සඳට බැළුම් හෙලූ අය

Aug 17, 2012

ඉතින් අපි සමුගනිමු !




තව එකම එක වරක් අපි ආයෙ මුණ ගැහෙමු
දළඳා වීදියේ කොනක නෙතින් නෙත බලං ඉමු
ඉඩක් තිබුනොත් නුවර වැව වටෙත් ටිකක් යමු
අතීතය ගැන මිසක් හෙටක් ගැන නොදොඩා ඉමු

අපි අපිට අයිති නෑ ඒත් තව ටිකක් ඉමු
හුරු සුවඳ විඳින්නට හොරෙන් වගෙ ළඟට එමු
අහම්බෙන් පැටලුනා වගේ අත් පටල ගමු
එදා වගෙ දඟ වැඩක්නම් ඉතින් නොකර ඉමු

මාළිගාවට වෙච්ච භාර අමතක කරමු
අපිට පව් සිද්ධ වෙයි ඒත් නොහිතාම ඉමු
අපිව අඳුරනා අය දුටුවොතින් හිනා වෙමු
අපි අපිට අහිමි බව උන්ටවත් නොකිය ඉමු

අපෙ මතක කප්පරම වැව් දියට විසි කරමු
ඒත් හන්තාන වගෙ හැම දේම දරාගමු
මහවැලිය වගෙ ගළන කඳුළකට ඉඩ නොදෙමු
අපි අපේ කතාවට නැවතීමේ තිත තියමු

මේ නුවර වීදියක ආයෙ ඇස නොගැටි ඉමු
අහම්බෙන් දුටුවොතින් නොදුටුවා වගේ යමු
අඬන්නට හදන ඇස් වලින් තව හිනාවෙමු
සමුගන්න දැන් ළඟයි ඉතින් අපි වෙන්ව යමු

ප/ ලි- මේ හුරුවට යන කවියක් මම මූණු පොතේ කොහේදෝ ගෲප් එකක දැක්කා.ඒක කියවලා ඉවර උන ගමන් මම මගෙ හිතට ආපු දෙවල් මේ විඩියට අකුරු කලා. ඉවරවෙලා ආපහු ඒ කවිය හොයද්දි මේක එතන කමෙට් එකක් හැටියට දාන්න මට හොයා ගන්න බැරි උනා.මොනවා
උනත් ඒ කවිය පුදුම විදියට හිතට දැනුනා.ඒ නිසාම තමා මේක මේ විදියට ලිය උනේ.

45 comments:

  1. සමු ගන්න දැන් ලගයි ..
    …ඉතින් අපි වෙන්ව යමු ...

    …හ්ම්ම් දුකයි .

    ReplyDelete
    Replies
    1. ස්තූති ගිම්හානි, ම්ම්ම් දුක තමා

      Delete
  2. dukai lassanai kaviyo oya lassanat liyala

    ReplyDelete
  3. අක්කගේ මේ කවියයි මීට කලින් දාපු කවියෙයි මොකක් හරි හුරුපුරුදු කමක් දැනුණා නොකිව්වට. ඒත් ඒ මොකක්ද කියල තේරුම් ගන්න බැරි වුනා. කෝ අර පටන් ගන්නවයි කීව කතාව >

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මේ දවස්වල මගේ අතින් ලියවෙන්නෙම නුවර සම්භන්ධ කවිමයි, කතාවේ පලවෙනි කොටස ඉක්මනටම දෙන්නම්

      Delete
  4. අහම්බෙන් පැටලුනා වගේ අත් පටල ගමු
    එදා වගෙ දඟ වැඩක්නම් ඉතින් නොකර ඉමු


    අනේ හරි දුකයි...:'(

    ReplyDelete
  5. මට මතක් වුනේ සෝමතිලක ජයමහ මහත්තයගෙ අපි ආයෙත් හමු නොවූන නම් සින්දුව... ඇයි දන්නෙ නෑ :)

    ReplyDelete
    Replies
    1. ඔව් නේ මතක් කල නිසා මමත් අහලා බැලුවා

      Delete
  6. නුවර කියන්නෙ කොළඹ කාක්කන්ටත් කවි උපදවන තැනක්...

