හැන්දෑකරේ ලා අඳුර
රූට රූටා විත්
වැරැන්ඩා දොරකොඩ වැතිර
ඉසිඹුලන්නට තනයි
ඈත පාලුවට ගිය
කැලෑ මණ්ඩිය දෙසින්
මොනර කල කල නාදය
පාලු මූසල හැඟුම් දනවයි
තාමත් අගුල් නොදැමූ
කවුළුව අතරින්
නාදුනන කැලෑ මල් සුවඳ
අනාරාධිතවම ගෙට වදියි
බිනරමහේ ගැබ්බර වෙච්චි හද
එබි එබී පොල් රුප්පාව අතරින්
තනිකම මිහිරිදැයි
හෙමිහිට අසයි
හරි පුංචි ,එනමුත්
මොඩර්න් කුස්සියක
රතුහාලේ බතට කරවල බැදුමක්
පොල්සම්බෝලයක් එක්ක මුහුවෙයි
නිදි නැති රැයේ
මහා මූකලාන කැලේ
ස්මාර්ට් ජංගමෙන්
මිල්ටන්ගෙ සිංදුවක් ඇසෙයි
" මන්දර පව්වේ හිම පියසේ
චන්දන අරණේ මද සිසිලේ "
සියලු සාංකා දෝමනස්ස
ජැක් ඩැනියෙල් වඩියකට
ලතාවට සැන්ඩි කොට
මදි පාඩුවට කංසා දුමක් උරයි
සඳට බැළුම් හෙලූ අය
Dec 2, 2023
සංක්‍රාන්තිය ට පසු
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
++++++++++ patta - Mayya
ReplyDeleteThanks
Deleteජැක් ඩැනියෙල් සහ පොල් සම්බෝල් එකම කවියක. +++++++++
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් 🤗
Deleteකංසා වේප් එක තියෙනවා ඕනෙනං
ReplyDeleteසාංකාවට කාංසා ගැලපෙනවනේ 😜
Deleteහරිම ලස්සනයි. කියවද්ද පුංචි හිරිකඩයකුත් ඇඟට වැදුනා වගේ. අර බතට බැදපු මිරිස් කරලක් පපඩමක් එහෙමත් තිබ්බා නම් මරු කියලා හිතුනා.
ReplyDeleteඒවත් හදාගමු..කවියට නොගැලපුණාට💜️
Deleteසංක්‍රාන්තියත් නරකම නෑ වගේ.
ReplyDeleteකොයි දේත් නරක නෑ හුරු උනාම නේද
Delete👌👌
ReplyDeleteකවිය මරු ඈ.
ReplyDeleteඅවුසදේ උනත් ජැක් ඩැනියල් නං එපා!. ටෙනසි විස්කි නෙවේ ඔරිජිනල් සිංගල් මෝල්ට් එකක්නං හා.
රතු හාලෙ බතයි පොල් සම්බෝලෙයි oh boy I am in Heaven
අපෙ උන්දැට කට්ට කරෝල ගේන්ඩ එක ගමනකට යන්ඩයි එන්ඩයි කිලෝමීටරම පන්සීයක්ම යනෝ. හිතාගතෑකිනේ ආලෙ. මං කිව්වෙ කරෝල වලට.
ජයවේවා!
හනෙ අම්මේ එච්චර දුරක් ගෙවාගෙන ගිහින් හරි අරන් එන එකම මදෑ...ඇත්තටම රාජ භෝජන තිබුනත් වැඩක් නෑ නොවැ පොල්සම්බෝලයක් කරවල කෑල්ලක් නැතුව
Deleteවින්දනය...
ReplyDeleteඔව්නේ ..පහුගිය ටිකේ නාවේ මොකෝ මෙහෙ ආ...
Deleteසඳූගේ පුරුදු කවි හරඹය නැවතත්. හරිම ලස්සනයි ඳූ.
ReplyDeleteජයවේවා !!!
ස්තූතියි දුමී
Deleteමේ කවිය නං මසුරං, ඈ? කොටින්ම මම මේක OneNote වල සේව් කර ගත්තා.
ReplyDeleteඅහා! පොල් රුප්පාව, රතුහාලේ බතට කරවල බැදුමක්
පොල්සම්බෝලය. මේ වචන අපව වෙනම මානයකට ගෙන යනවා. මාත් බල කූරියෙක් ගෙනැල්ලා ජාඩි දැම්මා, තව සිංහල අච්චාරුත් තියනවා. හ්ම්...වේලිච්ච හාල්මැස්සොත් තියනවා, පොල්සම් බෝලෙ විතරයි අඩු.
ස්තූතියි ඉතින් ඒ අගය කිරීමට බසූ..ඔක්කොම තියෙන එකේ සම්බෝලෙකුත් කොටා ගමු ඉතින්..
Deleteඔබට අනන්‍යවූ කවිත්වය බොහෝ කලකින්!
ReplyDeleteමේක කියවද්දී අපිත් එතැන! නියමයි :)
ReplyDeleteමටත් හිතයි ජැක් ඩැනියෙල් වඩියක් ගන්න. එච්චරට දුක් දෝමනස්ස මේ ටිකේ. කවිය හරි ලස්සනයි සඳේ.
ReplyDeleteඔහොම යං . ඔහොම යං . ඔක්කෝම ලස්සනට මුසු කරලා තියෙනවා .
ReplyDeleteස්තූතියි අයියේ
Deleteපට්ට 👏 මැවෙන දේවල් ඔක්කොටම
ReplyDeleteස්තූතියි අයියේ
Delete