හරි දේකට සම්භන්ධ වෙන්න පුලාං.එව්ව මං ඉතින් ආල වට්ටෝරු දාලා පත අට එකට සින්දෝනවා.මේත් එහෙම නිමිත්තක් තමා.මාස ගානක් පස්සෙන් ආව කොලු ගැටයෙක් ලියුම් තුන හතරක් දුන්නා මං පුංචි පැංචි සංදියෙ.මං ඉතින් ඒකාව තඹේකට මායිම් කලේ නෑ.හැබැයි එක ලියුමක් කියෙව්ව.අකුරු කියන්නෙ නිකං වාත්තු කලා වගේ තමා.ඒකත් ආයෙ රිටන් කලා . ඒකා වෙන අතක් බලා ගත්තා.අකුරු එයාගෙමද කියල දල්ලෑ ඉතින්.🤗🤗
Deleteහපෝයි! දෙයියනේ අසරණ කොලු ගැටයා. ඒකා වෙන අතක් බලා ගන්නෙ නැතුව, ආයෙ ගඟේ පනින්නයෑ?😂🤣
Deleteඒකනේ උන්දැට පිස්සුයැ මගේ ආඩම්බර බලන්න 😀
Deleteමේවා හරි දුක හිතෙන කතා අනේ
ReplyDeleteසීතල දිය තලාවේ දුරුතු මහේ, සීතල හිම පිපෙන සැන්දවේ, ඔබයි මමයි, සඳයි රැයයි තනිවෙලා (අතීතයන් ඇහුන ගීතයක්)
මම විජේබාහු
ස්තූතියි මෙහෙ ආවට
Deleteබොහෝම රහ ලියවිල්ල, මබ කතාව ආපස්සෙන්, ආපස්සටත් ඉදිරියටත් දෝලනය කරපු ලස්සන බොහෝම අලංකාරයි. ජය!
ReplyDeleteස්තූතියි ගල්මලේ...
Deleteඔය ඉලන්දෑරි කියන ෆොන්ට් එක එවන්න බැරිද? හැක්..
ReplyDeleteඅගෙයි කතාව
හෙ හේ ඒක මේ මං විසින් ඒ අකුරු මතක් වෙලා දා ගත්ත නමක් 😀 මොනා උනත් මාර ලස්සන අකුරු
Deleteඒ ලියවිල්ලනං හරිම රහයි ❤️
ReplyDeleteස්තූතියි ස්තූතියි 🤗
Deleteරසවත් කතාවක්.
ReplyDeleteගොඩක් ස්තූතියි ඔයාට්
Deleteඔයාගේ වුනා හෝ නොවුනා මේක දැම්මට පස්සේ එක ප්‍රබන්ධයක්. රසවත්
ReplyDeleteඔව් ඒකනේ..ස්තූතියි අයියේ
Deleteමා පසුකරමින් පිය නැගුවට නාදුනනා ලෙස
ReplyDeleteමතක නැතිද පෙර අතීතේ කදුලින් නිමවුන
හැම දින ඔබ මා හමුවුවට පාසල අද්දර
පාසල් කාලය නෙමෙයි අපේ හදවත් ලංකළ......
කොළොම්පුරේ අසංග
හ්ම්ම් සොඳුරු සමය...
Delete++++++++
ReplyDeleteස්තූතියි
Deleteසාමාන්නයෙන් කොල්ලන්ගෙ අකුරැ වස කැතයි 😁. මගෙනං ගන්ට දෙයක් නැ.
ReplyDeleteමේක ප්‍රබන්දයක්ද. සිරා කතාවක්නං... උන්දැ වෙන කෙල්ලෙකටවක් කියල ලියෝගත්ත වෙන්ට බැයිද 😁
ඒක දල්ලෑ බම් 😀 ලියුම් හතරක් ලැබුනා තුනක් නොකියවා රිටන් කලා.එකක් කියෙව්ව.මුතුකැට වගේ බෝල අකුරු නෙවෙයි ඇදේට දිගටියට ලියපු ලස්සන අකුරු.ඒ ටික ඇත්ත එතන ඉදන් මට හිතෙන මැවෙන එව්ව තමා මේ ලියල තියෙන්නෙ.
Deleteමගේ වයස අමතක කල
ReplyDeleteඔබේ අකුරු!
රහයි!
මේ කමෙන්ට් එකත් පස්සෙ තමා හොයාගත්තෙ
Delete