සඳට බැළුම් හෙලූ අය

Apr 28, 2012

නුඹ යන්න ගියා මැකිලා.......

ඉතින් නුඹ නොකියාම යන්නට ගොසින්ය.මේ වන විට නුඹ යන්නට ගොස් දෙවෙනි දවසද ගෙවී යන්නට ආසන්නය.මම තවමත් බලා හිඳිමි කොයි මොහොතේ හෝ නුඹ නැවත පැමිණේයයි මගේ සිත මට කියයි.ඒ නිසා මම දිගටම බලා හිදිමි.මා නුඹට පෙම් කල තරමටම නුඹ මට පෙම් කර නැති සෙයකි. එ නිසා නුඹට මෙසේ නොකියාම යන්නට තරම් හිත හදා ගන්නට අමාරු නොවන්නට ඇත.ඒත් මට නුඹ නැති හෙට දවසක් හිතන්නටද තවම බැරි සෙයකි.


බැලූ බැලූ  අත දිස්වෙන නුඹේ මතක ම හිත රිදවයි.මා නුඹේ සිතුවම් දෙස බලමින් හඬමි.. හූල්ලමි.මගේ පරිගණකයේ මටත් වඩා ඇත්තේ නුඹේ චායාරූපය.වෙනකක් තබා පරිගණක තිරය හැඩ කරන්නේද නුඹේ සොඳුරු සිත්තමකි.අද උදෑසන  බලන විට අර ඊරිසියාකාරයා එය ඉවත් කොට වෙනත්  මූනක් එයට ඔබ්බවා ඇත. බලන්නම වටින මූණය.වෙන වෙලාවකනම් මා රණ්ඩුවට යමි.එහෙත් නුඹ නැති සොවින් අඬන මට අන් කිසිම දේකට සිතක් නැත.


නුඹේත් මගේත් ප්‍රේමයට  මේ ලියන අදට හරියටම  වසරක් සම්පූර්ණ වේ.( අප්‍රේල් 28 ) ඒ සතුට ඒ මිහිර සමරන්නටද නොතියා නුඹ යන්නට ගියාය.හිටි හැටියේ ආ නුඹ හිටි හැටියේම යන්නට ගොස්ය.කැමති වෙලාවක කැමති තැනක යන්නට කවදත් නුඹට නිදහස තිබුණි.එහෙත් නුඹ කවදාවත් මගේ දෑස් මායිමෙන් එපිටට නොගියේය.මා කොහෙද නුඹද ඒ අසළම උණි.මාද එසේමය. කොහේ ගියත් ඇඳිරි වැටෙද්දී මට නුඹ දකින්නට එනකම් සිහි නැත.රෑ කීයට ආවද මා එනතුරු නුඹ නින්දට නොහොස් බලා සිටී.


නුඹ ගැන දන්නා හැමෝම කියන්නේ නුඹ නුඹේ " ජීවිතය " සොයා යන්නට ඇත කියාය.එහෙත් මට එයින් සෑහීමකට පත් වෙන්නට බැරිය.නුඹට මා දුන් ජිවිතය මිහිරි නොවූයේ මන්ද ? නුඹේ නික්ම යාම අර ඊරිසියාකාරයට සතුටක් වෙතැයි මා මුලදී සිතුවද එයද එසේ වී නැත.මා මෙන් ප්‍රසිද්ධියේ හඬා  වැලපුනේ නැතුවාට එයාද දුකෙනි.මම අඬන විට ඇඟිල්ල උළුක් කර මට හප් කියා


"  ගිය එකා ගියා... කවදා හිටියත් යනවනේ... "


 කීවාට මට හොරෙන් එයාද නුඹ ආ ගිය තැන් විපරම් කරයි.එහෙත් නුඹ  පෙනෙන්නටවත් නැතිය.නුඹේ වරිගයේම උන් තව දහ දොළොස් දෙනෙක්ම මේ අඩවියේ සැරිසරණ නිසා නුඹ ඔවුන් හා එක්වී මා  හරි ඉක්මනට අමතක කර දමලාය.එහෙම හිතෙද්දී මහා ඊරිසියාවක්ද තරහක්ද මට දැනේ. " ආදෙන්කෝ.... මෝඩයා... දෙන්නම් පාර... " තරහින් පුපුර පුපුරා මා එසේ සිතමි.එහෙත් ටිකකින් දුක සිතේ. වෙලාවට කන්න ටික ලැබුනාද.... මේ මහා වැස්සට තෙමෙවිද...නිදන්නට සුව පහසු තැනක් ලැබේවිද ...මෙකී නොකී මහා ගොඩාක් දෙවල් හිතට හිතේ.අනේ නුඹට නිදුකක්ම වේවායි  මම දෙවියන් යදිමි.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


