මේ තියෙන්නෙ කලින් කොටස් නොබලපු අය ඉන්නවනම් බලලම එන්නකෝ
දෙනුවන් අනුහස 1
දෙනුවන් අනුහස 2
දෙනුවන් අනුහස 3
දෙනුවන් අනුහස 4
දෙනුවන් අනුහස 5
දෙනුවන් අනුහස 6
දෙනුවන් අනුහස 7
දෙනුවන් අනුහස 8
අසුනේ කොනටම වන්නට ඇදී ගොස් වාඩිවුන මා උරයේ රැදුණු බෑගය ගලවා උකුළට ගෙන දොතින්ම ළැමැදට තද කරගතිමි.තවමත් සීරුවට වැසි වැටේ.ඒ වැසි පරදන්නට මෙන් මගේ ඇසින්ද කඳුලු වරුසාවක්ම වැටේ.වැරෙන් තොල් සපාගෙන මම ඉකිය පාලනය කරන්නට වෙහෙසුනෙමි.දෙනුවන් කෝපයෙන් බව මා දනිමි . ඒ කෝපය කොයි මොහොතේ හෝ නැවත පුපුරා යනු ඇත.
ඉතින් ඊළඟ තත්පරයේ මගේ ජීවිතයේ මොනවා සිදු වෙදැයි නිශ්චිතව කිව සිතා ගත නොහැකි අසීරු තැනකට මා පත්වී සිටියෙමි.මේ යන්නේ කොහෙදැයි දෙනුවන්ගෙන් අසන්නට උවමනා විනිද එයට මට දිරියක් නොවීය.මා මේ සිටින්නේ මගේ ජිවිතයේ මා වැඩියෙන්ම ප්‍රේම කරන පුද්ගලයා ළඟ බව සැබෑවකි.ඒත් ඔහුට මා තවත් එක කෙල්ලෙක් පමණක් බව සිතන්නට කරුණු මිස එසේ නොසිතන්නට මා ළඟ කිසිම සාක්ෂියක් නැත.මුරුගසං වරුසාවක් මැද දෙපසින් ආවරණය කල තුන් සක් රියක් තුල මොනවා සිද්ධ වන්නට බැරිද ..?ලෝකයා මොනවා කීවද දෙනුවන් මගේ හදවතේ සදහටම නිකළැල්ය.. පූජණීයය.ඒ පූජණීයත්වයට කැලලක් වන වදනක් හෝ ඒ මුවින් පිට වුනොත් ඉතින් මට මේ ආදරයෙන් පලක් නැත.ඊටත් කොහොම බැලුවත් අද මේ සිදුවන හැමදෙයම අනුහස් අයියාට කරන මහා හතුරු කමකි.වෙන මොනවා ඉවසුවද පිරිමියෙක් තමා ආදරය කරන යුවතියගේ අතකින් හෝ වෙනත් පිරිමියෙක් අල්ලනවාට කැමති නැත.එය දරා ගන්නේද නැත. මොන ක්‍රමයෙන් හෝ ඒ තරහ පිට කරගන්නවාමය.කාගෙන්වත් කතාවක් නොඅසා කොල්ලන්ව තඹේකට මායිම් නොකර ආඩම්බරෙන් සිටි කවිති අද නැත්තටම නැතිවුවා නොවේද.
" මල්ලී කොහාටද යන්නේ "
රියදුරාගේ හඬින් තිගැස්සුනු මම ඉක්මනට කඳුලු පිහිදා ගෙන දෙනුවන් දෙස බැලීමි.මහ පාරේ දෙනුවන් මට කෑ ගැසූ හැටි මේ රියදුරාද දකින්නට ඇත.මහ මග උන් අය මෙන්ම ඔහුද මෙය පෙම් හබයක් බව සිතනවා නොඅනුමානය.මට ආයෙත් අලුතින් ලැජ්ජාවක් දැනුණි.
" පිලියන්දලට "
දෙනුවන් කී දෙයින් මට යාන්තමට හුස්මක් වැටුණි.ඒ හඬ දැන් නිවී ඇත. එහෙත් ඒ මුහුණ දෙස කෙලින් බලන්නට තවමත් මට හැකියාවක් නැත.මා මෙන්ම අසුනේ එහා කළවරම උන් දෙනුවන් එක පාරටම මා අසලට කිට්ටු විය.මම බෑග් එක හයියෙන් තුරුළු කරගෙන තවත් අසුනේ කෙළවරටම ගුළිවීම්.ඒ දැක දෙනුවන් ගේ මුවට හිනාවක් ආවේය.ඔහු අහක බලාගෙන හිනැහුනි.මීට විනාඩි ගානකට පෙර ඒ පපුවම මගේ කරගෙන උන් මා මෙලෙස හැසිරීම ඔහුට විහිළුවක් වූවාදැයි මට සිතුණි.සිතට දුක දැනී ආයේ ආයේ කඳුලු අලුත් විය.
