සඳට බැළුම් හෙලූ අය

May 29, 2012

උණ විකාරෙන් නැරඹූ " සුපර් සික්ස් "

                                                          




                                                                                  මේ දවස්වල මම ටිකක් අසනීපෙන්.දැන් ඉතින් මෙහෙම කිව්ව ගමන් මම දන්නවා අපේ කට්ටිය හිතා ගන්න දෙවල්. නෑ නෑ තාම එහෙම දෙයක් නෙවෙයි. මේක මේ උණ කැස්ස සහ හෙම්බිරිස්සාව හොදේ.ගිය සතියේ බ්‍රහස්පතින්දා ඉදන් මේ වෙනකන්ම ඉතින් මේ අසනීප ගති අඩු වැඩි වශයෙන් තියෙනවා.මම ඉතින් ඉස්සර ඉදලාම යාංතං හුළඟක් වැදුනත් ලෙඩ වෙන ජාතියේ කෙනෙක්.හෙම්බිරිස්සාවත් මට මහා ලොකු ලෙඩක් තමා.අපේ අම්මා මට කියන්නේ බ්‍රොයිලර් කිකිළි කියාලා. චික්... බලන්න අම්ම කෙනෙක් දුවෙකුට කියනවද මෙහෙම ආ....? අම්මනම් කමක් නෑ කියමු දැන් දැන් මගේ මහත්තය පොඩ්ඩත් මට අමතන්නේ ඔහොමනෙ.මේ දවස්වල ලෙඩ නිසා මන් ඉතින් ඉවසගෙන ඉන්නවා. නැතන් දනී මම එයාට කරන දේ.


                    මොනවා උනත් මේ දවස්වල මාවා බලා කියා ගත්තේ මගෙ සත්තලන් තමා.මට කිරි හදලා දුන්නේ බෙහෙත් පෙව්වේ අමාරුවෙන් හරි කන කන එක වමනේ දානකොට ( නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි ඔන්න ආයෙත් වැරදියට හිතුවා කට්ටිය )  අස් කලේ ඒ සේරම කලේ එයා තමා.අනේ මාව හොදට බලා ගත්තට මහත්තයෝ ඔයාට පින් හොදේ.දැන් ඉතින් මෙච්චර හරියක් කරපු මනුස්සයට මමත් මොනා හරි දෙන්න ඕනෙනේ එහෙම හිතලා ඔන්න මම එයාට මං ළඟ තිබුණ සබ්බසකල මනාවම එයාට දුන්නා.දැන් කට්ටිය බලාවිනේ මේ මොනාද දුන්නේ කියලා වෙන මොනාද උණ කැස්ස හෙම්බිරිස්සාව තමා. දැන් ඔන්න මම කෙලින් එය ඉන්නවා වැටිලා. එයා මට කරපු සාත්තු සප්පායම් දැන් මම එයාට කරනවා. එහෙම තමයි හොද  අඹු සැමි යුවළක් උනාම හැමදේම බෙදා හදා ගන්න ඕනෙනේ නේද ...?


               ඉතින් මේ ගිය ඉරිදා ඒ කියන්නේ  27 වෙනිදා හැන්දෑ වරුවේ අපි දෙන්නම හිටියේ ලෙඩ මරගාතේ.ඒත් ගේ ඇතුලෙම ඉදලා එපා වෙලා හිටියේ. ඔන්න මම යෝජනා කලා කොහේ හරි ගිහින් හුළං ටිකක් වැදිලා ආප්පයි ලුනු මිරිසුයි කාලා එමු කියලා.( උණ හැදිලා හිටපු දෙන්නා හුළං වදින්න එළියට ගියා කිව්වම මගේ නැන්දම්මා ඇහුවා අපි දෙන්නටම පිස්සුද කියල )ලේලිට පිස්සු කියන එක අත අරිමුකෝ එයා දන්නේ නෑ තාමත් එයාගේ පුතාට පිස්සු කියලා ( රහසින් )දඩිබිඩියේ ඇද පැළද ගෙන  ඔන්න ඉතින් අපි වාහනේට ගොඩ වෙලා පිටත් වුණා.කටුබැද්දෙන් ගාළු පාරට දාගෙන අපි හුළං හොය හොය ඉස්සරහට ගියා. අන්තිමට අපි නතර වුනේ වැල්ලවත්ත Roxy  එක ගාවින්  Marine Drive  එකට දාලා (ඔව් ඔව් අර මුහුද අයිනෙන්ම  තියෙන පාර )ඔය තියෙන්නේ හුළං ඇති පදං . බම්බලපිටිය කිට්ටුවට වෙන්න  නිදහස් තැනක වාහනේ නවත්තල අපි රේල් පාරත් පැනල ඔන්න ගිහින් ගල්පරයක් උඩට ගොඩ වුණා. ඉරිදා නිසා  වෙරළ පුරා කට්ටිය හිටියා. සමහරු මාලු බානවා , සමහරු පෙම් කරනවා , සමහරු සෙල්ලම් කරනවා අපිට වම් පැත්තෙ හිටියෙත් කපල් එකක්  දකුණු පැත්තෙ හිටියෙත් කපල් එකක්.දකුණු පැත්තෙ  හිටපු අය කුඩයක් ඉහලං හිටපු නිසා  ඕන් අපිනම් මුකුත් දැක්කෙ නෑ.වම් පැත්තේ හිටපු අයනම් ඒ තරම්ම නරක නෑ. ඒත් මට එතන ඉන්න නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ දැණුනා.මම කොච්චර බලන්න එපා කිව්වත්  මගේ සත්තලන්ගේ ඇස් ගියේම ඒ පැත්තට.ඔන්න දැන් උම්මා එකක් දුන්න්නා.... ඔන්න දැන් මෙතන ඇල්ලුවා... ඔන්න දැන් අතන ඇල්ලුවා....  බලලා නිකං හිටියේ නෑ මේකා කියවන්නත් පටන් ගත්තා.මේකාගේ හිතයි ඇසුයි එක තැනක තියා ගනන් ඕන නිසා මම කිව්වා මට මුහුදේ තියෙන නැව් 10 ක් ගනන් කරලා පෙන්නන්න කියලා. නැව් හයක්නම් බොහොම ලේසියෙන් හොයා ගන්න පුලුවන් උනා. ඒත් අපි දෙන්නම හොයලත් තව හතරක් හොයා ගන්නම බැරි වුනා.පස්සේ අපි ඒ වැඩේ අත ඇරිය. එතකොට වෙලාව  හවස 5. 30යි.මුහුද පාමුළටම ඇවිල්ලත් රැල්ළ පාගන්නේ නැතුව ඉන්න එක මට නිකං මොකක්ද මොකක්ද වගේ උණ පැත්තක තියලා මට හිතුනා  වැල්ළේ ටිකක් නටන්න. ඒත් බලධාරියා ඒක තරයේම එපා කිව්වා. පහලට බැස්සොත් කකුල් කඩනවා කියලත් කිව්වා. ඉහි ඉහි. මාව මෙතන තියන් හිටියොත් කොයි වෙලේ හරි මම මුහුදට පනින බව දන්න නිසා  එයා හිතලා ඉක්මනට යෝජනා කලා Super Six බලන්න යමු කියලා.  මං උඩ පැනලා අප්පුඩියකුත් ගහලා  ඒක අනුමත කලා. දැන් මට උණ මතකත් නෑ.උණ......? අපිට කොහෙද උණ..........?


