ගල්කිස්ස වෙරළ තීරය දිගේ ලා අඳුර මෝඳු වෙනකොට බටහිර අහස කෙලවරින් ගිනියම් වෙච්ච ඉර තව තප්පර ගානකින් මහ මුහුදෙ ගිලෙන්න මඟ බලාගෙන උන්න.ඉරේ අන්තිම රැස් කැරැල්ලත් මූදු වතුර සිපගන්න ඒ මොහොතෙ බටහිර අහස් අනන්තයේ මැවෙන සිතුවම මොන තරම් විචිත්රද... දනුක හැමදාමත් ඒ සිතුවමට ප්රේම කලා...ගිනිබෝලයක් වගේ රතු වෙච්ච ඉර වටේ අහස ඒ වෙලාවට සැරසෙන්නෙ ලෝකෙ තියෙන ලස්සනම පාට වලින් හැඩ වෙලා.වෙනදට නම් දනුක අතින් මෙහෙම වෙලාවට අනන්තවත් කවි ගී ලියවෙනව. ඒත් අද එහෙම දවසක් නෙවෙයි.සමහර විට අදින් පස්සෙ දනුක ආයෙ කවමදාවත් මේ වෙරළට එන එකකුත් නෑ.
වෙරළට අඳුර එද්දි ...ඉර රක්තවර්ණ වෙද්දි ...අහස ලා දම්පාට වෙද්දි...මුහුදු හුළඟ එන්න එන්නම සීතල වෙද්දි ධනුක උන්නෙ ඒ හැටි සිහිකල්පනාවකින් නෙවෙයි.ඒ වෙනකොට ඉවර වෙච්ච බියර් කෑන් හතරක්ම දනුකගෙ පය පාමුල විසිරිලා තිබුන.ඇඟිලි අතර හිරවෙලා තිබුන සිගරට් එක පිච්චිල පිච්චිලා අන්තිමට ඇවිත් දනුකගෙ ඇඟිල්ලත් පිච්චෙන්න ඔන්න මෙන්න ඒත් එයාට ගානක්වත් නෑ.ගල්කිස්ස මහ හෝටලය පාමුලට වෙන්න රේල්පාර ආසන්නයේම ගල්තලාවට වෙලා උන්නු දනුකගෙ ඇස් තිබුනෙම හෝටලේ දිහාට එල්ල වෙලා.හැන්දෑවේ හත පහුවෙලා හරියටම විනාඩි දෙකක් පහුවුනා විතරයි ගල්කිස්ස හෝටලේට ඉහලින් අහස සිසාරා එක දිගට මල් වෙඩි පත්තුවුනා.හදිසියේම ඇස් විශ්මයෙන් වශී කරපු ඒ අයස්කාන්ත දර්ශනය දිහා හැමෝම ආසාවෙන් බලන් ඉද්දි දනුකගෙ ඇස් වලට විතරක් කඳුළු ඉනුව.මල් වෙඩි වගේ එයාගෙ හිතත් පට පට ගාල පුපුරන්න ගත්ත. ඉදගෙන උන්න තැනින් දනිපනි ගාලා නැගිටින්න හැදුවත් දෙපාවලට වාරු තිබුනෙ නෑ.උත්සහ කරන හැම පාරම දනුකව වාරු නැතුව වැටෙන්න ගියා.අන්තිමට උත්සහය අත ඇරල ගල්තලාවෙ වැතිරිලා දනුක මහා හයියෙන් ඉකිගැහුව.
මන්දාරා.....
අතේ තිබුනු බියර් කෑන් එක කිටි කිටියෙ අත් වලට හිර කර ගන්න ගමන් දනුක මහා හයියෙන් කෑ ගැහුව.මන්දාරා... දනුකගේ සදාකාලික ප්රේමය අද සදහටම වෙන කෙනෙකුගේ වෙන නැකතට දැල්වුන මල් වෙඩි දනුකගෙයි මන්දාරගෙයි ආදර කතාවම ගිනිබත් කලා. දනුකට මන්දාරාව මුල් වරට මුණගැහෙන්නෙ මේ වෙරළ තීරයේදි මේ ගල්පරය ළගදිමයි.අද මන්දාරා වෙන කෙනෙකුගෙ වෙලා පෝරුවට නගින්නෙත් ඒ වෙරළ සීමාවෙම ප්රපාතවත්ව නැගී ඉන්න ගල්කිස්ස මහ හෝටලේදිමයි.