මගේ පුංචි හුරතලෝ... මගේ ලේන පැටික්කියේ... මගේ ටුන්කියෝ.... අපිව දාල ගියාට කමක් නෑ කොහේ හිටියත් පරිස්සමින් ඉදපන්.අපිව මතක් උනොත් ආයෙම දවසක ඇවිත් යන්න වරෙන්.අපි උඹ එනකං බලන් ඉන්නවා




ප / ලි
        බලන්නකෝ මගේ පුංචි ලේන පැටියා පෙරේදා ගිය ගමන් තාම ආවේ නෑ.ගේ පුරා නිදහසේ ඇවිදින එයා ගෙයින් පිට ගියත් ඒ ගිය ඉක්මනට ආපහු එනවා.ඒත් එදා එයගේ යාළුවෝ කට්ටියත් එක්ක එකට වැටිලා  ගියා ගියාමයි ආවේ නෑ.මම හිතන්නේ එයා පවුලක් වෙලාද කොහෙද. මට ගොඩාක් දුකයි එයා හැදුනේ හරියට  දරුවෙක් වගේ. වෙලාවකට අපි එයාට පුතේ කියලත් කතා කලා එච්චරට අපේ ජීවිත වලට සමීප වෙලා හිටපු එයාගේ මේ නික්ම යාම මටනම් තාමත් දරා ගන්න බෑ.එයා ඇවිත් යන්න හරි ඒවි කියලා මම බලාගෙන ඉන්නවා.ඔයාලට මතක ඇතිනේ මම එයා ගැන පෝස්ට් එකකුත් කලින් දාලා තියෙනවා. මේ තියෙන්නේ ඒක.


ලේන් හුරතල්


අපිට එයාව හම්බුනේ හරියටම ගිය අවුරුද්දෙ අප්‍රේල් 28.අදත් අප්‍රේල් 28 අවුරුදේ  උපන්දින  සාදෙටවත් නොඉද මේකා ගියානේ. ගර් ගර් ගර්......... ආපුදෙන්කෝ.............

22 comments:

  1. බොරැ කියන්නේ මොකටද මමනම් හොදට ඇද ගත්තා... මම හිතුවේ හබියා ඔයා නැතුව කොහේ හරි ගෙහුං ඇති කියලා... පස්සේ හිතුනා පරන ලව් එකක් ගැන කියනවා කියලා....

    මම ඇදගත්ත හොද නිර්මානයක් මේක.....

    මම ඔය ලේනා අහුවුනොත් මරනවා...

    ReplyDelete
  2. ඉගිලිලා ගිහින් හදපු කූඩුවත් අරන්
    ඇවිත් යන්න එන්න ලේනියෝ
    (අප්පට බොල ලේන්නු කවදද ඉගිලුනේ)

    ReplyDelete
  3. Pooh- අපොයි පූවෝ ඒකා මට නොකියා දවස් දෙකක් කොහේ හරි ගියොත් මගේ පපුව පැලිලා මම මැරෙයි.හී හී අනික මට පරණ මල ඉලව් නෑ මේක තමා මගේ එකම සහ අවසාන ප්‍රේමය

    ReplyDelete
  4. බට්ටි - හි හී මටත් ඔය සින්දුවම මතක් උනා. ඒකනේ ලේනියෝ පියාබන්නෙ නෑනේ

    ReplyDelete
  5. හෙහ්.. ඈ බොලේ මං හිතුවෙ මේ ලවු එකක් ගැන කියනවා කියලා.. තඩි කොමෙන්ට් එකකුත් ගහන්න හිටියෙ.. මදැයි.. :පී

    ඔය ලේන් පැටියා ආයෙ එයි.. අවුරුද්දක ලවු එකක් අමතක කරන්නෙ කොහොමද?? හෙහ්..

    ReplyDelete
  6. එයා ආපහු එයි ඔයා නවල් එකේ ඊළග කෑල්ල දාලා පිනක් කර ගත්තොත් නම්!

    ReplyDelete
  7. හපොයි....කවියෝ...ලේන් පැටිටා ගියාද? කිසිම අතුරැ ආන්තරාවක් නැතිව උගේ වරිගෙ අයත් එක්ක සතුටින් ඉන්නවා ඇති කවියෝ. අර ඉරිසියාකාරයාත් දුකින්ද? අනේ ඒ ඉරිසියාකාරයා කොහොම වසනවද දන්නෙ නැහැ ඔය ඇඩියාවත් එක්ක.

    ලස්සනයි කවියෝ ලස්සනට ලියල තියෙනවා මුලිදි හිතුනා මොකක් හරි පෙමි හුට පටයක් වෙන්න ඇති කියල අන්තිමට දැන ගත්තා ලේන් හුටපටයක් කියල මගෙන් සුභ පැතුමි
    මයෝ අක්කා

    ReplyDelete
  8. අපි, අපේ කියන දේවල් එක්ක දුකත් නිතරම බද්ධ වෙලා තියෙනවා. අපේ දෙයක්, කෙනෙක් නැති උනාම හිතට ගොඩක් දුකයි. ඒ අපේ කියන සිතුවිල්ල නිසා.

