සඳට බැළුම් හෙලූ අය

Jan 27, 2024

මැජිකල් ගෑනු !




පහේ කණිසමට හෙමිහින් යුග යහනින් බසින්නී
මුදාහැරුනු දිගු වරලස හිස් මුදුනින් තබන්නී
අයිස් පෙට්ටි පාත්තියෙන් නෙක එළවළු නෙලන්නී
මල්ටි කුකර් එකේ බහා මල්ට් රයිස් උයන්නී

සාරි ඔසරි ස්කර්ට් පෑන්ට් දවස් පහට අදින්නී
බස් එක මිස් වෙන දවසට ඌබර් එකට නගින්නී
හවසට යන එන අතරට කීල්ස් එකට දුවන්නී
ඉහින් කනින් බඩු මලු ගෙන ගේට්ටුවෙන් එබෙන්නී

සා පැටවුන් නිදිකර we ටයිම් එකද හොයන්නී
ගල්වා නෙක සඳුන් සුවඳ සිරි යහනට වඩින්නී
නට්ස් කකා කෝපි බිබී කේ ඩ්‍රාමද බලන්නී
නිවාඩු දවසට පස්සට එලිවෙන තුරු නිදන්නී

දුක හිතුනම වෙල් ගනන් නොකා නොබි අඩන්නී
මල පැන්නම මායම් වී මහා කාලිට අදින්නී
මහා තනියක් දැනෙනා විට සිංදුවකට නිවෙන්නී
දොරත් වහගෙනම හිතුනම හති එන තුරු නටන්නී

හිටපු  ගමන් ඉබාගාතෙ වින්ඩෝ ශොපින් කරන්නී
ස්ට්‍රීට්ෆුඩ් වල රිංගා රස මසවුළු සොයන්නී
කවි පොතකට වහ වැටුනම ඒකෙන් ගොඩ නොඑන්නී
රෑ ජාමෙත් ඇහැරීගෙන විරහ ගීත ගයන්නී

පවුල කියන කොටුව වඩා සෙනෙහස් දැල  එලන්නී
ආදරේම බෙද බෙද නිති සුව පහසුව සදන්නි
ගවුම නැතත් බිම ගෑවෙන ලාලිත්‍යය රකින්නී
මතු බුදු වෙන්නට නොසිතා මව්වත් කම දරන්නී

20 comments:

  1. බිරිඳක්
    මවක්
    ගෘහණියක්
    උපයන්නියක්
    ඒ හැමටට වඩා ඇය
    කාන්තාවක්....

    ReplyDelete
  2. සත්තලන්ට කන්න තියල රසකර පද බඳින්නී
    ඉස්තරම්ම තාලයකට කවි මල් වැල් ගොතන්නී
    දස්ස කමයි කාගෙත් හිත් ඈ වෙතටම අදින්නී
    ඉස්සර වාගෙම බ්ලොග් ලොව සඳවති හැඩ මවන්නී....

    ලස්සන නිර්මාණයක් සඳූ...
    ජයවේවා !!!

    ReplyDelete
  3. හරිම අරුත් බර නිර්මාණයක්. වෙනද වගේම ලස්සනයි

    ReplyDelete
  4. අපූරුයි. සම්පූර්ණ කවි කතාවක්.💐👌🙏🪻

    ReplyDelete
    Replies
    1. ස්තූති බසූ...දැනං තව දිගට ලියන්නත් හිතෙනවා

      Delete
    2. හහ්, අපි නොදන්න මොණරතැන්න. ඔය කිව්වට ලියයි මේං කියලා.🤭🤣😁

      Delete
    3. මං කිව්වෙ මේ කවිය බම් තව ටිකක් දික් කරන්න

      Delete
  5. මේක කියවන කොට මතකයට ආවේ ශාන්ති දිසානායක අනිද්දා පත්තරේට ලියන සැරිසර සිරි තීරු ලිපිය. මේ සතියේ ලිපිය බැලුවොත් මේ අත්දැකීමම ගමේ ගැහැණිය විඳින හැටිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි දැනගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බලමු ඔන් ලයින් හොයං කියවන්න.ස්තූති

      Delete
  6. කියවා ලියන්න ආයෙමත් එනවා!

    ReplyDelete
  7. අපූරැයි!
    දැන් ඉතිං මේ කයිය... පස්චාත් නූතනවාදී කයි ප්‍රවර්ගයක්ය කියල කවුරැහරි කියන්ටත් බැරි නෑ හිටං

    කොරියන් ඩ්‍රාමත් බල්නවද 😁😁

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මෙතන මාත් ඉන්නව මං දන්න අයත් ඉන්නවා පේන අයත් ඉන්නව.අපි එහෙමයි බොරු ලියන්නත් බෑනේ 😆 ඕ ඒවත් බලනව 🙃

      Delete
  8. Shania twain ගේ මේ She's Not Just A Pretty Face කියන සින්දුව අහල තියනවද.
    https://www.youtube.com/watch?v=iaQHPCdMvuI

    ReplyDelete
    Replies
    1. ඇහුවා..බලන්න ඉතින් ඔය කියල තියෙනෙ සේරම..

      Delete
  9. උණ විකාරෙන් නේද මේ....හයියෝ සංසාරේ....🫢

    ReplyDelete
    Replies
    1. මට උණ කියල දන්න ඇනෝ කවුද බොලේ ?? ආ..හරි හරී අනේ ඇනෝ එකවුන්ට් එකෙන් කමෙන්ට්ස් දාන්න හදාගන්න

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...