දනුක...මචං ..උඹ පිස්සුනම් නටන්න ලෑස්ති දෙන්න එපා කියල යාලුවො කොච්චර අවවාද කලත් ඒ හැමෝවම මඟහැරල දනුක මෙතන්ට ආවේ මේ වේදනාවෙන් පපුව පුච්ච ගන්නමයි.ගොඩාක් ඉස්සර ඉදලම දනුක මේ වෙරළට අසීමාන්තිකව ආදරේ කලා.එයා මේ ලෝකෙන් වැඩියෙන්ම ආස කරපු තැන මේ වෙරළ.ජිවිතේට මහා දුකක් දැනෙන වෙලාවට වගේම සතුටක් සැනසීමක් දැනෙන වෙලාවට පවා මේ වෙරළේ ගල් පරයක හුදකලාවම වාඩි වෙලා ජීවිතේ විඳින විඳවන එක දනුකගෙ පුරුද්දක්.
* * * * * * * *
ඉතින් එදාත් එහෙම දවසක්..ඔව් මීට හරියටම අවුරුද්දකුත් මාස අටකුත් දවස් දාහතරකට කලින් දවසක දනුක උන්නෙත් අද මේ ඉන්න ගල්තලාවෙ වාඩි වෙලා හුදකලාවම බිඳෙන විසිරෙන රැළි දිහා බලාගෙන. එක පාරටම කොහේදො ඉදල දුවගෙන ආව සුදුම සුදු පුලුන් බෝලයක් වගේ පුංචි පොමනේරියන් බලු පැටියෙක් දනුකගෙ දෙපා අතර හැංගිලා ගුලි උනා.දිවත් එලියට දාගෙන මහා සද්දෙට හුස්ම ගන්න බලු පැටියව දනුක හිමිහිට ඔඩොක්කුවට අරන් ඔලුව අතගෑවා.
සින්...ඩීඊඊඊඊඊ....
එක පාරටම ඇහුන ඒ උස් කටහඬට බලු පැටිය විතරක් නෙවෙයි දනුකවත් සසල වුනා.ඒ සසල වීම විශ්මයක් උනේ ඒ හඬ ආපු දිහාට ඇස් හැරෙව්වම.බලු පැටිය වගේම හති දදා දනුකට අඩි තුන හතරක් එහාට වෙන්න හිටියෙ සුරංගනාවියක් වගේ ගෑනු ළමයෙක්.රැළි රැළි කොට සායයි මූදු හුළඟ එක්ක හරි හරියට දඟ දාන කැරලි කැරලි කොණ්ඩෙයි.ඒ සුදු මූණයි හයියෙන් උස්පහත් වෙන ළැමයි ජීවිතේ පලවෙනි වතාවට දනුකගෙ හිතට මොන මොනවාදෝ කලා.
අනේ....සින්...ඩී....එන්නකෝ...
ආයෙත් ඒ කිංකිණි හඬ නැගෙන බිඳෙන රලක් වගේ උස් පහත් වෙවී ඇවිත් දනුකගෙ පපුවෙම වැදුන.ඇත්දල පාට සිහින් පය'ගිලි රළු ගල් පර උඩ ලතාවට තිය තිය ඈ දනුක ළඟටම ආවා. දනුකගෙ අත් අස්සෙ ගුලිවෙලා උන්න සින්ඩි ඇගේ දෝතට මාරු උනේ ජිවිතේ කවරදාවත් මීට කලින් නොවිඳපු සුවදක් දනුකගෙ ජීවිතේට එක්කාසු කරල.
Thanks….
ඇය දනුකගෙ මූණ දිහා බලල එහෙම කිව්වත් දනුකට නම් එකම එක වචනයක්වත් කියාගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.ආව වගේම ලතාවට ඈ බලු පැටියවත් තුරුලු කරගෙන ගලින් ගලට මාරු වෙවී වෙරළට පාවුනා. දනුක ඒ සුන්දරත්වය ඈතට ඈතට නොපෙනී යනකම්ම ඇස් දල්වගෙන බලන් හිටිය.