" මම දන්නවා වෙච්ච දෙවල් වලට ඔයා දුක් වෙනවා බය වෙනවා... ඒත් ඒ කිසිම දෙයක් ඔයාවත් මමවත් හිතලා උවමනාවෙන් සිද්ධ උන දෙවල් නෙවේ.... වෙලාවේ හැටියට ඉබේම උන දෙයක් ... පුංචි Accident එකක් කියලා හිතලා ඒ සේරම අමතක කරලා දාන්න... "
බොහෝ සෙමෙන් දෙනුවන් එසේ කීවේ මට පමණක්ම ඇසෙන්නට මෙනි.ඔහු කියන්නේ සැබෑවකි ඒ කිසිම දෙයක් ඔහුවත් මාවත් හිතාමතා කල කී දෙවල් නොව එහෙත් පුංචි Accident එකක් යැයි කියා ඒ කිසිම දෙයක් අමතක කරනන්ට ඉතින් මට පුලුවන් වේවිද...මා ඒ පපුවට තුරුලු වූ කී වෙනියාදැයි කියා සමහර විට දෙනුවන්වත් නොදන්නවා විය හැක.ඉතින් ඔහුට එය මහා දෙයක් නොවන බව විශ්වාසය.මට මෙන් මතක් කර කර ඒ මිහිර ඒ තිගැස්ම විඳින්නට ඔහුට උවමනාවක් නැත.මම දෑස් පියා ඒ තත්පර කීපය යලි මවා ගතිමි.
" ඔයා ඔහොම බය වෙද්දි අඬද්දි මට මං ගැනම තරයි ... මං අතින් ලොකු වරදක් උනා කියන හැඟීම මට දැනෙනවා...මං ඔයාගේ හොදම යාලුවෙක් කියලා හිතලා බැරිනම් සහෝදරයෙක් කියලා හිතලවත් ඒක අමතක කරලා දාන්න... Please..... "
ඔහු ඇත්තටම කම්පා වෙන හඩකින් පැවසීය.දෙනුවන්ට මෙසේ කා ළඟවත් බැගෑපත් වී පුරුදු නැති බව මා අත්දැකීමෙන්ම දනිමි.සැරින් සැරේ මා ලඟදී වෙනස් වෙන ඔහුගේ මේ ගතිගුණ මා අවුලෙන් අවුලට පත් කරයි.මේ හිතුවක්කාරයා තේරුම් ගන්නට මෙන් මා ඔහුට හොරෙන් ඔහු දෙස බැලීමි.
මා තරමටම නැතත් දෙනුවන්ද වැහි දියෙන් තෙමී ඇත.මුහුණට වැටෙන තරම් දිග ඒ අකීකරු කෙස් රොදෙන් වැහි බිඳු එක දෙක වැටේ.ඒ හැම වරකදීම ඔහු දෑතින්ම කෙස් පිටුපසට කර ඔලුව දෙපසට වනයි.ඇති පදමටම තෙත බරිත වී ඉන්න මගේ ඇගටද වැහි බිඳු විසි වෙයි.කවදත් මා ඇලුම් කරන ඒ ජේත්තුකාර කොලුකම් ඔහු ළඟ ඕනාවටත් වැඩි තරම්ය.හැමෝම කියන දකින දඩබ්බරයාට රස්තියාදුකාරයාට එහා ගිය දඟකාර හුරතල් කොලු කමක් ඔහුගෙන් දකින්නේ මා පමණක්මද.. එහෙම නැත්තම් ඔහු මෙලෙස හැසිරෙන්නේ මා ළඟ පමණක්ද..
එක වරම යමක් මතක් වූවාක් මෙන් දෙනුවන් මදක් ඉදිරියට නැවී කලිසම් සාක්කුවේ රුවා සිටි දෙයක් එළියට ගෙන තවත් ටිකක් මා ළඟට වී මා ළැමට තද කරගෙන උන් බෑගයෙ කොණකින් අල්ලා ගති.මා තිගැස්සී පස්සට විය.
" මට ඔච්චර බය වෙන්න එපා... ආයෙ කවදාවත් වැරදිලාවත් මගේ ඇගිල්ලක්වත් ඔය ඇගේ ගෑවෙන එකක් නෑ.."
පුංචි Teddy Bear කෙනෙක් සහිත Key Tag එකක් මගේ බෑගයේ Zip එකේ රදවමින් දෙනුවන් කීවේ මගේ ඇස් ඒ ඇස් වලින් අල්ලා ගන්නට වෙහෙසෙමිනි.මට මහා දුකක් දැණුනි.මේ බය තිගැස්ම ඔහු ගැන උතුරන ආදරය වෙනුවෙන් මිස වෙන කිසිම දෙයක් වෙනුවෙන් නොවන බව ඔහුට කියා ගන්නට බැරිව මා ලතවුනෙමි.ඔහු බදා වැළදගෙන මහා හඩින් හඬන්නට මම ආදරෙයි දෙනුවන් කියා කියනන්ට අනේ මාව මෙහෙමම කොහේ හරි අරන් යන්න කියා ඒ කකුල් අල්ලා වැදවැටෙන්නට මට දස දහස්වරක් සිතුණි.ඒ හැගීම් පිට කරගනන්ට බැරිව මම වෙව්ලන්නට වීමි.
" ඔයාව වෙව්ලනවා "
මොහොතක් මදෙස පුදුමයෙන් මෙන් බලා සිටි දෙනුවන් වහා ළඟට එන්නට ගොස් යමක් මතක් වී මෙන් සැනෙන් ආයෙත් දුරට ගියේය.
