මලකඩ කෑ ඉන්බොක්ස් ඉතිහාසයකි
ඉපැරැණි සල්ලාප
තැනින් තැන... කඩින් කඩ....
විසිරුණු
බොහෝ තැන් ම'ඟැර
ඉස්සරෝම තැනට යමි
..........ඔයා !
ඒ විශ්මයාර්ථය ඔබේ අදිසි
මුණගැසීම වෙනුවෙන්...
සතුටය..සිනහවය
ආගිය තොරතුරුය...
ඒ හිමිදිරිය ...මිහිරි ය...
මුලම සිට නැවත පැමිණෙමි !
අතරින් පතර
දුරින් සිට හාදුය
විහිලුය...විනෝදය...
ඔය දෑසට දෑස සම්මුඛ
වෙන තුරුම....එකී බැඳීම
නොකිලිටිය...පිවිතුරුය..
හදවත නතර වූයේ
ඒ ඇස් අසලමය...
ඒ මද්දහන..පෙම්වත් ය...
අමතක කරන්'නෙපා
මේ ආපස්සට ගොස් නැවත
එන අතරමගය !
වැඩි වැඩියෙන් හාදුය
ආදරය ය...අනුරාගය ය..
ඉදහිටක ඊරිසියා සහහත
නෝක්කාඩුය...පලිගැනීම් ය
රණ්ඩු ය...මුරණ්ඩු ය.
බ්ලොක් කිරීමට අධිපතිය
සටනට සෙන්පතිය
නිහඬවීමට රුසිය
ඉතින් බැලූ බැලූ අත
කඳුළුය...විරහවය
ඒ පස්වරු ය ...ගිනියම් ය...
ආපස්සට ගොස් නැවත අවසානයට පැමිණීමේ
අවසන් අදියර !
එකී සියල් සිප ගැනුම්
තාමත් උණුය..උණුසුම්ය
ඔය සුවඳ තාමත්
මෙතැනය...මෙතැනය....
සම්මතය බිඳහෙලූ තැනද
ප්‍රේමය ප්‍රේමයම ය...
ඒ හැන්දෑව..අතිශෘංගාරය..
ඉතින් මේ එකී කතාවේ අවසානය, නොහොත්
කෙලවරය !
හිස් ය...හිස්ම හිස් ය
ප්‍රේමය උත්කර්ෂයට නැගූ තැනම
සාහසික නිහඬවීම් ය.
මේ සා කුරිරු රිදවුම් ය..
අත් හරින්නට හෝ අත් හැරෙන්නට
ඕනෑ තරම් හේතුය
එහෙත්
යලි යලිත් යලි යලිත්
බැඳෙන්නට තරම් ප්‍රේමණීය ය...
ප්‍රියය ,
එතැන් සිට ගෙවන
මේ බොහෝ තත්පර
රළුය...කලුය...
ඉතින් පවසන්න..
ඔබට මා අමතක කර සැනසෙන්නට හැකිද ?
ඉපැරැණි සල්ලාප
තැනින් තැන... කඩින් කඩ....
විසිරුණු
බොහෝ තැන් ම'ඟැර
ඉස්සරෝම තැනට යමි
..........ඔයා !
ඒ විශ්මයාර්ථය ඔබේ අදිසි
මුණගැසීම වෙනුවෙන්...
සතුටය..සිනහවය
ආගිය තොරතුරුය...
ඒ හිමිදිරිය ...මිහිරි ය...
මුලම සිට නැවත පැමිණෙමි !
අතරින් පතර
දුරින් සිට හාදුය
විහිලුය...විනෝදය...
ඔය දෑසට දෑස සම්මුඛ
වෙන තුරුම....එකී බැඳීම
නොකිලිටිය...පිවිතුරුය..
හදවත නතර වූයේ
ඒ ඇස් අසලමය...
ඒ මද්දහන..පෙම්වත් ය...
අමතක කරන්'නෙපා
මේ ආපස්සට ගොස් නැවත
එන අතරමගය !
වැඩි වැඩියෙන් හාදුය
ආදරය ය...අනුරාගය ය..
ඉදහිටක ඊරිසියා සහහත
නෝක්කාඩුය...පලිගැනීම් ය
රණ්ඩු ය...මුරණ්ඩු ය.