                                    ඔන්න ඊළඟට අපි නැවතුනේ  කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාව ළඟ.අපි එතනට යනකොට  හයයි දහයයි. කලින් දර්ශණවාරය තවම ඇතුලේ දිවෙනවා.අපිට කලින් කිව් එක හිටියේ  තුන් ගොල්ලක් විතරයි.මුලින්ම  කපල් එකක් කිචි බිචි ගගා හිටියා. ඊළඟට අපේ අම්මගේ වයසේ විතර කෙනෙක්  සහ අපිට ඉදිරියෙන් පිරිමි කෙනෙක් ඊළඟට අපි.අර අපේ අම්මාගේ වයසේ විතර කෙනා ඇවිත් හිටියේ  එයාගේ දුව සහ දුවගේ යාලුවෝ කට්ටියක් පිරිවරාගෙන. එයාලා සැරින් සැරේ ඇවිත්  පෝළිමට එකතු උනා. ඊළඟට හිටපු පිරිමි කෙනා ඇවිත් තිබුනේ  එයාගේ බොස්ගේ කීමට බව අපිට  එයාට ආඅපු ඇමතුමක්ට උත්තර දුන්න විදියට තේරුම් ගියා.


" ඔව් බොස් මම පෝළිමේ 3 වෙනියට ඉන්නේ... තාම නෑ බොස්... හරි බොස්... 7 වෙයි පටන් ගන්නකොට ... හරි බොස්... Ok  බොස්...."


දැන් ඉතින් ඔයාලා හිතන්න එපා  අපි මේ අනුන්ගේ  දුරකතන සංවාද රහසේ අහන් හිටියා කියලා. එයා  බෙරිහන් දුන්නේ අපේ කණ ළඟ ඉදගෙනමයි.  ( පස්සේ අපි එයාගේ බොස් ව දැක්කා. එයා ඇවිත් හිටියේ රූමත් ළඳුන් දෙදෙනෙක් සමග. ඒ එයාගේ නෝනයි දුවයිද... නැත්තං ....... අනේ මංදා....)


ඊළඟ දර්ශන වාරය  හත කියලා තිබුනට මොකද  6. 55 ටත් කලින් දර්ශනය ඉවර වෙලා නෑ. වෙලාවට වැඩ නොකරන ශ්‍රී ලාංකීය ගතිය එතනත් හොදට තිබුනා.මේ වෙනකොට අපි පිටිපස්සෙන් මහ සෙනගක්  පෝලිමට එකතු වෙලා. ඒ වගේම  ඔන්ලයින් ටිකට් බුක් කරපු අයත් ඇවිත් දොරටුව ළඟ පිරිලා හිටියා.එයාලා කලින් ටිකට් අරන් එවා අතේ තියාගෙන අපිට පෙන්න පෙන්න හිටියේ නිකන් ඔලොක්කුවට වගේ.ඔය අතරේ වැඩි හරියක් හිටියේ බොහොම අර පරිස්සමට  විය පැහැදම් කරලා රෙදි පිරිමසාගෙන අදින  අපේ අක්කලා නංගිලා කට්ටිය තමා.වහගන්න ඕනම තැන්වත් හරියට වැහිලා නෑ.පිරිමි ඇස් කොහොම සංසුන් කරන්නද ගෑණු වෙච්ච අපේ ඇසුත් ඒ පස්සෙම දුවනකොට.ඇත් දළ පාට වාත්තු කරපුවා වගේ  එව්වා , බෙර කොට වගේ ඒවා , මේලෝ රහක් නැති එව්වා , පතෝල කරල් වගේ එව්වා ,දැක්ක ගමන් ගිලින්න හිතෙන එව්වා , චා.... එව්වා  මේකී නොකී සේරම එව්වා එතන නොමිලේම  ප්‍රදර්ශනයට තිබ්බා. ( මේ කකුල් ගැන විචාරය මගේ මහත්තයාගෙන් බව කරුනාවෙන් සලකන්න )එයා ඔය විචාරය කරන ගමන්  උගුර එහෙම පාදලා මගෙ අතේ තිබුන ජින්ජර් බියර් බෝතලෙන් ටිකකුත් බිව්වා. මම අහුවා දැන් උණ අඩුද කියලා  මොන පිස්සුද මට දැනුයි හරියට උණ හැදුනේ කියලා එයා කිව්වා.