" ගෑණු ළමයි ආඩම්බර වෙන්න ඕනෙ ඒ උනාට මුරණ්ඩු වෙන්න හොද නෑ දැන් පේනවනේ ඒකට වන්දි ගෙවන හැටි... ගෙදර ගිය ගමන් ඉක්මනට ඇඳුම් මාරු කරල ඇග පිහිද ගන්න "
තාත්තෙක් දරුවෙකුට තරවටු කරන්නාක් මෙන් දෙනුවන් මට දෙස් තබයි.එහෙත් එය සොඳුරු ආදරණීය තරවටුවක් මෙනි.අද ඔහු දොඩන හැම වදනකින්ම ඔහුට බැදි සිත තව තවත් ප්‍රේමයෙන් පිරේ.මා දරා උන්නාට වෙන කිසිම කෙනෙක් මෙවන් මොහොතක් දරා ගන්නේ නැත.
" සුරංඟනාවී බහින්න දැන් අපි ඔයාගේ ගේ ළඟ "
දෙනුවන් එසේ කියද්දී මා පුදුමයට පත්වීමි.වැසි ආවරණය ඉවත් කර මා හිස මදක් ඉවතට දා බැලීමි. සැබෑය අප ඉන්නේ අපේ ගේට්ටුව ඉදිරිපිටය. දෙනුවන් මගේ නිවස හරියටම දන්නේ කොහොමදැයි මම සිතීමි.එකම නගරයේ දෙපසක වෙසෙන ඔහුට මගේ ගේ සොයා ගැනීම මහ දෙයක් නොවෙන්නට ඇත.වැස්ස තවම නැවතී නැත.කල්පාන්තයට වහින වැස්ස මෙන් එය හැමතැනටම එකම විදියට ඇද හැලේ.ඉතින් දැන් සමුගන්නට වෙලාවය. මා හැරී දෙනුවන් දෙස බැලීමි.
" යන්නම් "
ඇසෙන නොඇසෙන තරම් හිමිහිට මා එසේ කියා ගතිමි.
" ආපහු තෙමෙන්න වෙනවනේ...මම Gate එක ඇරලා වත්තට දාන්නද වීල් එක..."
" එපා.... මම යන්නම් ..."
මා එසේ කියා බැසගතිමි.දෙනුවන්ද එහා පසින් බැස ගත්තේය.මා වටෙන් විත් ඔහු ළඟ නැවතුනෙමි.
" ඉක්මනට දුවන්න...අම්මට කියලා උණුවෙන් කෝපි එකක් හදාගෙන බොන්න..."
මා හිස වනා එය පිළිගතිමි.
" ඔයත් තෙමෙන්න එපා පරිස්සමින් යන්න... බුදුසරණයි.."
දෙනුවන් ලස්සනට හිනා වී මදෙස බැලීය
" බුදුසරණයි සුරංඟනාවී ඔයාටත්..."
ගේට්ටුව හැර මා දොර දක්වා හැල්මේ දුව ගියෙමි.ආපසු හැරී බලද්දීත් දෙනුවන් ඒ වැස්සේ තෙමි තෙමී මදෙස
බලා හිදිනවා මා දුටිමි.ඊටත් ටිකකට පසු ඔහු අත වනා රියට ගොඩ විය.දොර සීනුව තද කරගෙනම මා එහෙමම දොරට හේත්තු උනෙමි.
" දෙයියනේ..... දරුවෝ මොකද මේ.... "
අම්මා මා දැක බෙහෙවින් බිය වන්නට ඇත. වැස්සට තෙත බරිතව දිය බේරෙන මා එහෙමම අම්මාට තුරුල් විය.
" පිස්සුද සුදු දූ ඔයාට... මේ දාරාණිපාත වැස්සේ තෙමි තෙමි ආවේ විකාරෙන්ද ඔයා... කටින් කටට කිව්වා මම කුඩේ අරන් යන්න කියලා... කෝ ඒක කණකට ගත්තද..."
" පායනකන් කියලා කොච්චර වෙලා ඉන්නද අම්මා... ටවුන් එකේ එක ට්‍රයිශෝ එකක්වත් නෑ අම්මා... ඒ නිසා මම පයින්ම දුවගෙනම ආවා "
මේ බොරු කොහෙන් කටට එනවාදැයි මටම පුදුමය.වැහි දියට මුසුව නෙතින් ගලන කඳුලු අම්මාගෙන් වසං කරගෙන මෙතැනින් ඉක්මනට බේරි කාමරයට දුවන්නට මට ඕනෑ විය.
" ඉක්මනට ඇදුම් මාරු කරගන්න... මම කොත්තමල්ලි ටිකක් හදාගෙන එන්නම්...අසනීපයක් උනොත් අර දරුවයි මමයි නැහෙන්න ඕනෙ.. පොඩි එකෙක් වගේ සෙල්ලම් වැඩ කරන්න එපා සුදු දූ..."
ලද අවසරයෙන් මා පිම්මේ කාමරයට දිව ගොස් එහෙමම ඇදට වැටුණෙමි.පැය ගානක් හිර කරගෙන උන් කඳුළු මා මහා හඩින් හඩමින් සිත්සේ පිට කලෙමි. ඉතින් යලි ජීවිතය තිබුනාටත් වැඩි ආගාධෙකට ඇද වැටුනා නොවේද.මෙයින් ගොඩ එන්නට යලි කවදාවත් මට බැරි වෙන බව මා දනිමි.අම්මාට අනුහස් අයියාට සේම තාරාටද ආයෙ මට මුහුණ දීමට බැරිය.දෙනුවන්ගෙන් මේ තරම් වසං වී ඉදිද්දීත් ආයේ ආයේ ඔහුව මෙලෙස දෛවය විසින් මට මුන ගස්සවන්නේ මගේ ඉරණම දෙනුවන්ගේ ඇස් වලම ලියා ඇති නිසාදැයි මට සිතේ.
