සඳට බැළුම් හෙලූ අය

Nov 8, 2023

මං සරන්නාට !




මේපල් තුරු හිසක

අවසන් පත්‍රයත්

මහ පොලොව වැලදගත් පසු

ඉහල උන්නතාංශයේ සිට

හිම හීතලක තෙත රැගෙන

සිසිරය පැමිණිය හැක...


හිම්හානයේ ගිනියමට කැබිලි වූ

සමකාසන්න හිතකට

සරත් කල සෞම්‍ය සේම

සිසිරයේ සිහිලද

අපේක්ෂා කල තරමටම

ප්‍රේමාන්විත නොවිය නොහැක


ඉනිතින් ,

ඔබ ,


ඈත දුර ඈත හිමයේ

මං සරන්නෙකු සේ

කොහේ කොහේ හෝ ඇවිද

හෙම්බත් වූ හද

සතපවන්නට තැනක් සොයමින්ද ?


දුක්නොවන්න

හැලෝවීන් දින රැයේ

මරණයේ මිටියාවතදී

ප්‍රේමණීය තුවාල සහිතව

අමරණීය වූ බොහෝ හදවත් වල

කැබිලිති ඔබට හමුවිය හැක...





 







16 comments:

  1. කමෙන්ට් කරන්නත් හෙන ගේමක් දෙන්න එපැයි

    ReplyDelete
  2. හ්ම්.....මේක මට නං කාලෝචිතයි. ඔය සිසිරය ඇතුවත් බැරි, නැතුවත් බැරි හාදයෙක්.

    ReplyDelete
    Replies
    1. සරත් හොදා සිසිරට වඩා...😃

      Delete
    2. ඇයි වසන්ත. හොඳම එක්කෙනා එයා!

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. සරත් හොදයි...වසන්ත හො...දාආආආ...යි 🤗

      Delete
  3. මෙ පදපෙලේ පරිසර සිරි වැනුම, එයට යාකල කතාව හා එහි ගැලීම ගොඩාක් අලංකාරයි. සිත්ගත්තා. අගෙයි.

    ReplyDelete
  4. //ප්‍රේමණීය තුවාල // - හ්ම්. මෙව පිටට පේන්නැති හන්ද හොඳා. ඒත් 💔

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකනේ ප්‍රේමණීය තුවාල හොද වෙන්නෙ නෑ නොවැ.කාලෙන් කාලෙට පැසවනවා රිදෙනවා

      Delete
  5. කලින් කියවලා තියෙනවා වගේ මතකෙකුත් එනවා.
    ලස්සනයි සඳූ.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මගේ පේජ් එකේ දාලා තමා මේකෙ දැම්මෙ දුමී.

      Delete
  6. මටත් ඔය පොඩි චැලි බයික් එකක් වගේ පදින්න පුලුවන් උනාට ලොකු මොටර් බයිසිකල් පදින්න බෑ. ඇත්තටම කියනවනම් වැටෙයි කියලා ට්‍රයි කරලම නෑ...ඉස්සරාට පදින්න වෙන එකකුත් නෑ කියලා හිතනවා. - Mayya

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...