හීත හිමේ හීතල හිත ඉඹිනවද
KFC රයිස් කුසගිනි නිවනවද
මාර දූතිකා තනියට රඟනවද
අනේ බුදු වෙලා දැන් මා අමතකද
සංසාරෙම ලඟින් ඉන්නට සපථ වෙලා
පින්සාරම හීන පෙන්නා තොදොල් වෙලා
පන්නං ගියේ ප්‍රේමයෙ දෙව් ලොවම මවා
අබිනික්මන් කලේ කුස එනකොටයි නෙරා
පාලු පැලේ මට තනි නෑ තනි අලියා එනවා
ගේන පලා අතින් තියා තොල කට ලෙවකනවා
වරක් දෙකක් හොඬ උස්සල ඌ යන්නට යනවා
ඊට පස්සෙ මං ආයෙත් හොද අම්මා වෙනවා
හොවා මුවේ තන බුරුල්ලෙ වෑස්සෙනා කිරි
රාහුලගෙන් හංගනවා ළය මඬලේ ඉරි
ඔයාට නම් දැන් සැප ඇති භව බෝගෙන් පිරි
තනියම බුදු වෙන්න ඔයා දැන් සේරම හරි
වනන්තරරේ වන සපුවන් මැද තනියම හිදිමී
නිරන්තරේ පුතු වෙනුවෙන් ලේ කදුළැලි හෙලමී
වරින් වරේ උඹ සිහියට එන හදවත දවමී
පය පැටලී නුඹට නිවන මඟහැරෙන්න පතමී
අප්පට හුඩු, හුස්ම හිරවුනා වගේ දැණුනා. බොක්කටම වැදුනා, යසවතී. නියමයි.🙏👌😒
ReplyDeleteකාළෙකට පස්සෙ හිත සසල කල පෝස්ට් එකක් බැලුවා. මම කැමතිම දෙයක් තමයි ව්‍යංගය:
Deleteඅලියගෙ යෙදුම නියමයි. අභිනික්මණත් හොඳයි, ඒත් "KFC රයිස්"?? එතන මොකක්දෝ විසන්ධි වීමක් දැණුනා.බාගදා ඒක මට විතරක් දැණෙන දෙයක් වෙන්නත් ඇහැකි.🤔
ස්තූතියි බසූ ඇගයීමට මටත් එතන හරියට සෙට් උනේ නෑ.ඒත් තවම හරිම වචනෙ ආවේ නෑ.බලමු පසුව වෙනස් කරන්න
Deleteඒත් "KFC රයිස්"?? - ඒක තමයි හොඳම එක. එතනින් දෙකක් හිතා ගන්න පුළුවන්. එක්කෝ කෙලල්ව දාල බස්සා කොළඹ ගෙහුං, එහම් නැත්නම් පිටරටක - ඉතින් කවිය නියමයි
Deleteස්තූතියි අයියේ..මං අදහස් කලේ නම් දෙවෙනි එක. ආයෙ මේ පදේ ව්ර්නස් කලත් ඒක ඇගවෙන විදියේ එකක් තමා දාන්නේ
Deleteමට මතක් වුනේ, බීටලේ ලියපු "අඳුරේ පව් කරන දනා"
ReplyDeletehttps://akurublog.blogspot.com/2010/12/sinners-in-darkness.html
බලන්න ඕනේ
Deleteබස්සා හරිය; හිත ගැස්සිණි, දෙකක් නැත
ReplyDeleteඅදත් සිදුහත්ල රටතොට එමට ඇත!
ස්තූතියි මෙහෙ ආවට ඔබට
Delete++++++
ReplyDeleteඒ වැටට ස්තූතියි
Deleteඅපූරුයි. වෙනස් විදිහට දකින වෙනස්ම පැදි පෙලක්.
ReplyDeleteස්තූතියි අයියේ
Deleteela, niyamayi... dukai
ReplyDeleteස්තූතියි
Deleteගිය සති අන්තේ යශෝධරා ෆිල්ම් එක බලපු උණුහුම හිතේ තාම තියෙද්දි මේක කියෙව්වේ. හ්ම්ම්ම්... යශෝධරාවතේ කවි තාලෙටම මුළ ටික කියවගෙන ආවේ. ඇත්ත, මෙහෙම අභිනික්මන් කරන අයත් ඉන්නවානේ මේ ලෝකේ. ලස්සන පබැඳුමක් සඳවතී!
ReplyDeleteස්තූතියි සිතූ ඒඇගයීමට
Delete