බ්ලොක් කිරීමට අධිපතිය
සටනට සෙන්පතිය
නිහඬවීමට රුසිය
ඉතින් බැලූ බැලූ අත
කඳුළුය...විරහවය
ඒ පස්වරු ය ...ගිනියම් ය...
ආපස්සට ගොස් නැවත අවසානයට පැමිණීමේ
අවසන් අදියර !
එකී සියල් සිප ගැනුම්
තාමත් උණුය..උණුසුම්ය
ඔය සුවඳ තාමත්
මෙතැනය...මෙතැනය....
සම්මතය බිඳහෙලූ තැනද
ප්‍රේමය ප්‍රේමයම ය...
ඒ හැන්දෑව..අතිශෘංගාරය..
ඉතින් මේ එකී කතාවේ අවසානය, නොහොත්
කෙලවරය !
හිස් ය...හිස්ම හිස් ය
ප්‍රේමය උත්කර්ෂයට නැගූ තැනම
සාහසික නිහඬවීම් ය.
මේ සා කුරිරු රිදවුම් ය..
අත් හරින්නට හෝ අත් හැරෙන්නට
ඕනෑ තරම් හේතුය
එහෙත්
යලි යලිත් යලි යලිත්
බැඳෙන්නට තරම් ප්‍රේමණීය ය...
ප්‍රියය ,
එතැන් සිට ගෙවන
මේ බොහෝ තත්පර
රළුය...කලුය...
ඉතින් පවසන්න..
ඔබට මා අමතක කර සැනසෙන්නට හැකිද ?
අනේ මන්ද අපිත් පළඟැටියො වගේ නෙ...
ReplyDeleteඒකනේ...දුක තමා
Delete+++++++++🙏👌
ReplyDeleteස්තූතියි
Deleteඅනේ දැක්කත් සන්තෝසයි. ආපහු හඳ පායලා.
ReplyDelete//ඉතින් පවසන්න..
ඔබට මා අමතක කර සැනසෙන්නට හැකිද ?//
නොහැකිය. නොහැකිය. සඳවතිය.
ස්තූතියි ස්තූතියි පූ....
Deleteඔබට මා අමතක කර සැනසෙන්නට හැකිද පැවසුවාම, එයා කියයි:
ReplyDeleteපක්කෝදනෝ දුද්ධඛීරෝ හමස්මි
අනුතීරේ මහීයා සමාන වාසෝ
ඡන්නා කුටි අභිතෝ ගිනි
අථ චේ පත්ථයසි පවස්ස දේව
මම බත් පිසල තියෙන්නෙ, දෙනුන්ගේ කිරි දොවල තියෙන්නෙ, මගෙ බිරිඳත් දරුවොත් එක්ක එකට වාසය කරන්නෙ, සෙවිළි කරපු කුටියෙ හීතල එනවට ගිණිමැලයක් තියෙනව, ඉතින් වළාකුළු! කැමති තරම් වහින්න!
නමුත්:
සෝචති පුත්තේහි පුත්තිමා
ගෝමිකෝ ගෝහි තථේව සෝචති
උපධීහි නරස්ස සෝචනා
න හි සෝ සෝචති යෝ නිරූපධී’ති
ශෝක වෙයි පුතුන් නිසා - ලොවේ පුතුන් සිටින කෙනා
ගව හිමි දුක් වෙයි එලෙසින් – හරකබාන සිටින නිසා
මිනිසාහට කෙලෙස් වලින් – ශෝකයම යි උපදින්නේ
යමෙක් කෙලෙස් රහිත වේ ද – ඔහු ශෝකෙන් නොව වෙසෙන්නේ
ජයවේවා!
සාධූ සාධු සාධු......🙏
Deleteහම්මේ බර වැඩිද මංදා...මොනවා උනත් සාදූ...සාදූ...ඒ බණ දේශනාවට 🙂
Deleteගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
ReplyDeleteසුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා
😀😀 සිංදුවක් මතක් කරගෙන එන්නං කමෙන්ට් එකක් දාන්න
Deletehttps://www.youtube.com/watch?v=E1vIrFsGeyE
Deleteහැමදාම ඔබේ කවි ආසාවෙන් රසවිදිනවා.
ReplyDeleteස්තූතියි අයියේ...
Delete+++++++++
ReplyDeleteThanks
Delete