    ReplyDelete
    Replies
    1. ඉහි ඉහි ඒ කියන්නෙ මම කොලඹ කාක්කෙද අනේ

      Delete
  7. සැහෙන්න හිතට දැනුනා කාවී අක්කෝ.....:(
    ඒ අස්සේ පරණ සිද්ධි වගේකුත් මතක් උනා මේක දැක්කාම..:)
    ලස්සනයි ඇත්තටම...:)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් එහෙමද ටෙඩියෝ

      Delete
  8. ඉහි ඉහි...
    ඇඩෙනවා..

    ReplyDelete
  9. harima lassanai akke. godak duka hithuna

    ReplyDelete
  10. "සමුගන්න දැන් ළඟයි ඉතින් අපි වෙන්ව යමු"
    දුකයි අප්පා :/ :/

    ReplyDelete
  11. "සමුගන්න දැන් ළඟයි ඉතින් අපි වෙන්ව යමු.."

    මාරම විදිහට හිතට දැනුනා අක්කේ මේ පේලිය නම්... කියවද්දි කතාවක අදහසක් ආවනේ අදත්... ලියනවනම් මම බුකියේ අවසර ඉල්ලලා මැසේජ් කරන්නම්... :)

    ReplyDelete
    Replies
    1. හි හී ඒකත් මරු නේද මම කවිය ලියනන්ව් ඔයා කතාව ලියනනවා, හරි හරි ඔකෙ ඉල්ල්න්න දෙයක් නෑ මන් ඉතින් ඔයාට අවසර දෙනවනෙ

      Delete
  12. මට නම් මැවිලා පෙනුනා මේකේ තියන ඒවා අක්කෝ..ලස්සනා..........යි :)

    ReplyDelete
  13. ලස්සන කවියක්. නුවර..! හ්ම්ම්......

    ReplyDelete
  14. හුඟාක් හිතට දැනුනා අක්කි!!!

    ReplyDelete
  15. නරක නෑ ලස්සනයි.මොකද ඉතින් අපේ පැත්තනේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් එහෙමද? මම හිතන්නෙ ඔයා මගෙ අබ්ලොග් එකට අලුත් සාදරෙන් පිලිගන්නවා ඔයාව මම ඒ පැත්තෙත් ඇවිත් යන්න එන්නම්

      Delete
  16. හ්ම්....ලස්සනයි...

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ඇත්තටම ලස්සනයි සිනාසී කියෙව්වෙමු
    …හිතස්සේ හුන් මතක අතීතෙට විසිකලෙමු
    …ඔහොම වෙන්වී ගිහින් අතීතය අමතක කරමු
    …කෙලසනම් ඉඩදෙම්ද මියදෙන්න පෙම පලමු

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන් WWW.PETTAGAMA.NET

    ReplyDelete
  19. ශෝකී රසය දැනුනා...
    ප්‍රේමයේ විප්‍රයෝගයත් එක්තරා රසයක් කියලා කියනවනෙ...

    ReplyDelete
  20. ඇත්තටම පපුවටම දැනුනා... කොච්චර වුනත් අහිමිවිම් දරාගන්න බැ.. පුදුම් තරම් ලස්සනට අදහස් ගලපලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. හානේ මෙයා අලුත් වෙලා හි හී

      Delete
  21. ඔයා ලියපු එකත ලස්සනයි ....
    ඔයා හොයපු ලින්ක් එක මෙන්න....
    http://www.facebook.com/photo.php?fbid=318901761539152&set=a.305709982858330.68611.100002579910296&type=1&theater

    ReplyDelete
    Replies
    1. ස්තූති විශී මම මේක හොයා ගන්න බැරුව හිටියේ

      Delete
  22. ලස්සනයි කවී.... ඒත් මෙච්චර ලස්සනට දුක ගලපන්නේ කොහොමද බං

    ReplyDelete
    Replies
    1. ඒක ජාන වලින් ඇවිල්ලද කොහෙද ෂා හි හී

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...