ඊට පස්සෙ උදා වෙච්ච හැම දවසක්ම දනුක උන්නෙ බලාපොරොත්තුවේ ඇස් ගල්කිස්ස වෙරළ තීරයේ දිගේලි කරල.ඉස්සරහින් මහා සාගරෙයි වම් අත පැත්තෙන් ගල්කිස්ස මහ හෝටලෙයි අනිත් අත පැත්තෙ වෙරළ තීරයයි විතරක්ම ජීවිතේ සිතුවම කර ගත්ත දනුකගෙ චිත්ර පොතේ සුරංගනාවියන් වගේ යුවතියක් පුංචි බලු පැටියෙක් අතින් අල්ලන් වෙරළ දිගේ දුවන සිතුවමක් හරි අපූරුවට සිත්තම් වුනා. හැමදාම නොවුනත් සතියට දවසක් හෝ දෙකක් දනුකගේ ඒ සිතුවමේ සුරංඟනාවි ජීවමානව වෙරළ දිගේ ඇවිදන් ආව.මුලින් මුලින් අහම්බෙන් දැක්ක වගේ විශ්මයෙන් බලල දන්න අඳුනන කෙනෙක් එක්ක වගේ හිනා වෙන එක... ඊට පස්සෙ පස්සෙ වචනයක් දෙකක් හුවමාරු කර ගන්න එක... ඊටත් පස්සෙ එකම ගල් තලාවේ දෙපැත්තෙ වාඩි වෙලා ජීවිතේ බොහෝ දෙවල් කතාවෙන් හුවමාරු කර ගන්න තැනට එන්න දෙන්නටම ඒ හැටි කාලයක් ගියේ නෑ.
මං ආදරෙයි....
දනුක එහෙම කියද්දි මන්දරාගේ ඇස් දිළිසුනා.හරියට එයා ඒක බලාපොරොත්තුවෙන් හිටිය වගේ. ඒත් මන්දාරා මුවින් කිසිම දෙයක් කිව්වෙ නෑ.උන්නු තැනින් නැගිටලා ඇවිත් දනුක වාඩි වෙලා හිටපු තැනින්ම වාඩි උනා. දනුක හිමිහිට ළං වෙලා මන්දාරගෙ අතකින් අල්ල ගත්ත.ඒ ඇස් වලින් වැටුණු කඳුළක් දනුකගෙ ඇඟිලි උඩට වැටුණ. ඒ සුදු මූණෙ පැත්තක්ම වහගෙන හිටපු කැරළි කොණ්ඩෙ කන පිටිපස්සෙ හංගල දනුක මන්දාරාව තමන්ගෙ උරහිසට වාරු කර ගත්ත.
* * * * *
මචං දනුක උඹ දන්නවද මන්දාරා කාගේ කවුද කියල
දවසක් යාලුවෙක් එහෙම අහද්දි දනුක නිරුත්තර උනා.මන්දාරා ගැන මිසක් එයාගේ පවුලෙ තොරතුරු කිසි දෙයක් ඒ වෙනකොට දනුක දැනගෙන උන්නෙ නෑ.මන්දාරා එහෙම කියපු බවක්වත් මතකෙට ආවේ නෑ.
ඒකි ඉද්දමල්ගොඩගෙ එකම දුව
දනුක එහෙමම ගල් ගැහුන. මොන ඉද්දමල්ගොඩද කියල අහන්නවත් දනුකගේ මුව ඇරුනෙ නෑ.අනික එහෙම අහන්න වැඩකුත් නෑ. මුලු ලංකාවේම ප්රසිද්ධ බිස්නස් කාරයෙක්.සද්ගුණවත් ධානපතියෙක්, මැරයෙක් ඉද්දමල්ගොඩ නම ඉස්සරහින් බොහෝ විශේෂණ පද තිබුන.එයාගේ එකම දුව මන්දාරා.... දනුක සීතල උනා. බුද්ධිය කිව්වෙම ආපහු හැරියං හැරියං කියල. දනුකව විතරක් නෙවෙයි ඒ නම ගෑවිච්ච ගෑවිච්ච කෙනෙකුට ඉද්දමල්ගොඩගෙන් ගැලවිල්ලක් නැති බව දනුක දැනගෙන හිටිය. ඒත් හදවත තිබුනෙ ඒ ඇත්ත පිලිගන්න පුලුවන් තැනක නෙවෙයි.