කලින් වාරේ කට්ටිය සේරම එලියට ගියාට පස්සේ ඔන්න  කලින් ටිකට් බුක් කරපු අයව ඇතුල් කලා පස්සේ පෝළිමේ හිටපු අයට ටිකට් නිකුත් කලා. ඒත් වෙනදා වගේ නෙවෙයි බැල්කනියට ගිහින් අපිට හිතූ හිතූ තැන  වාඩිවෙන්න  පුලුවන් කමක් නෑ.අපේ ටිකට් පිටිපස්සේ නොම්බරේ ලියලා දෙනවා අපි වාඩි වෙන්න ඕනෙ එතනයි.ඇතුලට ගියාම අර ටෝච් එක අල්ලන කෙනා හරි තැනින් අපිව වාඩි කරනවා.එක කපල් එකක පිරිමි ළමයා ඒ ටෝච් එක අල්ලන කෙනා එක්ක  පොඩි කොක්කකුත් දාගත්තා. 320ක් දීලා ටිකට් එකක් අරන්  ඔයා කියන තැනින්ද අපි වාඩි වෙන්න ඕනෙ කියලා අහලා. බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමා.


ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි හතට පටන් ගන්න ෂෝ එක හතහමාරට පටන් ගත්තා.පටන් ගත්තෙම සින්දුවකින් අපරාදේ කියන්න බෑ එක උන්න සුදු කෙල්ලො ටික පුදුම ලස්සනට නැටුවා.අපේ කතා නයිකාවෝ ටිකත් ඔය අතරින් පතර පෙනිලා ගියා නැටුවද කියලනම් හරියටම තේරුනේ නෑ.මම ඉතින් ඔන්න චිත්‍රපටිය ගැන ඕනාවට වැඩිය විස්තර විචාරයකට නොයා ඉන්නවා ඒ චිත්‍රපටියේ නිශ්පාදකගේ සහ අධ්‍යක්ශකගේ සුභ සිද්ධිය තකා ඕං.
          
            ෆිල්ම් එකට වැඩිය රසවත් සිද්ධි තව කොච්චරනම් තියෙනවද කියන්න.අපි දෙන්නා මේ උන විකාරෙනේ හෝල් එකට රිංගුවේ.අනික හොදටම කැස්ස. ඒසී එකට දැන් මේවා සේරම ඩබල් වේගෙන එනවා.නරඹන්නන් ඇල්පෙනෙත්තක් වැටෙන සද්දෙ ඇහෙන තරම් නිශ්ෂබ්ද වුන වෙලාවටමයි අපි දෙන්නට කහින්න ඕන වෙනෙත්. අයියෝ විලිලැජ්ජාවේ සංතෝසේ බෑ. පස්සේ පස්සේ අපි මොකද දනන්වද කලේ ඔය ෆිල්ම් එකේ තියෙනවා කිචි කවාගෙන වගේ හිනා වෙන්න ඕන තාලේ ජෝක් එහෙම.ඒවට කට්ටිය හිනා වෙද්දී අපි දෙන්නා අත් අල්ලගෙන තරගෙට කැස්සා.


         Super Six  බලලා අවසාන වෙද්දී මට හිතුනේ මෙච්චර වියදම් කරලා මේ චිත්තරපටිය හැදුවේ පබෝධාගේ කකුල් දෙක පෙන්නන්නමද කියලා.අනේ අපොයි අපේ සිංහල සිනමාව.



    ප / ලි

             හෝල් එකෙන් එළියට ඇවිල්ලා මම ගනන් හදලා බැලුවා ගිය වියදම ටිකට් වලටයි පාර්කින් එකටයි පොප්කෝන් වලටයි  ජින්ජර්බියර් වලටයි සේරම ගනන් හැදුවහම රුපියල්ම දාහකට කිට්ටුයි. හනෙ අප්පේ කජු ඇටද කොස් ඇටද... මම ගාණ කිව්වම මගේ මහත්තයා මට කිව්වා හා... දැන් ඉතින් ආප්පයි ලුණු මිරිසුයි කන්න බෑන්ක් ලෝන් එකක් ගන්න වෙනවා කියලා. මැදැයි උණ විකාරෙන් ආප්ප කන්න ආවා.
   



89 comments:

  1. hiiii oya lassanata galapala liyala thiyenawa kaviyo shoi

    ReplyDelete
  2. මමත් ගිය ඉරිදා "සුපර් සික්ස් " බැලුවා බලල ඉවර උනහම හිතුනේ අපරාදේ සල්ලි කියලා තමයි.
    (අපි ‍ෆිල්ම් එක බලන්න වියදම් කරපු සල්ලියි ‍ෆිල්ම් එක හදන්න වියදම් කරපු සල්ලියි දෙකම මම කිව්වේ)

    ලක්ශ 1000ක් වියදම් කරලා මීට වඩා දෙයක් කරන්න තිබුනා නේද ඇත්තටම?

