සඳට බැළුම් හෙලූ අය
Aug 17, 2012
ඉතින් අපි සමුගනිමු !
තව එකම එක වරක් අපි ආයෙ මුණ ගැහෙමු
දළඳා වීදියේ කොනක නෙතින් නෙත බලං ඉමු
ඉඩක් තිබුනොත් නුවර වැව වටෙත් ටිකක් යමු
අතීතය ගැන මිසක් හෙටක් ගැන නොදොඩා ඉමු
අපි අපිට අයිති නෑ ඒත් තව ටිකක් ඉමු
හුරු සුවඳ විඳින්නට හොරෙන් වගෙ ළඟට එමු
අහම්බෙන් පැටලුනා වගේ අත් පටල ගමු
එදා වගෙ දඟ වැඩක්නම් ඉතින් නොකර ඉමු
මාළිගාවට වෙච්ච භාර අමතක කරමු
අපිට පව් සිද්ධ වෙයි ඒත් නොහිතාම ඉමු
අපිව අඳුරනා අය දුටුවොතින් හිනා වෙමු
අපි අපිට අහිමි බව උන්ටවත් නොකිය ඉමු
අපෙ මතක කප්පරම වැව් දියට විසි කරමු
ඒත් හන්තාන වගෙ හැම දේම දරාගමු
මහවැලිය වගෙ ගළන කඳුළකට ඉඩ නොදෙමු
අපි අපේ කතාවට නැවතීමේ තිත තියමු
මේ නුවර වීදියක ආයෙ ඇස නොගැටි ඉමු
අහම්බෙන් දුටුවොතින් නොදුටුවා වගේ යමු
අඬන්නට හදන ඇස් වලින් තව හිනාවෙමු
සමුගන්න දැන් ළඟයි ඉතින් අපි වෙන්ව යමු
ප/ ලි- මේ හුරුවට යන කවියක් මම මූණු පොතේ කොහේදෝ ගෲප් එකක දැක්කා.ඒක කියවලා ඉවර උන ගමන් මම මගෙ හිතට ආපු දෙවල් මේ විඩියට අකුරු කලා. ඉවරවෙලා ආපහු ඒ කවිය හොයද්දි මේක එතන කමෙට් එකක් හැටියට දාන්න මට හොයා ගන්න බැරි උනා.මොනවා උනත් ඒ කවිය පුදුම විදියට හිතට දැනුනා.ඒ නිසාම තමා මේක මේ විදියට ලිය උනේ.
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
සමු ගන්න දැන් ලගයි ..
ReplyDeleteඉතින් අපි වෙන්ව යමු ...
හ්ම්ම් දුකයි .
ස්තූති ගිම්හානි, ම්ම්ම් දුක තමා
Deletedukai lassanai kaviyo oya lassanat liyala
ReplyDeleteස්තූතී උමා
Deleteඅක්කගේ මේ කවියයි මීට කලින් දාපු කවියෙයි මොකක් හරි හුරුපුරුදු කමක් දැනුණා නොකිව්වට. ඒත් ඒ මොකක්ද කියල තේරුම් ගන්න බැරි වුනා. කෝ අර පටන් ගන්නවයි කීව කතාව >
ReplyDeleteඅනේ මන්දා මේ දවස්වල මගේ අතින් ලියවෙන්නෙම නුවර සම්භන්ධ කවිමයි, කතාවේ පලවෙනි කොටස ඉක්මනටම දෙන්නම්
Deleteඅහම්බෙන් පැටලුනා වගේ අත් පටල ගමු
ReplyDeleteඑදා වගෙ දඟ වැඩක්නම් ඉතින් නොකර ඉමු
අනේ හරි දුකයි...:'(
හ්ම්ම්ම්ම් දුක තමා
Deleteමට මතක් වුනේ සෝමතිලක ජයමහ මහත්තයගෙ අපි ආයෙත් හමු නොවූන නම් සින්දුව... ඇයි දන්නෙ නෑ :)
ReplyDeleteඔව් නේ මතක් කල නිසා මමත් අහලා බැලුවා
Deleteනුවර කියන්නෙ කොළඹ කාක්කන්ටත් කවි උපදවන තැනක්...