හා පැටියෙක් මුවැත්තියක් වගේ අහිංසක ඒ සරළ කෙල්ල ඉද්දමල්ගොඩගෙ දුව කියල පිලිගන්න හිත ඉඩ දුන්නෙම නෑ.එහෙම පිලිගත්තා උනත් ඒ ආදරේ අතඇරල බයේ පස්සට යන්න දනුක සූදනම් නෑ.
මට ඔයා නැතුව බෑ
මන්දාරා දනුකට එහෙම කිව්ව.
ඒ නිල් ඇස් වලින් කඳුළු කැට කඩන් වැටුන.ගල්කිස්ස වෙරළ ඒ කඳුළු රැලි අස්සෙ හංගගෙන ඈතට අරන් ගියා.
මොනම හේතුවකටවත් මගෙන් ඈත් වෙන්න එපා....
දනුක එහෙම කිව්වට මන්දාරා එහෙම පොරොන්දුවක් උනේ නෑ. දනුකගෙ බෙල්ල බදාගෙන පපුවට හේත්තු උනා විතරයි. කාලය හරි ඉක්මනට ගතවුනා. දනුකගෙයි මන්දාරගෙයි ආදරේත් ඒ තරමටම වැඩුන.පුලු පුලුවන් වෙලාවට මන්දාරා දනුකව හොයන් ආවා. ඒ ආදරේ හැම රහසක්ම දැනගෙන හිටියෙ ගල්කිස්ස මුහුද විතරමයි.
දනුකට ඕන ඕන වෙලාවට මන්දාරා එක්ක කතා කරන්න හිතෙන හිතෙන වෙලාවට මුණගැහෙන්න යන්න කවදාවත්ම පුලුවන් කමක් තිබුනෙ නෑ.ඇය කතා කරනකංම දනුකට ඉවසන්න උනා.ඇය එනකන්ම දනුකට බලන් ඉන්න උනා.ඒත් ආදරේ වෙනස් උනේ නෑ.ඉඳහිට එන මැසේජ් එකක්, විනාඩියක දෙකක කළබල කෝල් එකක්,වෙරළ කොනේ සුන්දර හමුවීමක් වෙනුවෙන් දනුක ඒ වයසෙ තරුණ හිතකට හිතන්නවත් බැරි තරම් ඉවසීමකින් සංයමයකින් බලා හිටිය.දනුකගෙ ජීවිතාශාව දැල්වුනේම මන්දාරා කියන බලාපොරොත්තුව වෙනුවෙන්.ඒත් ඒ බලාපොරොත්තුවට මහා ලොකු ආයු කාලයක් නෑ කියල දනුකගෙ බුද්ධියට නොවැහැටුනා නොවෙයි.ඒත් බුද්ධිය ඒක මතක් කරල දෙන හැම පාරකම හදවත ඒක නොතේරෙනව වගේ මඟහැරිය.
* * * * *
ඉතින් දවසක් ඒ පණිවිඩය අරගෙන කෙනෙක් ආවා.වෙනද වගේම දනුක හිටියෙ කොයි මොහොතක හරි මන්දාරාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් වෙරළ කොනේ ගල් බැම්මට වෙලා.ඒත් එදා මන්දාරා වෙනුවට ආවේ ඇගේ විශ්වාසවන්තම මිතුරියක්.හරිම පරිස්සමට රැකගෙන ආපු පුංචි කොළ කෑල්ලක් ඇය දනුක අතට දුන්න.
' මාව අමතක කරන්න දනූ..ප්ලීස් අදින් පස්සෙ මාව බලාපොරොත්තුව ඉන්න එපා'..