කොහේ යතත් මා කරේ එල්ලාගෙන යන මගේ ප්‍රියතම ලෙදර් බෑගය තවමත් මා තුරුලු කර ගත් ගමන්මය. දෙනුවන් විසින් එහි එල්ලූ Ket Tag එක මා මුහුණට තියා තද කර ගතිමි.එයින් හමන්නේත් ඒ පපුවේ රැදි සුවඳමය.ඒ සුවඳ මගේ සිහිය ඈත කොහාටදෝ තල්ලු කරන්නාක් මෙනි.කිසිවක්ම නොපවසා මෙවන් සුන්දර තිළිණයක් ඔහු මට දුන්නේ ඇයි...? ඔහු එය ගත්තේ මා වෙනුවෙන්මද? ඔලුව හත් කඩකට පැලෙන්නට මෙන් රිදුම් දෙද්දීත් මා කිසිදාක උත්තර නොලැබෙන ඒ ප්‍රශ්ණ වලට පිළිතුරු සෙවීමි.මා අසාමාන්‍ය ලෙස වෙව්ලමින් සිටියෙමි. ඒ සීතලටම පමණක් නොවන බව මා දනිමි.
එක වරම දුරකතනය එක දිගටම නාද වන්නට විය. මා සිතුවේම ඒ දෙනුවන් වන්නට ඇත කියාය. මා බෑගය ඇද දඩි බිඩියේ ෆෝන් එක සොයා ගතිමි. නැත ඒ තාරාය.මේ මොහොතේ ඇයට කතා කරනන්ට තරම් සිහියක් පේන මානයකවත් නැත. ඇරත් කතා කර ඇයට මොනවා කියන්නද. මා එහෙමම දුරකතනය විසන්ධි කර මේසය මතට විසි කලෙමි.ඊළඟ විනාඩියේ මා සිතූ සේම ගෙදර දුරකතනය නද දෙන්නට විය.ඒ තාරා බව මා දනිමි.අම්මා තව මොහොතකින් ඇයට මා වැස්සේ තෙමීගෙන ආ බව පවසනවා ඇත.ඇයට මොන මොනවා හෝ හිතා ගන්නට ඒ ටිකම ඇත.අම්මා කාමරයට එන්නට කලින් මම නාන කාමරයට ගොස් දොර වසා ගතිමි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉතිං ඒ රැයේ මට සහළවා උණ ගන්නට විය. උණ විකාරෙන් මා අසිහියෙන් මෙන් දොඩවන්නට විය.ඇස් පියන හැම මොහොතකම මා දෙනුවන්ගේ පපුවට තුරුළු වී ඉන්නවා පෙණුනි. ඇස් අරින හැම මොහොතකම අනුහස් අයියා ළඟට වී මා හිස පිරිමදිනවා දුටිමි.පැයක දෙකක කෙටි නින්දක අවසන මා බියකරු සිහින දැක කෑ ගසමින් අවදි වූයෙමි.අම්මාත් අනුහස් අයියාට නිදි වරමින් මා ළඟම විය.
" සුදූ ... මගේ නංගී... බය වෙන්න එපා රත්තරං... ඔයාගේ සුදු අයියා ඔයා ළඟම ඉන්නවා...මේ අම්මත් ඉන්නේ...ඔයාට මොනවත් වෙන්නේ නෑ...දැන් නිදා ගන්න වස්තුවේ... ඔයාට ඉක්මනට සනීප වෙයි..."
එක දිගටම හිස අතගාමින් බෙහෙත් පොවමින් සුදු අයියා මා සනසයි.අම්මා මෙන්ම ඔහුද තවමත් සිතා සිටින්නේ මා හිතුවක්කාර කමට වැස්සේ තෙමී ලෙඩ වී ඇති බවය.එය මට සැනසීමක් වුනිද සුදු අයියාගේ මුහුණ කෙලින් බලන්නට බැරිව ලතැවීමි.කවදා වෙන තුරු මේ රහස් මෙසේ රකින්නට වේදැයි මා නොදනිමි.වෙන ඕන දෙයක් වෙන්නට කියා ඒ ලැබුණු අවස්ථාවේ මේ හැමදේම දෙනුවන්ට කියන්නට තිබුනා නොවේදැයි මට දැන් දැන් වැඩි වැඩියෙන් සිතේ.ඒ සුසුමක උණුහුම වැටෙන මානයටම ළං වීත් ඔහුට මගේ හදවත ගැහෙන රිද්මය වටහා ගන්නට බැරි වූ හැටි.
සිහියත් අසිහියත් නින්දත් නොනින්දත් අතර ගෙවුන පැය ගනනාවකට පසු උදෑසන වන විට මම යම්තාක් දුරකට වැර වෑයම් කර සිත පාලනය කර ගතිමි.ඒ අන් කිසිවක් නිසා නොව මා නිසා දුක් මහන්සි වෙන අම්මාත් අනුහස් අයියාත් වෙනුවෙනි.ඇදෙන් නැගිටීමටවත් හිතට ගතට හයි හත්තියක් නොතිබූ මුත් මා නිකමටවත් ඒ බවක් අගවන්නට ගියේ නැත.අම්මාත් අනුහස් අයියාත් එහා මෙහා වූ සැනින් මම තාරාට ඇමතුමක් ගතිම්.