    වැඩි හරියක් තියෙන්නේ අඩනිරුවතයි ඩබල් මීනීන්ග් කුනුහරුපයි විතරයි

    ReplyDelete
  3. එයා ඔය විචාරය කරන ගමන් උගුර එහෙම පාදලා මගෙ අතේ තිබුන ජින්ජර් බියර් බෝතලෙන් ටිකකුත් බිව්වා. මම අහුවා දැන් උණ අඩුද කියලා මොන පිස්සුද මට දැනුයි හරියට උණ හැදුනේ කියලා එයා කිව්වා.

    :D :D :D

    ReplyDelete
  4. අපරාදේ සල්ලි..මටනං පොඩි ගානයි නැති උනේ... ඒත් ඒකේ කේන්තියට මං ලිව්වා එකක්... මෙයාලා 1000කටම ගේම ලැබිලත් ඉවසනවා වැඩියි...

    අර විචාරේනං ටොප්...

    ReplyDelete
  5. වැඩිම වියදමක් දරලා තියනේ Film එකට නමේ නිලියනව Singapore වල
    Hotel වල තියාගන ඉන්න

    ReplyDelete
  6. කතාවක් කියෙව්වා වගේ. නියමෙට ලියල තියනවා අක්කේ. ඇත්තටම සුපර් සික්ස් හදල තියෙන්නේ පබෝධාගේ කකුල් දෙක පෙන්නන්නද ? බලමු බලමු අපිත් බලල. අන්තිමට අයියෝ සල්ලි වෙයිද දන්නේ නෑ :P

    ReplyDelete
  7. අපිත් යන්න හිතන් ඉන්නේ පබෝදගේ වගේම අරුණිගේ කකුල් බලලා එන්න. [හරි වචනේ ඒකත් නෙමෙයි :D ]

    විජය කුවේණි බලන්න ගියේ නැද්ද අක්කේ. ඒකත් ඒ වගේම මල ජරාවක් [එහෙම කියන්න හොඳද මන්දා] අද ඒක් දෙවෙනි පාරටත් බලන්න යන්න වුණා. දැණ් ඔලුවේ කැක්කුමයි වගේ.

    ඉස්සරහට ප්‍රසන්න ජයකොඩිගේ ෆිල්ම් එකකුයි කලර් කියලා කමල් අද්දරාරච්චි ඉන්න ෆිල්ම් එකකුයි එන්න තියෙනවා කියලා trailers පෙන්නුවා. ඒවා නම් හොඳ පාටයි.

    කොහොම වුණත් අයියෝ සල්ලි තමා

    ReplyDelete
  8. අනේමන්ද සිංහලසිනමාව..ඇයිසමහරක් ටෙලිනාට්‍ය?
    බැලුවම හොඳයිකියල කැතනැතුවම මටනම්හිතුනෙ,බඹරවළල්ල,මචං,තවතියේ..ඇයිපරණ ඒවා(ඒවනම් පරණයිකිව්වට කවදාවත් පරණවෙන්නෙනෑ,දැන්හදන කසිකබල්එව්වත් එක්ක)

    ReplyDelete
  9. //පබෝධාගේ කකුල් දෙක පෙන්නන්නමද //

    පබෝධගේ විතර නම් බලන්න යන එකේ තේරුමක් නැ :P

    හැබැයි දැන් කට්ටිය බනින බැනිල්ල නිසාම බලන්න යන්න හිතෙනවා , ඊට පස්සේ තමා ඒ ගැන අදහස් !

    ReplyDelete
  10. අසනීපය ගැන සැක සහිතය.. අපේ අක්කටත් ඔහොමය.. :)

    උණ වැඩි වෙන්න ඇති නේ ෆිල්ම් එක බලලා ඉවර වෙද්දි.. ;) අපි ඒකනේ ඕවා බලන්නේ නැත්තේ.. පස්සේ නෙට් එකේ දැම්මම බලනවා..

    ReplyDelete
  11. ඇත්තටම ඔයාගෙ මහත්තයා වගේ මගේ මහත්තයත් ඔය වගේ විස්තර ප්‍රචාරයට හරිම දක්ෂයි.අද තමා මේ පැත්තේ ආවේ.ඔයා හරිම ලස්සනට ගලපලා ලියල තියෙනවා.

    ReplyDelete
  12. මං මෙහෙට ආවේ අදමයිද මන්දා ... මාර අයියගේ විචාරේ කියෙව්වම මට නම් ඕක බැලිල්ල එපාවෙලාම ගියා. දැන් දෙන්නගෙම ලෙඩ හොද ඇති නේ .. :)) ජය වේවා !!!

    ReplyDelete
  13. සුපර් සික්ස් බැලුව ඉන්ටර්වල් එක වෙනකල්.. ;)

    කිසි ගැලපීමක් නැහැ වගේ.. එක එක වෙලාවට එක එක සීන් වෙනවා..

    ReplyDelete
    Replies
    1. සැමාගේ පෝස්ට් එක කියවපු කට්ටිය මෙතන බලන්ඩෝ....

      Delete
    2. ""ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න එපා කියල කියමනක් තියෙනවා. එහෙම කියල මිත්‍රවරුනි මම බිම ඉදගන්නවද??? නැහැ..""