හිත පුංචිම පුංචි කෑලි වලට කැඩිල කුඩුපට්ටම් වෙලා යනව වගේ දැනුනත් ඒ පුංචි කොළ කෑල්ල සීරුවට නවල කලිසම් සාක්කුවෙ පතුලටම දාගෙන කලින් නමින් විතරක් අඳුරගෙන හිටපු ඇගේ මිතුරිය දිහා හිස් බැල්මෙන් බලා උන්න.
දේවල් සිද්ධ උනේ හරි ඉක්මනට දනුක..ඔයා දන්නව මන්දිට කරන්න කිසිම දෙයක් නැති බව...එයා මේ වෙලාවෙ හිතන්නෙ ඔයාගෙ ආරක්ෂාව ගැන විතරමයි....
ඇය මන්දාරා වෙනුවෙන් කතා කලා.දනුක අහගෙන හිටිය.
මැයි 20 මන්දිගෙ වෙඩින් එක..අර හොටෙල් එකේ....
ඈ ඇගිල්ල දික්කරල ගල්කිස්ස මහහෝටලේ පෙන්නුව.
කීයටද..?
දනුක ඇහුවෙ එච්චරමයි.
පෝරුව සෙරමනි 6.20 ට ...හවස...
තව මුකුත් අහන්න පුලුවන් කමක්වත් උවමනාවක්වත් දනුකට තිබුනෙ නෑ අඩියට දෙකට ගල්පරෙන් රේල්පාරට පැනල පුරුද්දට වගේ පාර දිගේ ඇවිදගෙන ගියා. ජීවිතේ කියන්නෙ හින්දි චිත්රපටියක් උනානම් දනුකටත් තිබ්බ වීරයා වගේ ගිහින් මන්දාරා වෙනුවෙන් යුද්ධ ප්රකාශ කරන්න.කොහේහරි ඈතකට ගිහින් ලුණුයි බතුයි හරි කකා සන්තෝශෙන් ජීවත් වෙන්න.දුශ්ඨයො හොයන් එද්දි සටන් කරල දහපහලොස් දෙනෙක්වත් බාවන්න. ඒත් සැබෑ ජීවිතේ කියන්නෙ පාට පාට හීන කතන්දරේකට නෙවෙයි.ඉද්දමල්ගොඩ කියන්නෙ දනුකට හැප්පෙන්න තියා එහෙම හිතන්නවත් පුලුවන් කෙනෙක් නෙවෙයි.දනුකගෙ අම්මට ඉන්නෙ දනුක විතරයි .තාත්ත පපුවෙ අමාරුව හැදිල ඇස් වහගන්නකොට දනුකට යාන්තං අවුරුදු දාසයයි.එදා ඉදන් අම්ම දුකක් නොදී දනුකව හැදුවෙ ආදරයක් වෙනුවෙන් කුඩුපට්ටම් වෙන්න නෙවෙයි කියල දනුක ඕනාවටත් වැඩිය දැනගෙන උන්න.ඉතින් ඒ හින්දම දනුක මන්දාරා ගැන මැව්ව අපමණ සිහින හිතේම තියාගෙන විඳෙව්ව.යන තැනක ඇයට සතුටින් ඉන්න ලැබෙන්න කියල පැතුව.
* * * * *
දනුකගෙ අතීත සිතුවිලි පොඩිපට්ටම් කරගෙන ක්රී....ස් සද්දයක් එක්ක දුම්රියක් පීලි මත ඇදි ඇදී ගිහින් මහ හඬින් නැවතුනා. හැම හැන්දෑ වරුවක්ම මෙතන ගෙවන දනුකට ඒකත් අමුතු දෙයක් නෙවෙයි.ඒත් මන්දාරා වෙනුවෙන් අවසන් වතාවට කියල හිතට ඒත්තු ගන්වමින් අඬන තැවෙන මේ වෙලාවේ අනවශ්ය සද්ද බද්ද වලට හිත යන එකට දනුක කැමති වුනේ නෑ.මෙච්චර වෙලා එක අතක ගුලි කරගෙන හිටපු පුංචි කඩදාසි කෑල්ල දනුක ගැහෙන ඇගිලිතුඩුවලින් ආයෙමත් දිග ඇරිය.හරි හදිස්සියෙන් වගේ ලියපු ඒ බෝල අකුරු ‘ මාව අමතක කරන්න... ‘ දනුකගෙ ඇස් දෙකෙන් ආයෙම ලොකු කඳුළු බිංදු දෙකක් ඒ කොළේ මතට වැටුන.