" ආහ්..... කුමාරිහාමිට දැන්ද මතක් උනේ... කියපං බලන්න ආපහු අල්ලපු අඩව්ව මොකක්ද කියල...."
ඇය කේන්තියෙනි.කාට හැංගුවත් මේ කිසිවක් ඇයට හංගා පලක් නැත.
" තාරා... Please මං වෙනුවෙන් ඉක්මනට වරෙන්... අනේ මට උඹ එක්ක කතා කරන්න ඕනේ..."
වෙන කවරදාටත් වඩා මගේ හඬ බිදී තිබෙන්නට ඇත.
" කවී .. මේ අහපං උඹ ආයේ Play කරන්න හදන්නේ පරණ තැටියමනම් ඕක අහන්න වෙන කෙනෙක් හොයා ගනිං.. මම මෙහෙටම වෙලා ඉන්නවා..."
Please Please...... Please....... තාරා... අනේ මං මැරෙයි...තව එකම එක පාරක් මාව ආගෙන හිටපං මට එකම එක උදව්වක් කරපං තාරා.... අනේ ඔයාට පිං සිද්ධ වෙනවා..."
මා ඉකිබිදිමින්ම ඇමතුම විසන්ධි කලෙමි. ඒ සැනින් ආයේ තාරා මට ඇමතූවද මම කතා නොකලෙමි.පුලුවන් කමක් තිබුනොත් ඈ මේ මොහොතේම පිටත් වන බව මා දනිමි.
තවත් දිනක් නැත්තන් දෙකක් එලෙසින්ම ගෙවී යන්නට විය.මා ඒ වන විට බොහෝ ගිලන් වී සිටියෙමි.දින ගනනකින් හරියට කෑමක් බීමක් නැතුව මා බලා ගත් අත බලා ඉන්නට විය.අනුහස් අයියා දෙපාරකටම මාව වෛද්‍ය වරයෙකු ළඟට රැගෙන ගියේය.අකල් වැස්සට තෙමී මා ලෙඩ වී ඇති බව මිස මගේ හිත ගිලන් වී ඇති බව වෙද නලාවටවත් අසු නොවුණි.දෙනුවන්ව ආයේ එක පාරකට හෝ දැක ගැනීමේ තද බල උවමනාවකින් මා පෙලෙමින් සිටියෙමි.ඒ හැගුම කියා ගන්නට කෙනෙක් නැතුව මම හිඟන්නියක සේ තැන තැන වැටී ඉකිබින්දෙමි.
" දෙයියනේ කවී ... මොකද කෙල්ලෙ මේ උනේ....."
තාරා මා දැක ඇස් වල කඳුලු පුරවා ගති.සාලයේ උන් මා ඇය ඇදගෙන කාමරයට දිව්වේ නව පණක් ආවාක් මෙනි.
" මෙයාට වැඩිපුර තිබිලා තියෙන්නේ යාලුවා නැති සාංකාවද කොහෙද "
මා හිනැහෙමින් දුවනවා දැක අම්මා කීවේ බොරු තරහක් මවා ගෙන වෙන්නට ඇත.තාරා ඇද මතින් හිදුවා සිදු වූ සියල්ල අකුරක් නෑර මා ඇයට පැවසීමි.ඇය වෙනදා මෙන් මැද්දට පැන මට බැන්නේ නැත.ගල් ගිල්ලාක් මෙන් සිට මා කියූ දෙවල් අසා සිටින්නට විය.
" ඔයා ඇයි මුකුත් නොකියන්නේ තාරා... අනේ ඔයා අහගෙන නේද ඉන්නේ...ඔයා දන්නවද... දන්වද... තාරා ඒ පපුවේ රස්නේ මගේ මෙතන්ට මෙතන්ට මෙතන්ට දැනුනා... ඒ හුස්ම මගේ මෙතන්ට මෙතන්ට මෙතන්ට වැදුනා....මට කියන්න මම දැන් කොහොමද හිත හදාගෙන ජීවත් වෙන්නේ...මට මැරෙන්න ඕනෙ තාරා ... අනේ මට මැරෙන්න ඕනෙ..."
මා අසිහියෙන් මෙන් කෑ ගැසුවෙමි. එහෙත් තාරා වදනක්වත් දෙඩුවේ නැත.
" නෑහෙන ගානට ඔහොම ඉන්න එපා තාරා...මම ඔයාගෙන් එකම එක උදව්වක් ඉල්ලනවා මට දෙනුවන්ව එක සැරේකට Meet වෙන්න ඕනෙ.... මට ආදරේ නෑ කියලා එයාගේ කටින් කිව්වොත් මම මේ හැමදේම අමතක කරනව තාරා.....සත්තයි... අනේ මට එයාව එකම එක සැරේකට මුණගස්සන්න Please කියන්නකෝ මට ඒ උදව්ව කරනවද ඔයා...."
මා ඈට බැගෑපත් වුනෙමි.ඈ බලගත් අත බල ගැඹුරු කල්පනාවක විය.
" මං දන්නවා ඔයා තරහින් ඒත් මට බනින්නෙපා .... මට තවත් මේව ඉවසන්න බෑ තාරා... ඔයාට පේනවද මම මේ ගින්දරින් පිච්චෙනවා හැම තප්පරේකම..."