      මේක සුපර් සික්ස් එකේ මන්ත්‍රි ඇන්ටන් ජූඩ් මහතාගෙ දෙබසක්.
      ගැමියට මතක ඇති.. :ඩී

      Delete
  14. මට හිනා මේවට හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් අයියෝ කාවයියෝ මොකද හලෝ මේ පෙරේත කම ???? ඔය බෝලාගේ උණේ ගැන මට නම් ඉතින් හොදටම සැකයි හරිය

    ඇයි ඉතින් ඔයා පබෝදගේ කකුල් දෙක විතරක් බැලුවේ ෆිල්ම් එකේ ඉන්න අනිත් අයගේ කකුලුත් බලන්න එපැයි

    ReplyDelete
  15. තාම යන්න බැරි උනානේ ඕක බලන්න...

    ReplyDelete
  16. අයියො ඔක කකුල්වල මොනා බලන්නද? එ කවියෝ එදා ඔයා ෆිල්ම් එක එපා වෙන්නම ලියලා තියෙනවා... ඇත්තටම බිච්චෙකෙදි ඔයා ඔයාගේ හබියට මුකුත් අතුරැ අන්තරාවක් කලේ නැද්ද? (හම්... මම දන්නේ නැද්ද අම්මණ්ඩිගේ හැටි) ඔයා මුකුත් කලේ නැත්තං එකෙන් අදහස් වෙන්නේ අපි මාමාලා වෙනවා කියන එක.... කන්න ආස දෙයක් තියෙනවානම් කියන්න.. මම මේල් කරන්නම්

    ReplyDelete
  17. මගෙ අම්මෝ මොනා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කෝ පට්ට ජොලි සීන් ටිකක්නේ වෙලා තියෙන්නේ හිනා වෙවී කියෙව්වේ සමහර තැන්වල ඔළුවෙ අතගහගෙන කියෙව්වා අර වරහන් ඇතුලේ දාලා තියෙන එව්වා දකිනකන්...

    මං මේ කංපනා කලේ කටුබැද්දට කිට්ටුවම තියෙන ටවර් හෝල් එකෙන් ෆිල්ම් එකක් බැලුවනම් මක්කැයි වෙන්නේ කීයක් ඉතුරුයිද අප්පා...

    මේක කියෝගෙන යද්දි සිරාවටම මට මැවිලා පෙනුනේ මගෙ ආදරීව එයත් ඔහොම්මයි ඒකත් වැඩියෙන්ම මතක් වුනේ උඩ පැනලා අත්පුඩියක් එහෙම ගැහුවා කිව්වම... අපි දෙන්නත් ඔහොම්මයි පිස්සු වැඩ අම්බානක... කුඩ කොච්චර තිබ්බත් තෙමෙන්න ඕනේ කියලා හිතුනොත් තෙමෙනවාම තමා එතකොට ඉතිං ඔයාගේ සැමියා වගේ මාත් තර්ජන ගර්ජන කරලා තමා මෙච්චල් කරගන්නේ... (තාම බැඳලා නෑ හොඳේ)

    නියම ලිවිල්ලක් ඈ දෙන්නටම හොඳ වෙලා සතුටින් ඉන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... දෙන්නම මගෙ වැයික්කියේ ඉන්න නිසා කවදහරි හම්බුවෙන්නැතැයි

    ReplyDelete
  18. @සැමෝ

    ඉන්ටවල් එකෙන් පස්සේ එලියට යනවා වෙන්නැ... :D

    ReplyDelete
  19. නියමෙට ලියලා තියෙනවා..

    ReplyDelete
  20. @ගැමියා - හිකිස්.. මම බැලපු හැම ෆිල්ම් එකේම එකම නිලිය මචං.. තිරේ දිහා බලන්නෙම නැහැ.. ;)

    ‍බොට තේරුන අපූරුව..

    ReplyDelete
  21. කාවයියෝ මේ පූ කියන්නේ අපේ පූ අයියදෝ ????????????

    ReplyDelete
  22. අයියෝ සල්ලි ..!!

    ReplyDelete
  23. SIHUVILI PALASA - ස්තූති උමා


    රොබින් - අනේද කියන්නේ මටනම් තේරෙන්නෙ නෑ මේකට ඔච්චර වියදම් වුනේ කොහොමද කියලා. ඇදුම් වලටත් ඒ හැටි වියදමක් ගිහින් නෑ නොවැ

    RanDil - හි හි හී

    ReplyDelete
  24. මාරයාගේ හෝරාව - හම්මේ මාරයා ඇයියේ සතුටුයි මේ පැත්තටත් ආවට. මමනම් ඒ පැත්තේ නිතර යන කෙනෙක් කමෙන්ට් දැම්මා නොදැම්මා හැම පෝස්ට් එකම කියවනවා.අයියගේ කුස පබා විචාරය බලලා මම ඒ ෆිල්ම් එක බලන්න තිබුන ආසාව අතැරගත්තා. සුපර් සික්ස් විචාරයත් බැලුවා

    ReplyDelete
  25. Don Madushan - ඔව් ඔව් වෙන්ට ඇති

    පැතුම් [සිතුම් පැතුම්] - පබෝධගේ විතරක් නෙවෙයි අර අරුණිගෙයි තව අර නම නොදන්න එකීගෙයිත් පෙන්නනවා හැබැයි වැඩි හරියක් පබෝධගේ තමා

    ReplyDelete
  26. Hasitha ඔව් ඔව් මගෙ මහත්තයා කියන්නෙත් වෙන වචනයක් . ඒත් ගෑණු ළමයෙක් වෙච්ච මම ඒක ලියන එක සදාචාර සම්පන්න නෑ කියලා හිතුවා.