දනූ. .මගෙ දනූ...
සිහියත් අසිහියත් අතර හිටපු දනුකට ඒ හඬ ඇහෙන්නෙ තමන්ගෙ හිතින්ද හැබෑවටමද කියල හිතාගන්න බැරිවුනා.කඳුළු වලට බොඳ වෙච්ච ඇස් උස්සල බලද්දි මංගල ඇඳුමින් හැඩ වෙච්ච මන්දාරා මල් පොකුරකුත් අතේ තියන් බලන් හිටිය.
ම...න්..දා...රා..
දනුක අසිහියෙන්ම නැගිට්ටා වාරු නැතුව වැටෙන්න යද්දි මන්දාරා පැනල දනුකගෙ අතින් අල්ල ගත්ත.සුදෝ සුදු කැන්ඩියන් එක ඇඳල මාල හත පලන්දල මල් පොකුරක් අත දරා ගෙන ඇය ඔහු ළඟ.ඔව් මේක හීනයක් නෙවෙයි දනුකගෙ හිත මොරගගහා කිව්ව.
මං ආවා දනූ..මට ඔයා නැතුව බෑ...
මන්දි...දෙයියනේ ඔයා කොහොමද මෙහෙම....
දනුක විශ්මයෙන් කෑගැහුව.
.
ෂ්ෂ්ෂ්.....කෑගහන්න එපා රන්... අපිව අහුවෙයි... එන්න අපි ඉක්මනට මෙහෙන් යමු...
දනුකට කිසිම දෙයක් හිතාගන්නවත් කියාගන්නවත් ලැබුනෙ නෑ.දනුක උන්නෙ සතුටින් සන්ත්රාසයට පත්වෙලා මන්දාරා දනුකගෙ අත අල්ලගෙන ඉස්සර වුනා පුරුදු කාරියක් වගේ ගලින් ගලට වේගෙන් අඩි තිය තිය වෙරළත් පහුකරගෙන මූදු රැළි අතරට සේන්දු උනා..දනුකගෙ ගිනියම් වෙච්ච අත මන්දාරාගේ සීතල වෙච්ච අතේ තදින් පැටලිලා තිබුන.
* * * * *
දෙයියනේ..මොන ආරාධයක්ද..
වැඩක් නෑ... එතනමයි....
පව් ලස්සන කෙලි පොඩ්ඩක්..
හප්පච්චියේ මොන නවනින්ගිරාවක්ද මගුල් ඇඳුමෙන්ම නේහ්....
මුන්ගෙ මගුල් නිසා අපිට ගෙවල් වලට යන්නත් නෑ ....
පෙම පිදුවේ උපරිමේට පිවිතුරු හදක
ReplyDeleteනිම නැතිවම මන්දාරා වෙතටයි දිනක
තම පන සේ සිතා සිටියෙ අසරණ ධනුක
සැම දේ වෙයි කුසලය මත නැවතිය නොහැක....
ලස්සන කථවක් සඳූ
ජයවේවා
දුමී ඔයා නම් මාරයි...👍👍.
Deleteඔව් කොයි තරම් නම් ප්‍රේමයන් ඛේදවාචක වලින් අවසන් වෙලා ඇත්ද?
ReplyDeleteමේ කථාවට මම කොහොමද "ලස්සන" කථාවක් කියන්නේ?????
එහෙම කියන්ට එපා හිටං එහෙනම් 😃
Delete👌👌👌
ReplyDelete👍👍
Deleteහරිම ලස්සන කතාවක්. දුකකුත් හිතුනා. පව් ඒ දෙන්නා.
ReplyDeleteස්තූතියි ඔබේ අදහස් වලට ❤️
Delete++++++++++👍👌
ReplyDelete👍👌
Deleteමම ලියන කමෙන්ට් පෙනෙන්නේ නැත්තේ ඇයි දෙයියනේ?
