හිම මිදෙන මිටියාවතක
කේතුධර වනස්පතියක් මැද
මඟ වැරදුන සිගිති වවුල් කෙල්ලකට
පොරවා උණුහුමේ ලොම් කබාය
මහ හුඟක් ආදරෙන්
පරිස්සම් කල
කඳුකර වෘකයාණ !
සදාහරිත නිම්නයක
නූස් කඳු ගැටක් අගිස්සක
තනිව පිපී උන් සමයක
හරි පුංචි නිල්පෙති මලක්ව
විඩා නොබලා පියාඹා විත්
පරව පෙති මියෙන්නට පෙර
සෙනහසින් ළඟ උන්න
මිහිරි බටිත්තාන !
දුර ඈත සිතිජ ඉම මායිම
හැපි හැපී සිඳු රළ මත
දරාගෙන මුතු ගැබ
මියෙන්නට තනන මුතුබෙලි හද
හොවාගෙන සිනිඳු ළය මත
හුස්ම දුන්
සොඳුරු කිඳුරාණ !
*************
ආක්ටික් වෘත්තයේ
හිම වලසුන් වෙසෙන අඳුරු
ග්ලැසියර ගුහාවක
සිරගත කල හිම කුමාරිය මම
සියල් මතක පුරාවෘත්තයකට පවරා
කිසිවක්ම සිදුනොවූ ලෙස
සිසිරතාරකා නින්දකද ඔබ ?
ප.ලි ශනිදා දහයට ලියන්නෙ මක්කදො කියල හිත හිත ඉන්නකොට තමා අර අවහන්හලේ තෝම්බුව කියවලා ජේකබ් කොලුවා මතක් වෙලා මේකෙ මුල ටික ලියවුනේ.ඊට පස්සේ ඉතින් මොනවා ලිව්වද මන්දා 🤗🤗
අඳුරු යටගියාවක සිට මග බැලුවා
ReplyDeleteරුදුරු බැලුම් අත්වේදැයි සැක ඇතුවා
මැදුරු තුළට කැන්දන් යන්නට සිතුවා
සොඳුරු නුඹව මටනම් අමතක නැතුවා...
ලස්සනයි සඳූ..
ජයවේවා
මැදුරු සදළුතලයකදී ඇස ගැටුනා
Deleteපුරුදු සුවඳකට රහසෙම හිත නැටුවා
සොඳුරු සීන තිස්සෙම මහ රෑ දුටුවා
කිඳුරු කතාවේ කිඳුරට හිත පිදුවා
කවි ලියන්නම බල කරන කවි මෙව්වා.ස්තූතියි දුමී
ඒකනේ
Delete💐🙏👌🦩😁
ReplyDeleteස්තූතියි බසූ
Deleteකේතුධර වනයක
ReplyDeleteසැඟවුණු ප්‍රේමයක
නටඹුන් තිබේ හිත්
කොනක තැන්පත් ව ලියනට
කවි වලට කවියෙන් පිළිතුරු ලිවීම මරුය!
Deleteඑහෙත් මට කවි ලිවීම "මරු" ය!
ලියමු ලියමු ඩ්‍රැකියුලෙක්ට කොච්චර කතා තියෙන්න පුලුවන් ද 👍
Deleteලස්සන කවි පෙලක් හැමදාම වාගේම!
ReplyDeleteමොනවා උනත් ශනිදා දහයට අපි එක්ක එකට ඉඳගෙන සල්ලාපයේ යෙදෙන්න ආවාට මෙන්න මගේ හද පතුලෙන්ම නැගෙන මෙව්ව එක!
ස්තූතියි තට්ට මහත්මයාණෙනි 👍
Deleteදුමී රෙසිපි එකක් කවියෙන් දාලා!
ReplyDeleteලබන සතියේ සෙනසුරාදා බුරියානි රෙසිපියක් කවියෙන් දාන්නකො ඔයත්!
දුමීට වගේ එක එක විරිතෙන් කයි ලියන්නනම් මං නොදනී 🤗
Delete+++++++++
ReplyDelete👍👍
Deleteලොකු මිසී, ඔය ආක්ටික් කලාපේ අයිස් රෝඩ් කියල ජාතියක් තියෙනවා.
ReplyDeleteසමහර ගම්මාන වගුරු බිම් හෝ විල් වලින් වටවී තිබෙන නිසා තද සිසිරය නොවන කාලවලට අලුත් එළවළුවක් වගේ දෙයක් උනත් යවන්ඩ වෙන්නේ ගුවනින්. හිතාගත හැකිනේ බඩුමිල.