සියල්ල අසා සිටි ඈ යන්නට ගියාය.වෙනදා මෙන් මගේ තනියට නවතින්න කීවද ඈ එය නෑසුනාක් මෙන් යන්නට ගියාය.දෙනුවන් හමුවන්නට මාර්ගයක් පාදා ඇය කතා කරන තුරු මා තවත් දවසක් දෙකක් ඉවසන්නට හිත හදා ගතිමි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මා සිතූ තරම් ඉක්මනට තාරා මට කතා කලේ නැත.වෙනදාට දහ දොලොස් වතාවක් මට කතා කරන ඈ ඒ ගියාට පසු එකම ඇමතුමක්වත් දුන්නේද නැත.සැදැළ්ලට වී ගේට්ටුව දෙස බලමින් මා ඇය එන මග බලා සිටියෙමි.මග බලා හෙම්බත් වූ පසු මා ඇයට ඇමතුමක් ගතිමි.
" කියන්න කවී "
මහා වෙනසක් ඒ හඩේ ඇති බව දැනුනද මා ඉවසා සිටියෙමි.
" තාරා ඇයි ඔයා අපේ ගෙදර එන්නේ නැත්තේ ? "
" මට වැඩ වගයක් තිබුනා කවී ඒකයි "
" ඔයා වෙනස් වෙලා "
මම අපමණ දුකින් කීමි.මොන වැඩ තිබුනද මා කියූ දෙයක් පැහැර නොහරින ඇගේ වෙනස මට මහා මෙරක් තරමට දැනුණි.
" ඔව් සමහර විට....හැමදෙම වෙනස් වෙනකොට අපිටත් ඉබේම වෙනස් වෙන්න වෙනවනේ කවී..."
" ඔයා මා එක්ක තරහින් තාරා... මං දන්නවා මම වැරදී කියල... මට ඒ වරද හදා ගන්න උදව් කරන්න තාරා....මෙච්චර ළඟින් හිටපු ඔයත් මාව අත ඇරියොත් මට කවුද ඉන්නෙ තාරා..."
මගේ හඬ බිදී ඇස් වලට කඳුළු පිරුණි.මහා සුසුමක් පිට කලා මිස තාරා එයට කිසිවක්ම කිවේ නැත.
" අපි දෙනුවන් Meet වෙන්න යමු තාරා "
" බලමුකො මම එන්නං වෙලාවක "
ඇය කීවේ ඕනාවට එපාවටය.ඇගේ මේ වෙනස දරා ගනන්ට තරම් ශක්තියක් මට තිබුනේම නැත.එහෙත් මේ සියල්ල දරාගන්නවා ඉවසනවා හැරෙන්නට මට කරන්න අන් යමක් තිබුනේත් නැත.
ඉතින් දවස් ගෙවි ගෙවී ගොස් දෙසැම්බර් 22 දාට ඉර ඇහැරුණි.කවදා නාවත් අද තාරා මෙහෙ එන බව මා ඉඳුරාම දැන සිටියෙමි.ඒ මා එක්ක කොපමණ අමනාප වුනත් අනුහස් අයියාගේ උපන් දිනය ඈ අමතක නොකරන බව මා දනිමි.කොයි මොහොතේ හෝ පැමිණ වෙනදා මෙන්ම විහිළුවක් කර මා අවුස්සා ඈ සිනා සෙනු ඇත.ඇගේ ඇසුර නැතුව ගෙවුනු දවස්වල දුක තුනී වී සියුම් සතුටක් හිත පුරා දිව යන්නට විය.ඒ උද්දාමයෙන් මා බොහෝ දවසකට පසු පහළට බැස් මිඳුළේ ඇවිදීමි.
සේපාලිකා ගස යට බංකුවේ වාඩි වී මම පාර බලා සිටියෙමි.මට රවමින් ඔරවමින් තාරා ගේට්ටුවෙන් ඇතුළු වෙන හැටි මා මවා ගතිමි.එක පාරටම අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් අපේ ගේට්ටුව ළඟ මහා හඩක් නංවාගෙන නතර විය.මගේ දෙනෙත් මට බොරු නොකරන්නේනම් ඒ දෙනුවන්ගේ බයිසිකලය හා දෙනුවන්ය.ඔහුට පිටු පසින් පිටට හේත්තු වී ඔහුගේ ළය බදා සිටියේ තාරාය.බංකුවෙන් නැගී සිටගත් මා එහෙමම ආයෙත් බංකුව මත ඉන්දවිනි.
වෙන්නට යන්නේ මොනවදැයි නිනව් නැතුව මා බලා සිටියෙමි.හෙල්මට් එක ගලවා ඒ අකීකරු කෙස් රොද පසට දමමින් දෙනුවන් මා හා සිනාසුණි.තාරා බැස ගේට්ටුව හැර මා ලඟට පැමිනෙයි.
" කවී Sorry අනේ අද හවස අනුහස් අයියාගේ Part එකට මට එන්න වෙන්නේ නෑ හොදේ අපිට ගමනක් යන්න වෙලා... මං අනුහස් අයියට Wish කියලා කියලා ඔයා කියන්නකෝ හොදේ...දෙනුවන් බලාගෙන ඉන්නව කෙල්ලේ අපිට පරක්කුයි අපි යනවා හොදේ...."
සවන් අදහාගන්නට නොහැකිව මා බලා සිටියෙමි.යන්නට ගිය තාරා ආපසු හැරුණි.
" මේ... අනුහස් අයියට කියපං Wedding එක ලෑස්ති කරන්න කියලා මම දෙවෙනි මනමාලයා හොයා ගත්තා..."