    ReplyDelete
  27. විමුක්ති - ඔව් ඒකනම් ඇත්ත තමා

    ReplyDelete
  28. බුවාගේ සිතුවිලි - ඔව් ඔව් බලලම එන්නකෝ

    Dinesh - හි හී නෑ නෑ සැක කොරන්ට එපා මේකනම් අවංක උණම තමා

    ReplyDelete
  29. කෞශි - ආදරෙන් පිලිගන්නවා ඔයාව. මහත්තයා හරියටම කියපු විස්තරේ මට මේකේ දාන්න බෑ මේ බොහොම බාල කරලා මගේ විදියට ලිව්වේ

    ReplyDelete
  30. රෙප් මහත්තයා - ඔව් අද වෙන්න ඇති මමනම් එහෙ යනවා එනවා. මාරයාගේ විචාරේ බලලා මටත් එපා වෙලා තමා තිබුනේ ඒත් ඉතින් ඒ වෙලාවේ ඒකත් හොදා කියලා හිතුනා

    ReplyDelete
  31. sAm (සෑම්) - ඔව් අප්පා එහෙන් මෙහෙන් එල්ලපු කෑලි තමා


    ලක්ෂ් - සේරගේම එව්වා බැලුවා. ඔව් ඔව් ලක්ස් මේ ඒ පූවා තමා ආයෙ ඉතින් වෙන මොකාද

    ReplyDelete
  32. අවතාර් - ඒකනේ කියන්නෙ

    වෙඩික්කාරයා - බලන්න වටිනවා

    ReplyDelete
  33. Pooh - ඔව් ඒ කකුල්නම් මෙලෝ රහක් නෑ කියලා මයෙ සත්තලන් කිව්වා.පිස්සුද අනේ මම එහෙම ප්‍රසිද්ධියේ ඔවැනි වැඩ කරන කෙනෙක් නෙවෙයි.ලයිසන් නැති කාලෙවත් නොකරපු මම ලයිසොන් තියෙද්දි ඕවා කරයිද. මම අහිංසකයි

    ReplyDelete
  34. ගැමියාගේ පත් ඉරුව - අයියෝ මල්ලියෝ කටුබැද්ද කිව්වට මම කටුබැද්දෙ නෙවෙයි.මම ඉන්නේ පිලියන්දල කැස්බෑවේ. අපි ගෝල් රෝඩ් එන්නේ ඉතින් කටුබැද්දෙන් දාලනේ.අපොය් ටවර් එක හෝල් එකක්ද මලයා ? මම එකම එක පාරයි ඒකට ගිහින් තියෙන්නෙ එදා මම ඒකෙන් එලියට එනකන් සිහියක් නැතුව හිටියේ. මට හිතුනෙම ඔලුව උඩ කරකුන ෆෑන් එක වහලත් එක්ක ඔලුවට පත බෑවෙයි කියලා

    ReplyDelete
  35. හරී - ස්තූති හරී

    sAm (සෑම්)- ගැමියගෙයි ඔයාගෙයි සංවාදෙනම් මට තෙරුනේ නෑ අප්පා

    ReplyDelete
  36. පොඩ්ඩා - එකනේ අපරාදේ

    ReplyDelete
  37. ඔන්න ඕකයි අක්කෝ අපි ඕක බලන්න ගියෙ නැත්තේ... :-)
    (සල්ලි, වෙලාව නැතුව එහෙම නෙමේ)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  38. අඩවි රජ - එසේම වේවා මහ රජ එසේම වේවා...

    ReplyDelete
  39. මෙයා සුපර් සික්ස් බලන්න යනවා. අරහෙ අහිංසක කවිති ඇස් දෙක තුවාල කරගෙන

    ReplyDelete
  40. ශාහ්හ්... ඔය දෙන්නානම් නියම ජෝඩුව.. එහෙම තමා ඉන්න ඕනෙ.. හරිම ශෝයි!!! :D මොන ලෙඩද ඔහොම ආදරෙන් ඉද්දි...:D

    මටත් සුපර් සික්ස් බලන්න ආසවක් තිබ්බා..අනේ මංදා

    ReplyDelete
  41. අහ් කාව්‍යා පිලියන්දලද ? හිකිස්...

    ReplyDelete
  42. මාර විචාරය හා මේ විචාරය දෙකම කියෙව්වාම හිතාගත්තේ "මම නම් යන්නෙම නැත.." ගොඩක් පොස්ට් කියෙව්වා කොමෙන්ට් කරන්න කලින්. දැන් ඉතින් දිගටම එනවා.

    ReplyDelete
  43. සිඳු - හි හී එක තමයි

    ReplyDelete
  44. හිතුවක්කාරි - ඔව් අනේ අපි දෙන්නා නටන්නෙම පිස්සු

    ReplyDelete
  45. sAm (සෑම්) - ඔව් ඔව් ඇයි මේ සෑම් ළමයත් මෙහෙද

    ReplyDelete
  46. ක්සැන්ඩර් | Xander - සාදරයෙන් පිලිගන්නවා දිගටම එන්න හොදේ

    ReplyDelete
  47. හෑ නියම විචාරයක්නේ ලස්සනටම ලියලා තියෙනවා.