එනිසා විල් 'ගල්' උනාම ඒ උඩින් ට්‍රක් ඒ කිව්වේ අපි වගේ ටැට්ටර් කාරයෝ යනවා. බොහෝවිට මුළු අවුරුද්දටම ඕනේ කරන අනෙක් බඩු අරං.
වෙලා තියේ නං බලන්ඩ https://www.youtube.com/watch?v=IV18hUO0VrU
ජයවේවා!
Myself Hattor
හප්පා කියවන්න ආස හිතුනා...අනිවා කියවන්න යනෝ
Deleteකියවන්න නෙවෙයිනෙ බලන්න...දෙයියනේ මටනම් හීනෙන්වත් දැන් ඒ වගේ පැත්තක ඉන්න ඕනේ නෑ වගේ 😊 මට හිතුනෙම ට්‍රක් එක හිම කඩාගෙන පතුලට වැටෙයි කියල 😲
Deleteබොහෝම අලංකාර පදපෙලක්, උපමා උපමේය ගොඩාක් ලස්සනයි වගේ හරබරයි. කීපවතාවක්ම කියවලා රසවිඳින්න පෙරැත්ත කරන කවිය.
ReplyDeleteකවිය, පටන් ගැන්මට නිමිත්ත බීජය දුන් විට ඉතිරි ටික ලියන්නෙකුට තව මොනව ද. අගේ ඇති සටහන.
ගොඩක් ස්තූතියි මේ අගයකිරීමට.ඔව් ඇත්තටම හිතම හිස් වෙලා තියෙන වෙලාවකටත් මේ වගේ පුංචි නිමිත්තෙන් ඇති ලියන්න සමහර වෙලාවට
Deleteවෘකයා බටිත්තෙක් වෙලා කිඳුරෙක් උනේ කොහොමද මන්දා.
ReplyDeleteහි හී මටත් එහෙම හිතුනා.පස්සෙ හිතුවා ඉතින් පෙම්වතානේ මේ සේරම් උනේ කියල.ඒකාටනම් ඉතින් මොකා වෙන්න බැරිද 🤗😀
Deleteගියෙමි ,කියෙව්වෙමි,කමෙන්ට් කලෙමි
ReplyDeleteචැහ්.. වවුල් කොල්ලෙක් උනානං අර වෘකයට ඌව කාල දාන්න තිබ්බ යස අගේට.
ReplyDeleteකොහෙද ඒ යකා ඉන්නෙ ලංකාවෙනෙ.
හුරේ හොයා ගත්තා ස්පෑම් වලනෙ තිබුනෙ.
Deleteමේ කමෙන්ට් එක
Deleteමේකෙ කොමෙන්ට් අතුරුදං වෙනවද?
ReplyDeleteඅනේ මංදා මොකක් හරි අවුලක් නේද මම සමහර බ්ලොග් වලට දාන ඒවත් එහෙම වෙනවා
Deleteඔයැයි ඔය ලියල තියෙන්නෙ ලේ බොන වවුලෙකුයි වුර්ක තඩියෙකුයි ගැන නේත. බලන්න ඉතිං ඔයත් කරන වැඩ . ඒ ඈයො හොරෙං කරන එව්ව හැංගිල ඉදල අහං ඉදල සමාජයට මුදා හරිනව නේත. පව් අප්පා. 🤭🤭🤭
ReplyDeleteලස්සනයි කවිය.. ❤❤
රිප්ලයි කයියක් ලියන්න තරං නිදහසක් නෑ. ට්‍රයි කරල බැරි තැන තමා මේ අබුංගාතෙ කෙටුවෙ 😁😁
වවුලෙක් නෙවෙයි අනේ හුරතල් වවුලියක් 😜
Deleteනින්දක ඉන්න අය ඇහැරවන්න අමාරුයි අනේ , නිදාගන්න ඇරලා වෙන අතක් බලා ගන්න
ReplyDeleteඔව් අප්පා නිදි අයට කරදර කරන්න හොදනෑ🤗
Deleteහුම්... සිසිර තාරකා නින්ද දෙපිටිං යන්න දෙන්න තියෙන්නෙ... චූ පැත්තට බේස්බෝල් පිත්තකිං වාගෙ කෙලියනම් 😁😁
ReplyDeleteසීත හිමයි, වෙයාවුල්ෆ් කතායි, වවුල් සීන් ඇතුලු ප්ලොට් හෙම නැගල ගියානෙ කාලයක්.
කයිය මරැ 👌
😀😀
Delete