ඇසක් ඉඟිමරා ඇය කීවේ වෙනදා මෙන්ම සැහැල්ලුවෙනි.සිනාසී අත වනා ඇය ගොස් යතුරු පැදියට ගොඩ විය ආවාක් මෙන්ම වේගයෙන් එය ඉගිල්ලුණි.දෑස් නිලංකාර වී සියල්ල මා වටා බ්‍රමණය වෙන්නාක් මෙන් මට දැනුණි.නැත මෙය සිහිනයකි මා මේ දුටුවේ සිහිනයකි.දෑස් පිහදා මම සිහි එළවා ගන්නට තැත් කලෙමි.කෑගසා හඩනන්ට ඕනෑ වීද මගේ මුව අගුල් වැටී ඇති සෙයකි.තාරා ඔයා මට මොකක්ද මේ කලේ තාරා... මා මගේම කෙස් රොද වැරෙන් ඇද ගතිමි. පපුවට දෑතින්ම ගසා ගතිමි.
" මේච්චර දවසක් මාව මග ඇරියේ ඔයා මේ හපන් කම කරන්නද තාරා... මට .. මට... මෙච්චර නපුරු කමක් කරන්න තරං ඔයා නපුරු උනේ කොහොමද තාරා...එයා එක්ක මං ඉස්සරහට එන්න තරං හයියක් ... අනේ ඔයාට කොහෙන්ද තාරා...."
මිඳුලේ ඇද වැටී මා පොළවේ හැපි හැපී හැඬුවෙමි.
" අනේ ආයෙත් හරවන් ඇවිත් මට කියල යන්න මේක විහිලුවක් බොරුවක් කියල....ඔයා මට මේ දෙනුවන් මුණ ගස්සපු හැටිද තාරා...ඔයාට බෑ මට මෙහෙම කරන්න යාළුවේ... ඔයාට බෑ... බෑ..."
අසන්නට කෙනෙක් අහල පහලක නොවුනද මම තනියම කියවමින් කෑ ගැසුවෙමි.මේ ද්‍රෝහීකම ඉවසනන්ට තරම් මේ හිතට හයියක් නැත.ආයේ මේ ඇස් වලින් එවන් දසුනක් දකින්නට මා ජීවත් විය යුතුද නැත.
" ඔය දෙන්නට සතුටින් ඉන්නනම් මට මැරෙන්නම වෙනවා තාරා..."
සැනින් මා නැගී සිට ගතිමි.සිතට ආවේ එකම සිතුවිල්ලකි. මා පිම්මේ ගෙට දුව ගියෙමි.සාලයේ ස්ටූල් එක මත අඩක් නිම කල අම්මාගේ එම්බ්‍රොයිඩර් මැස්මක් විය.ඒ අසලම තිබූ නූල් කපන පුංචි කතුර මා දෑසට අසු විය.එවන් දසුනක් දැකි මේ ඇස් තවත් නම් වැඩක් නැත.මහා හඬින් හිනැහෙමින් මා ඇස් දෙකම පසාරු වෙන තුරු කීප වරක් කතුර එහා මෙහා ගෙන ගියෙමි.සාලයේ තිබූ මාලු ටැංකියත් පෙරලා ගෙන මා ඇද වැටෙනවා මට යාංතමට මතකය.ඉතිං එපමණකි.
~~ මතුසම්භන්ධයි ~~
සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
දෙයියනේ...:O මේ මොනාද මේ වුනේ?? තාරා දෙනුවන් එක්ක...????? එහෙම එකසැරේම වුනේ කොහොමද? ඒත් කවීට දුක වුනත්, මම කැමතියි එයා දෙනුවන් එක්ක යාලු වුන එකට.. නැත්තම් අනුහස් අයියා පවු!!
ReplyDeleteඒත් සමහරවිට ඕක රඟපෑමක් වෙන්න බැරිද??
ලස්සනයි අක්කි!! උපරිමයි කතාව!! එක හුස්මට කියෙව්වා
මලා... මේ මොකෝ මේ උනේ.. මම හිතපු දේ නොවුන එක ගැන මම සතුටු වෙන පළවෙනි පාර මේ..
ReplyDeleteමම හිතන්නේ තාරා දෙනුවන් එක්ක යාළු උනේ කවි නිසා.. මට නම් තාරාගේ වැරැද්දක් කියන්න බෑ.. වැරැද්ද කවිගේ..
බලමුකෝ ඉතිරියත්..
හිතුවක්කාරි - ස්තූතී හිතූ හැමදාමත් වගේම.
ReplyDeleteDinesh - ඔයාටත් ස්තූති මල්ලි
ReplyDeleteane digateme kathawe kiyawwa misak comment ekak danne une na,, me blog eke hambune hithu akkige blog eke thibiala.. lassanay akkigeth kathawe :) ane me kavi ay hithuwe nathe eyage ammi anuhas ayya ganay???
ReplyDeleteඅදනම් කතාව උපරිමයි කාව්‍යා..තාරා මේ දේ කලේ කවී-අනුහස් ගැන හිතල වෙන්න ඇති..ඒත් ඒකෙන් කවීගෙ ඇස් දෙක අහිමි වෙනව කියන එක තාරාට දරාගන්න පුලුවන් වෙයිද?