    ReplyDelete
  48. අදමයි මේ පැත්තේ ආවේ . මරු විචාරයක්නේ දීල තියෙන්නේ .
    දිගටම එන්නම් .

    ReplyDelete
  49. චාටෙර් ෆිල්ම් වලට තම හොඳ ආදායම් තියෙන්නේ. මමත් ගහනවා චාටෙර් ෆිල්ම් එකක් නිලියේ 5 ක් හොයාගන්න ඕනේ.

    ReplyDelete
  50. මඩිස්සලේ නිශාන් - ස්තූති පැම්නීමට සහ කමෙන්ටුවට

    ReplyDelete
  51. Gimhani - බොහොම ස්තූති ගිම්හානී

    ReplyDelete
  52. අසරණයා - හි හී අන්න හොදයි ඔයත් කරලා බලන්නකෝ

    ReplyDelete
  53. @කාව්යෝ අක්කෝ පිළියන්දල කැස්බෑවේ නම් ආයෙ ලොවෙත් නෑ... පිළියන්දල සතොස හා අළුතින් හදන ආර්පිකෝ එක ගාව ඉඳන් අපේ ගෙදරට හූවයි බල්ටි දෙකයි...

    කටුබැද්ද වැයික්කිය වෙන්නේ මගෙ යාළුවෝ ඉන්නේ එහෙ නිසා


    @සැමෝ

    හික් හික්... ඉන්න නිලියන්ට වඩා නම් ඒ එකම නිලිය දාහෙන් සම්පතයි අප්පා.මටත් එසේමැයි

    ReplyDelete
  54. ගැමියාගේ පත් ඉරුව - හානේ එහෙමද එතන ඉදන් අපේ ගෙදරටත් හූවයි බල්ටි දෙක තමා හිහී

    ReplyDelete
  55. හෑ.. :O කාව්‍යා අක්කා කැස්බෑවෙද? :D

    ReplyDelete
  56. හෑ.... o_O :O පිස්සු හැදෙනවා... ඕං මං දැන් පරිස්සමෙන් ඉන්ටෝන.

    ReplyDelete
  57. mata dukai appa ara daana commercial walata, "lankaawe wadima mudalak viyadam kara sadu chithrapataya" hoooooooooooooooooooooooooooooooooooooo duka kochcharada kiyanawanan hinawa nawaththaganna ba... meh minissunge oluwa honda nathi hati aththata... oya giya salliwalin 1/1000000 k wath viyadam karala daanayak dunnanan yana thanakata pinakwath karagannawa...

    ReplyDelete
  58. හිතුවක්කාරි - ඔව් හිතූ ඔයත් මෙහෙද ආ ?

    ReplyDelete
  59. ගැමියාගේ පත් ඉරුව - ඇයි ඔයා විතරක් මටත් පරිස්සම් වෙන්ට වෙයි වගේ හිකීස්.....

    ReplyDelete
  60. Crystal -එක නේන්නම් මොනාට ඔච්චර වියදම් ගියාද මංදා..... නිලියන්ගේ ඇදුම් වලට වියදමක් ගිහින්ම නෑ

    ReplyDelete
  61. @හිතුවක්කාරි අක්කෝ,

    අලි මදිවට හරක් කිව්වලු ඔයත් මෙහෙද?? මට සැකයි මේ අහල පහල ඉන්න අක්කලව...හ්ම්ම්ම්
    ----------------------------------------------------
    @කාව්යෝ අක්කෝ,

    ඇඳුම් වලට නෙවේ නිළියන්ගේ ඇඳුම් ගලවන්ට තමා වැඩිම වියදමක් යන්න ඇත්තේ... හි හි

    ReplyDelete
  62. අනේ අනේ සුපර් සික්ස් එකේ නේද හේමාල් රණසිංහ ඉන්නේ....අඩේ ඌ අපේ ඉස්කෝලේ අයිය කෙනෙක්නෙ..ඒ හින්දා ඔන්න මම නම් ෆිල්ම් එක ගැන මොකුත් කියන්නෑ.....මොනවා උනත් ඉතින් මුන් දෙන්නගේ මේ සීනිබෝල ලව් කතා වලට නම් මම මාර ආසයි...සිරාවට අක්කේ ආසාවෙන් කියෙව්වා....බෝලාල දෙන්නට හැමදාම මෙහෙම උන පිටින් ෆිල්ම් බලන්න ලැබේවා කියල ප්‍රර්ථනා කොරා ඔන්න...(මේකේ තිබ්බ සමහර ඒවා මට නං කොටු කොටුද මන්දා හික් හික් )

    ReplyDelete
  63. ගැමියාගේ පත් ඉරුව - ඔව් ඔව් මලයා ඔයා පරිස්සම් වෙන්ට හොදේ. හ්ම් හ්ම් මේක බැලුවම එහෙම හිතෙනවා තමා මලයා

    ReplyDelete
  64. ish - හපෝ එහෙමද... හේමාල් කොලුවත් රගපාන්න සෑහෙන උත්සහයක් දරනවා අනේ මංදා ඉතින්.හෑ කොටු කොටු ඒවත් තිබුනද අප්පා මම දැක්කේ නෑ නේ

    ReplyDelete
  65. ලස්සන බ්ලොග් එකක්.. ගොඩක් තියෙනවා කියවන්න ඔනි..

