සඳට බැළුම් හෙලූ අය

Oct 17, 2023

රිදුම් !!



සියවසකින් පමණ අප 

හමු නොවූ බව මෙන්ම

කල්ප කාලාන්තරයකින් 

නොදෙඩූ බවද අමතක කරමි !


යලි කිසිඳු දිනක මේ අත්බවේ

අහම්බෙන් හරි 

අපි මුණනොගැසිය යුතු බව

හදවතට හඟිමි !


හරි හදිස්සි හාදුවක

ඉසියුම් පිරිමි සුවඳ

හදවත් කුටීරයක

සීරුවට සඟවමි !


ඉඳහිට පපුව පුලුස්සන

සාංකාමය පුළිඟුවක්

කඳුළක බහා මතක 

මංජුසාව පුරවමි !


ඉනිතින් ,


ගව් සියක් දුර ඈත සිතිජ ඉම

තරු දහසක මන්දාකිණියේ

ඔබ සුවෙන් වෙසෙන බව

පමණක් ඉඳුරාම දනිමි !


 







 







 

20 comments:

  1. දිනක හමුවෙලා මුව මත තැබු හාදූ
    මතක දිගේ යළි එනවද වී මෝදූ
    භවක යළිත් එක් නොවෙනට මග පෑදූ
    දුකක කඳුළ විඳවනවද නුඹ සෑදූ.....?

    ලස්සනයි සඳූ..
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් හමුවෙලා සසර මඟ තැනක
      හුරුපුරුදු බව හැගී පෙරත් එක භවෙක
      ඇස් වලින් කතා කර මවා දුන් පෙමක
      සිහින ඉකිබිඳිනවා සුසානෙක මතක

      ස්තූතියි දුමී

      Delete
  2. "හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනොදා මෙන්" ~ සුනිල් එදිරිසිංහ

    ReplyDelete
  3. තව දවස් හතරකින් සෙනසුරාදා නංගී! අමතක කරණ්න එපා ඔන්න!

    ReplyDelete
    Replies
    1. ඔව්නේ 🤗 එදාටත් ලියමු ඉතින්

      Delete
  4. කතාවෙ හැටියට... කොලුව සෙත්තපෝච්චි වෙලා නෙ.
    💔...........

    ReplyDelete
    Replies
    1. ඕ කියවන්නාට හිතෙන ඕන දෙයක් තමා ඉතින්

      Delete
  5. ඔබගේ කලින් පල නොවූ නිර්මාණ යොමු කරන්න https://londonkavi.com/contact/

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කරුණාකර මේ බොරු කතා ඉවත් කරන්න.

      Delete
  7. ආදරය වේදනාවකි සිහිනයෙද දැනෙනා
    සතුටක්ය වේදනාවත් මතකයේ රැඳෙනා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ආදරේ සොඳුරු දඬුවමකී විටෙක..

      Delete
  8. ලස්සනයි ඒක... ❤❤❤

    ReplyDelete
  9. කියාගන්න නිමකරගන්න බැරි උන කතාවක් වගේ.. ලස්සනයි

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...