    ඔයාට ලේන් පැටියව ඉක්මනටම ලැබෙන්ඩ කියලා පතන්නම් !!!

    ReplyDelete
  9. අම්මෝ මුලින් මුලින් බය හිතුනා. පස්සේ තමයි තේරුනේ :)

    ReplyDelete
  10. මම මගේ රහස් පරික්ෂක දැනුම යෙදුවයින් ඔන්න අහු උනේ නෑ.. බ්ලොග් රෝල් එකේ ලේනෙල්ගේ ෆොටො එකක් දැක්කනේ.. අන්න මුලින් වෙන එකක් දැම්මනම් මාත් අහු වෙනවා... :)

    ReplyDelete
  11. එයා ආයෙ එයි අක්කේ.. එයාගෙ ජීවිතෙත් ගෙනියන්න ඕනනෙ.. මේ තරම් ආදරයෙන් රැක්ක ගෙදරට හුරුවුණ ලේනෙක් කවදාවත් දාලා යන්නෙ නැහැ.. :)
    ඉක්මනටම ආයෙත් අක්කා ළඟට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
  12. මුල් හරිය කියවනකොට හුස්ම ගන්නත් බැරි උනා. බය කරනවනේ... :)

    ReplyDelete
  13. ආගන්තුක යා - මේකත් ඉතින් ලව් එකක් තමා අනේ. ඔව් හැමෝම කියන්නෙ ආපහු එවි කියලා.

    ReplyDelete
  14. වර්ෂා.. - මේ දවස්වල ලේනා හොයන මෙහෙයුම තමා වැඩි හරියක්ම ඉක්මනටම දෙන්නම් හොදේ

    Mayo - ඔව් අක්කි ඌ ගියානේ ඉහි ඉහි. මම දුකින්. ඊරිසියාකාරයනම් ඉන්නකන් ඌට බැන්නා මම වැඩියෙන් ඌටයි ආදරේ කිය කිය මටයි ලේනටයි දෙන්නටම අරියාදු කලා,ඒත් එයත් ආදරෙයි ලේනට.දැන් ඉතින් මම චුට්ට චුට්ට හිත හදා ගන්නවා අක්කි හැමදාම එයාට අපි ළඟම ඉන්න බෑනෙ නේද?

    ReplyDelete
  15. මධුරංග - මුලින්ම ස්තූති මේ පැත්තට ආවට. මමනම් ඔයාගේ රසිකයෙක් හොදේ. සමහර ඒවට කමෙන්ට් නොදැම්මත් හැම එකම වගේ කියවනවා.

    වර්ණා - ම් එකනේ

    ReplyDelete
  16. නන්ඳු - හ්ම් ඔව් නන්ඳු... දුකයි තමා ඒත් මොනවා කරනන්ද. ඒ එයාගේ ජීවිතේනෙ. මට හිත හදා ගන්නම වෙනවා

    Lokkaiyaa - ඇත්තටම මම මේක ගොඩාක් දුකින් ලිව්වේ

    ReplyDelete
  17. අවුරුදු කාලේනේ ඉතින් එයා එයාගේ කට්ටිය හොයාගෙන නෑගම් යන්න ඇති. අවුරුදු පහුවෙලා අහපු ඔයාලව හොයාගෙන ඒවි. දුක් වෙන්න එපා අක්කේ.

    ReplyDelete
  18. හෆ්ෆටසිලි!! මම පින්තූරෙ දැක්කෙ නැතුව, මුල ඉදන්ම ගියේ වැරදි පාරක..:D හික්ස්..
    අනේ.. ඉතිං එයාව හම්බුනේ නැද්ද තාම??

    ReplyDelete
  19. පැතුම් [සිතුම් පැතුම්] ඒකනෙ එයා අලුත් නෑයෝ හොයාගෙන

    ReplyDelete
  20. හිතුවක්කාරි - එයා අපේ වත්තෙම ඉන්නවා තාප්පේ දිගේ දුවනවත් දැක්කා ඒ උනාට තාම ගෙදර ආවෙ නෑ

    ReplyDelete
  21. සත්තුන්ට එයාලගෙම ලෝකයක් තියනවනෙ කාව්‍යෝ. ඒක නෙමෙ, අර කෙල්ලට මොකද වුණෙ දෙනුවන් කොල්ලාව දැක්කාට පස්සෙ?

    ReplyDelete
  22. සිඳු - හි හී ඉන්න ඉන්න ඉවසලා එකත් දෙන්නම් ඉක්මනට

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...