    මම මේ හිතේ තියන් ඉන්නවා ලංකාවට ඇවිත් ෆිල්ම් එකක් බලන්න...අර දොලදුක වගේ එක දැන් මගේ හිතේ තියෙන්නේ..හැබැයි එ වැඩේ නම් වෙන්නේ නැති පාටයි..ඇයි දෙයියනේ කුස පබා බලන්න හිතන් ඉද්දි ඔන්න එකට විචාරයක් එනවා බලන්න යනවා තියා එ පැත්ත බලන් වතුරවත් නොබි ඉන්න ..ඊට පස්සේ කුවේණි බලන්න ආස හිතුනා මම ආසම ඔය ඉතිහාස කතා බලන්න ..එත් කොහේද ඔව්වා බලන්න යන්නේ..ඔය කුවේණි බලන්න ගිහින් අපිට නුල් දාන්න වෙන වැඩලු නේ වෙන්නේ..ආන්න දැන් සුපෑ සික්ස් බලන්න හිටියා එත් කොයි එකත් වෙන්නේ නැති පාටයි.. අනේ අපොයි අපේ සිනමාව..

    ReplyDelete
  66. නිම්ශා - ස්තූති නිමේශා පැමිනීමට. හනේ ඒක තමා අපේ සිංහල සිනමාව ගැනනම් කියලා වැඩක් නෑ

    ReplyDelete
  67. හික් හික්..
    අනිවා ඩෙෆා ලග හිටපු ඔක්කෝටම ඔයාලා ඔක්කෝම දෙන්න ඇති නේ,,හි හි

    අයියෝ සල්ලි තමා....!!! දැන ගන්න ලැබුනු විදියට නම් අක්කේ,,,

    ReplyDelete
  68. පිස්සු පුසා - අනේද කියන්නෙ සංචි මල්ලි අපලාදේ සල්ලි

    ReplyDelete
  69. මරුවට ලියල තියෙනව... :)

    කියල තියෙන විදිහට වැඩියම වියදම් කරල තියෙන්නෙ එතකොට පබෝදගෙ කකුල් දෙකටද?...

    ReplyDelete
  70. සාතන් - නෑ නෑ එකටත් වැඩි වියදමක් ගිහින් නෑ අනේ මංදා මොනාට වියදම් කලද කියල

    ReplyDelete
  71. අක්කද නංගිද දන්නේ නෑ
    මරුවට ලියල තියනව...........!!

    ReplyDelete
    Replies
    1. අනේ මංදා මම දන්නෙත් නෑ මම අක්කද නංගිද කියලා කොහොම උනත් මෙහෙ ආවට ස්තූති

      Delete
  72. හම්මියෝ අක්කෝ මරුවට ලියලා තියනවා...මම අදමද කොහෙද මේ පැත්තට ආවේ...එන්නම්කෝ ආයෙත්.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති පැමිනීමට හොදේ

      Delete
  73. මේ බලොගය අදමද කොහෙද දැක්කෙ.සොදුරැ සදවති ඇයි මෙ වෙනකන් ලකියාගෙ අහෙසෙ නොපෙනුනෙ.super six කියන්නෙ මක්කද?six side match එකක්ද?අදමයි ඇහැවුවෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ එහෙනම් අද ඉදන් එන්නකෝ මේ පැත්තේ

      Delete
    2. අම්ම ගායි බැට් එෙකන්

      Delete
  74. මටත් අමාරුවක් තියනවා අළුතින් එන ‍ෆිල්ම් වල පලවෙනි ෂෝ එක බලන්න.තිබ්බෙ නං කකුල් විතරෛ තමා.පබෝධගෙනන් කලින් දැකල තියනවා(කකුල් හොඳේ).ඒ හින්දා එයාව මැනිං මාකට් එකට යවලා අරුණිට තව චෑන්ස් එකක් දෙනවා.(පලවෙනි පෙන්නිල්ලනේ)

    ReplyDelete
    Replies
    1. හි හී හැබැයි මේකේ අරුණි ඒ හැටි පෙන්නන්නේ නෑ නේද? පබෝධට තමා තැන

      Delete
  75. දැන් තමා කවියෝ මේවා කියවන්නෙ ..මරු කියන්නෙ මරේ මරු ..
    බොලාලා දෙන්න නාකි වෙලත් ඔහොම්ම හිටහල්ලා ...(හැබැයි බොලාගෙ හබියගෙ කටත් එක්ක බොට දෙයියන්ගෙම පිහිටයි)
    සුපර්සික්ස් ගැනනම් නොකියමි ,,ලංකාවේ ෆිල්ම් වල වැඩිහරියක් එහෙන් මෙහෙන් පෙන්නන දෙයක් ඇර වෙන මොනා බලන්නද..

    ReplyDelete
    Replies
    1. හි හී ඔයට හිතා ගන්න පුලුවන්නේ ඒකා එක්ක මම කොහොම වසන්නද කියලා

      Delete
  76. සුපර් සික්ස් මමත් බැලුවා..අයියෝ සල්ලි කියලා මටත් හිතුනේ..අයියෝ ලංකාවේ සිංහල සිනමාවට ගිය කල...ලජ්ජා නැතුව ජෙක්සන් කාරයත් කියනවා නේ මේක බලන්න කියලා...

    ReplyDelete
  77. හොද වෙලාවට මං ඕක බැලුවේ නැත්තේ. අය්යෝ පබෝධගේ කැත කියලා හිතෙනවා.මං කුස පබා නම් බැලුවා අලුත බැදපු ජෝඩුවක් මැද්දේ ඉදන් :D

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...