ReplyDeleteහොයල ගත්තා ඔය තියෙන්නෙ ස්පෑම් වල.ඇයික්දෙයියනෙ එහෙම වෙන්නේ හැමදාම එක්කො මං දාන,එව්ව නැත්තං මට ලියන් එව්ව සමහර ඒවා ස්පෑම් එකේ.මං හිතන්නෙ අනිත් අයටත් ඒක වෙනවා
Deleteලියා නොපෙනී තිබුනු කමෙන්ටුව:-
ReplyDelete"මම මේ ලිවීමට 'ලස්සන' ලිවීමක් කියන්නේ කොහොමද?"
🤗🤗
Deleteමවුන්ට් පාක් එක බෞද්ධ බාලිකාව උසස් බාලිකාව ගිනි තැබු හෝටලය රේල්පාර ගල්වැටිය සුදුවැලිතලාව පෙන කැටි නංවන මුහුදු රළ අතිතයේ කරක්ගැසූ අසීමාන්තිකව ආදරේ කරන ගල්කිස්සේ අමතක නොවන අපේ ඉසව්නේ. අපුරුකතාවක් සොදුරු....
ReplyDeleteකොළොම්පුරේ අසංග
හප්පට සිරි එහෙමෙයි...අපිත් ගල්කිස්සේ නොවැ.උසස් බාලිකාවක් 😜😜
Deleteදනිමි දනිමි... කොළොම්පුරයාත් විදුවිදුහලෙන් ගැලවිජ්ජාව වනපොත් කොරපු ටැම්පල් විදියේ නිවැසියෙක් නිසා හංදියේ වල බැසීමට ඉඩ හසරක් නැති බැවින් සොදුරුලාගේ ඇස්සර ගැටි නැති බවත් දනිමි.
Deleteකොළොම්පුරේ අසංග
අම්මො එහෙමද..අපිත් ඔය වීදියේම තමා.අයින් වෙලා පයින් යන්නට ඕනෑ 😃😜
Deleteයකෝ එතකොට ඒ කෙල්ල අරූවත් අරගෙනම යන්න ගිහින්ද?
ReplyDeleteඑතකොට ඒ ආවෙ කෙල්ලගෙ මනෝකාය ද?
නෙවෙන්නං ..නෝටි කෙල්ල 👻👻
Deleteමරැ plot එක 👌 කතාවත් මරැ.
ReplyDeleteඅවසන් හරිය ලියල ඉවර කරන්න හදිස්සි වෙලාදත් මන්ද
//ඒකි ඉද්දමල්ගොඩගෙ එකම දුව// සේමිනි ඉද්දමල්ගොඩගෙ නෙමේත 😁😁
මලා එහෙම දැනෙනවද...මේක මේ බුකියේ පේජ් එකකට ලිව්වෙ.මේපාර අලුත් එකක් ලියන්න වෙලා නොතිබුන නිසා මෙතන එල්ලුවා නැත්තං අර තට්ට මහතගෙන් බේරෙන්නයැ 😜
Deleteනෑ නෑ වෙන කාගෙදෝ දුවෙක් මං දන්නෙත් නෑ
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
ReplyDeleteසවසක අපි සයුරැ තෙරක සිසිලස වින්ද.... චාමර වීරසිංහගෙ සිංදුව සෙට් වෙනො. කිරින්ද වෙනුවට ගල්කිස්ස කියල දාගමු 😁
ඕ ඒකත් නරක නෑ
Deleteපෙරුම් පුරාගෙන ආ සංසාරේ
ReplyDeleteපැතුමද සුනු විසුනුව වැටුණේ
කාටද රිදුණේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුණේ...
මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතය සුව අපමණ වේ ...//
දොළක් වගේ දිය දෝත වගේ
ජිවිතයේ අම සිසල දැනේ....
පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
වරක් නෙතග කදුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ....//
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ...
හ්ම්ම්,දුකයි දුකයි 😪
Deleteකතාව තුල පාඨකයා රඳවාගන්න ආකාරය හරිම ඉහළයි, ජය!
ReplyDeleteස්තූතියි ඔබට
Delete