සඳට බැළුම් හෙලූ අය

Jul 18, 2012

ඔබ මගේ වෙන්න සංසාරෙම පුරාලා.....






 ඔයාගෙම වෙන්න...ඔයාගෙම විතරක් වෙන්න.... මම හීන අහුළපු තරම් ඔයාවත් දන්නෙ නෑ.පෙරුම් පුරල පෙරුම් පුරල හැබෑ කරගත්ත ඒ හීන එළිවෙන අද දවසෙ මම හිනාවෙන්නද අඬන්නද කියලවත් මටම නිනව් නෑ.දන්නවද අද මම හිනාවෙන්නෙ සතුටට ... අඬන්නෙ ඒ සතුට දරාගන්න බැරි කමට....

ඉතිං ඇස් වලට කඳුළු ඉනුවට බොරුවට මට රවන්න එපා...මේ සතුටු කඳුළු රත්තරං...


පුර සඳක් වෙලා සිත් අහසේ පිපීලා
මල් තුහින වලාවක පාවී ඇදීලා
දේදුණු යායක පෙම් හීනය මවාලා
ඔබ මගේ වෙන්න සංසාරෙම පුරාලා....

සුදු මුඳු පහසින් මා සිරුරම වෙළාලා
සෙනෙහසේ තිළක මා නළලත තබාලා
තෙත අඩි තිය තිය හිත මත්තෙම සරාලා
මා ලඟට ගන්න මගෙ ලෝකය පුරෝලා...

පෙම් කුරුළු කූඩුවක් ලගදිම තනාලා
තව දුරින් ඉන්න බෑ සීමා බිදීලා
තුටු කඳුළු වලින් ඔය සුදු පා දොවාලා
සඳ සෙවනැල්ලේ යට සැනසෙමු නිවීලා....

42 comments:

  1. සතුටට අඩන්න පිං කරන්න ඕන අක්කියෝ...වාසනාවන්තයි ඔයා..
    ලස්සනයි කවි ටික..
    (ඔන්න මම කියවලයි එක අලී.කවුරුත් මුකුත් කිව්වොත් ඇත්තමයි ගහනවා වැටෙන්නම. :D :D :P)

    ReplyDelete
    Replies
    1. හපොයි බට්ටි මේ ඇත්තටමද කියල තියෙන්නෙ? :o

      Delete
    2. ම්ම්ම්ම් මෙන්න බට්ටි නඟා එක වෙලා සෝයි සෝයි.

      Delete
    3. ශික් මට කවදාවත් බැනේ එක වෙන්නේ නිදකින්

      මතකද කාවයියා අපි ඉස්සර 1 වෙන්න පොරකන හැටි

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  2. හප්පේ පැණි බේරෙන පෙම් කවියක්.. ලස්සනයි

    ReplyDelete
  3. //..තුටු කඳුළු වලින් ඔය සුදු පා දොවාලා
    සඳ සෙවනැල්ලේ යට සැනසෙමු නිවීලා....//

    වාව් සුපර් අක්කි...ලස්සනම ලස්සනයි....

    ReplyDelete
  4. ලස්සනයි....

    ReplyDelete
  5. Replies
    1. ස්තූතී පැමිණීමට ඔයාටත්

      Delete
  6. අයියෝ..අර කොල්ලා...

    ReplyDelete
    Replies
    1. හික් හික් එයාට කරදරයක් නෑ

      Delete
  7. ලස්සනයි හොඳේ! දැනෙන්න ලියල තියනව.

    ReplyDelete
    Replies
    1. අදමයි ඔයාව දැක්කේ ඔන්න මමත් ඒ පැත්තේ ගියා

      Delete
  8. "තෙත අඩි තිය තිය හිත මත්තෙම සරාලා
    මා ලඟට ගන්න මගෙ ලෝකය පුරෝලා..."

    wow...හරිම ලස්සනෛ කාව්‍ය..

    ReplyDelete
  9. හරිම ලස්සනයි යාළු! :)

    ReplyDelete
  10. කවුද අනේ මගෙ කමෙන්ට් එක මැකුවෙ?

    ReplyDelete
    Replies
    1. අනේ සිඳූ ඔයාගේ කමෙන්ට් එකක් මමනම් දැක්කෙ නෑ

      Delete
  11. මටත් ආසයි මේ ගීය කියන්නට :P

    ReplyDelete
  12. යකෝ බැන්දට පස්සෙද මේවා දන්නේ ??

    ReplyDelete
    Replies
    1. මේවා කලින් ලියපුවා හි හී

      Delete
  13. හපොයි මම මුල් ටික කියවද්දි හිතුනේ මට ත්‍රි පොසා කන්න පුලුවන් වෙන සින් එකක් කියලා..

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් යන්නෙම වැරදි පාරෙනේ පූවෝ

      Delete
  14. නුඹ සිහිනෙන් දැකපු හීන
    හෙට වෙනවා සැබෑ ඔන්න
    සතුටු කඳුළු පිට කරන්න
    ඇති වෙනකන් දැන් අඬන්න

    ....
    බ්ලොග් එකේ දාපු එකක්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ලස්සනයි කෝ මම මේක දැක්කෙ නෑනේ බ්ලොග් එකේ බලන්න ඕනෙ

      Delete
  15. හරි ලස්සන අදහසක් වගේම ලස්සන කවි පන්තියක්....

    සෑහෙන්න සතුටින් ඉන්නවා වගේ.... ඒ සතුට හැමදාටම තියෙන්න කියලා පතන්නම්.ජය වේවා අක්කේ

    ReplyDelete
  16. වේවා වේවා ඔබම සදා.... :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. පෙම් කුරුළු කූඩුවක් ලගදිම තනාලා
    තව දුරින් ඉන්න බෑ සීමා බිදීලා
    තුටු කඳුළු වලින් ඔය සුදු පා දොවාලා
    සඳ සෙවනැල්ලේ යට සැනසෙමු නිවීලා....

    මේකි ලියන්නෙම මගෙත් හිතනෙ ..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

රංකඳ රාවණා !!

  ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...