ReplyDeleteGlimmer Girl -මෙහි පැමිණීමට ස්තූති ඔයාට දිගටම රැදිල ඉදිවී කියල විශ්වාස කරනවා
ReplyDeleteසිත්රූ සිහින - මෙච්චර කාර්යබහුල වෙලාවකත් ඔයා මේක කියවලා කමෙන්ට් කිර්‍රිම ගැන සතුටුයි සිත් රූ. කොහොමඩ අලුත් ජීවිතේ එහෙම ?
ReplyDeleteමම නම් හිතන්නේ තාරා රගපෑමක් කරනවා කියලයි..
ReplyDeleteඅනේ ඇයි කාව්‍යා අර අහිංසක කෙල්ලට මෙහෙම කළේ? පව්. මාව සීතල වුණා
ReplyDeleteමේක කොටන වේලේත් මගේ ඇග හිරි වැටිලා තියෙන්නේ.... කියවපු කතා වලින් ඔලුව බකල් වෙන හොද කතාවක්, එද දවසකට එක විදිහකට හිතෙනවා, තව දවසකට තව විදිහකට හිතෙනවා... මේකේ අවසානේ හිතාගන්නම බැ.. කුතුහලය උපරිමයි කවියෝ...
ReplyDeleteසමහර විට තාරාට අනුහස් අයියට හොදක් කරන්න ඕන හින්දා, එයා දෙනුවන් එක්ක යාලුවේලා ඇති නේද? පව් තාරා,
dyno | ඩයිනෝ - අනේ මංදා ඩයිනෝ...
ReplyDeleteසිඳු - කාව්‍යා ( මම ) කවිතිව පිස්සු වට්ටනවා නේද සිඳු
ReplyDeletePooh - ඇයි පරක්කු උනේ කමෙන්ට් කරන්න ආ....?
ReplyDeleteමම දැන් මේහේ නැ කවියො.... දුෂ්කර පලාතක මාරැ වේලා ඉන්නේ... දැන්මට ඉන්ර්ටනේට් නැතෝ.... පුලුවන් පුලුවන් වේලාවට තමයි ඒන්නේ... මොන දිල්ලියක හිටියත් මේ කතාව මම කියවනවා කවියෝ
ReplyDeleteඔයාගේ සංවත්සරයට මම විශ්කලා ඔයා නිකන්වත් ස්තුතියි කියලා කෙක් කැල්ලක් දුන්නේ නැ... ලබන අවුරැද්දේ ප්‍රසුතාගාරයේම ඉන්න ලැබේවා.... මේ මම දැන් ෆෙස් බුකියෙත් නැ ඕදේ
ReplyDeletePooh ඔව් මන් දැක්කා බුකියෙ නෑ කියලත්. අපි මෙ අඔයාව හෙව්වා. කොහෙද අනේ දුෂ්කර පලාත දැන් ඔයා ඉන්න? අපිට බොලු කියන්න එපා අනේ. ඔයා මේ දවස්වල හාමිනා එක්ක ක්ලිනික් යනවා නේද
ReplyDeleteහපොයි දෙයියනේ...කතාවේ බාගයක් කියවද්දී නම් වෙනදා නැති සතුටක් අවා තාරා කරපු වැඩේ හින්දා..හැබැයි අන්තිම ටික දකිද්දී නිකන් කලන්තේ වගේ...අනේ අපොයි ඒ පාර මොකක්ද මේ වෙන්න යන වින්නැහිය....මේ කතා ටිකේම කුතුහලේ උපරිමේටම අවුස්සලා නවත්තපු කතාව තමයි මේක අක්කි..අනිත් කොටසත් ඉක්මනටම දාන්න....
ReplyDeleteඕ ඇම් ජී......
ReplyDeleteඅක්කා..කොහොම ප්ලෑන් කරලා මේ කතාව ලියනවද මන්දා..මට නම් හිතා ගන්නවත් බැරි උනා තාරා කරපු දේ ගැන....ජීවිතේටවත් හිතන්නේ නැති දෙයක්..
උපරිමයි අක්කා...සුපර්බ්....කතාව..
ish - හරි හරී ඉක්මනටම දෙන්නම්කෝ
ReplyDeleteපිස්සු පුසා - ස්තූති පිස්සු පූසෝ. අනේ මංදා ඔයා කොහෙන් හරි කඩාපාත්වෙලා මේක කියවනවා නේද ? කෝ දැන් ඔයා බ්ලොග් ලියන්නේ නැද්ද
ReplyDeleteලියන්න ඕනා අක්කා..වෙලාවක් හම්බුනේ නෑ...ඒ කියන්නේ කම්මලි කම...
ReplyDeleteහි හි අක්කා ලස්සනට ලියලා තියෙන නිසා බලන්න හිතෙනවා....මම හැමදාම වගේ ඇවිත් බලනවා කතාවේ ඉතුරුටික දාලා තියෙනවද කියලා...
(හුටා අපේ පූ ක්ලිනික් ගානේ යනවද දැන් එකතමා එහෙනම් බුකියේ නැත්තේ
ReplyDeleteදැන් කවදටද කාවයියා ක්ලිනික් යන්නේ හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් )
හුටා මේක අද බලද්දී වෙනස් වෙලානේ කොහොම හරි කමක් නැ ඉතින් හොද අතට වෙනවනම් මම හිතන්නේ තාරා බොරුවක් වගේ කරන්නේ
පව් හැබැයි කවි දුකත් හිතුනා පොඩ්ඩක් විතර
නමවෙනි එක ඉවරායි.........
ReplyDelete