ReplyDeleteඉහි ඉහි ඒ කියන්නෙ මම කොලඹ කාක්කෙද අනේ
Deleteසැහෙන්න හිතට දැනුනා කාවී අක්කෝ.....:(
ReplyDeleteඒ අස්සේ පරණ සිද්ධි වගේකුත් මතක් උනා මේක දැක්කාම..:)
ලස්සනයි ඇත්තටම...:)
ම්ම්ම්ම්ම් එහෙමද ටෙඩියෝ
Deleteඉහි ඉහි...
ReplyDeleteඇඩෙනවා..
අඬන්න එපා මෙයා
Deleteharima lassanai akke. godak duka hithuna
ReplyDeleteස්තූති චතුරි
Deleteහ්ම් !
ReplyDeleteහ්ම්ම් විතරද
Delete"සමුගන්න දැන් ළඟයි ඉතින් අපි වෙන්ව යමු"
ReplyDeleteදුකයි අප්පා :/ :/
ඒකනෙ අනේ
Delete"සමුගන්න දැන් ළඟයි ඉතින් අපි වෙන්ව යමු.."
ReplyDeleteමාරම විදිහට හිතට දැනුනා අක්කේ මේ පේලිය නම්... කියවද්දි කතාවක අදහසක් ආවනේ අදත්... ලියනවනම් මම බුකියේ අවසර ඉල්ලලා මැසේජ් කරන්නම්... :)
හි හී ඒකත් මරු නේද මම කවිය ලියනන්ව් ඔයා කතාව ලියනනවා, හරි හරි ඔකෙ ඉල්ල්න්න දෙයක් නෑ මන් ඉතින් ඔයාට අවසර දෙනවනෙ
Deleteමට නම් මැවිලා පෙනුනා මේකේ තියන ඒවා අක්කෝ..ලස්සනා..........යි :)
ReplyDeleteස්තූති හිරූ
Deleteලස්සන කවියක්. නුවර..! හ්ම්ම්......
ReplyDeleteහ්ම්ම්ම් නුවර
Deleteහුඟාක් හිතට දැනුනා අක්කි!!!
ReplyDeleteස්තූති හිතූ
Deleteනරක නෑ ලස්සනයි.මොකද ඉතින් අපේ පැත්තනේ.
ReplyDeleteම්ම්ම් එහෙමද? මම හිතන්නෙ ඔයා මගෙ අබ්ලොග් එකට අලුත් සාදරෙන් පිලිගන්නවා ඔයාව මම ඒ පැත්තෙත් ඇවිත් යන්න එන්නම්
Deleteහ්ම්....ලස්සනයි...
ReplyDeleteස්තූතී
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇත්තටම ලස්සනයි සිනාසී කියෙව්වෙමු
ReplyDeleteහිතස්සේ හුන් මතක අතීතෙට විසිකලෙමු
ඔහොම වෙන්වී ගිහින් අතීතය අමතක කරමු
කෙලසනම් ඉඩදෙම්ද මියදෙන්න පෙම පලමු
මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන් WWW.PETTAGAMA.NET
ස්තූතී ජෝන් අය්යේ
Deleteශෝකී රසය දැනුනා...
ReplyDeleteප්‍රේමයේ විප්‍රයෝගයත් එක්තරා රසයක් කියලා කියනවනෙ...
ඔව් විරහවත් සතුටක් නේ
Deleteඇත්තටම පපුවටම දැනුනා... කොච්චර වුනත් අහිමිවිම් දරාගන්න බැ.. පුදුම් තරම් ලස්සනට අදහස් ගලපලා තියෙනවා
ReplyDeleteහානේ මෙයා අලුත් වෙලා හි හී
Deleteඔයා ලියපු එකත ලස්සනයි ....
ReplyDeleteඔයා හොයපු ලින්ක් එක මෙන්න....
http://www.facebook.com/photo.php?fbid=318901761539152&set=a.305709982858330.68611.100002579910296&type=1&theater
ස්තූති විශී මම මේක හොයා ගන්න බැරුව හිටියේ
Deleteලස්සනයි කවී.... ඒත් මෙච්චර ලස්සනට දුක ගලපන්නේ කොහොමද බං
ReplyDeleteඒක ජාන වලින් ඇවිල්ලද කොහෙද ෂා හි හී
Delete