සඳට බැළුම් හෙලූ අය

Nov 17, 2016

වැහි කවි (ෆීලින්ග් රොමෑන්ටික්)




ප්‍රංශ හාදුවක රස රත් ලවන් තෙමනකොට
ආදරෙන් මත් වෙන්න රතු වයින් ඕනෙමද
සීතළට පොපියනා හැඟුමකට ඉඩ දෙන්න
උණුහුමට දැල්වෙනා ගිනි උඳුන් ඕනෙමද

රෑ අහස යට මැවෙන සරාගී සාදයට
ඉටි පහන් නැතුවාට තරු එළිය ඇති නේද
අනෝරාවට කලින් හීන් පොද වැටෙනකොට
නිදා හුන් හැඟුම් ඇස් හිමින් අරිනව නේද

20 comments:

  1. රත් ලවන් සැනහේවි හාදු වැහි ගලද්දී
    සිත් දෙකක් ළංවේවී සීත ගිණි දැවෙද්දී
    මත් දෙනෙත් පියවේවී රෑ අඳුර හමද්දී
    අත් කරන් මුමුණාවී ප්‍රේම රැය ගෙවෙද්දී.......

    ලස්සන ආදරණීය කවි දෙකක් ශානී.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ම්ම්...
    මට මේ කවිය ගැන කියන්න කිසිම දෙයක් නැහැ.
    හැබැයි මාර විදියට විඳින්න පුළුවන්.
    ලියන්න ඕන කියවලා තේරුම්ගන්න නෙවෙයි, කියවන කොට දැනෙන්න.
    ඒ ගුණය මේ කවි පද පුරා පිරී තිබෙනවා.
    ජය !

    ReplyDelete
    Replies
    1. අන්න එච්චරයි මට ඕනේ... මම තරමටම කියවන අයත් මේක වින්ඳනම් අන්න ඒක තමා මගේ සතුට

      Delete
  3. හිතට දැනෙන කවි ගෙත්තමක්

    ReplyDelete
  4. ප්‍රංශ හාදුවක රස දැනෙන්නේ දඟර ගැසුන දිවට නේද...?

    ReplyDelete
    Replies
    1. ඒකනම් කියන්න දන්නෙ නෑ අප්පා...මම මේ ප්‍රංශ හාදුවක් මෙතන්ට ගත්තේ රොමෑන්ටික් ගතිය වැඩි කර ගන්න

      Delete
    2. බොරු කීම අපායෙ යා හැකි පාප කර්මයකි....
      එතකොට රෙඩ් වයින්, ගිනි උඳුන්, ඉටිපහන් අරවා මේවා ගත්තේ කොහොමද...?
      හරි හරි රොමෑන්ටිකයි..මම මේ හෙල්ප් එකක් දුන්නේ උත්ප්‍රේරකයක් වගේ...:)

      Delete
    3. හි හී මොකටද අනේ බොරු කියන්නේ ... ඔය සේරම ගත්තේ කවිය රොමෑන්ටික් කිරීම සදහා තමයි.

      Delete
  5. පොද වැහි වහින අඳුරු වූ රාත්‍රියක්
    පයින් වුඩ් දැවෙන සුවඳ මුසු උනුසුමක්
    ස්වීට් නැති තිත්ත රතු වයින් වීදුරුවක්
    දවා ලන ඇස් දෙකක් එක්ක රතු තොල් දෙකක්

    ReplyDelete
    Replies
    1. දවාලන ඇස් දෙකක්....ම්ම්ම් ඔව් ඒකනම් මරු

      Delete
    2. ඔය කිව්ව අමුද්‍රව්‍ය වලට මම කිව්ව විදියෙ ඇස් දෙකක් ඕන මයි.

      Delete
  6. ප්‍රංශ හාදුවක රස රත් ලවන් තෙමද්දි
    ආදරෙන් මත් වෙන්න රතු වයින් එපා මට
    සීතළට පොපියනා හැඟුමකට ඉඩ දෙන්න
    උණුහුමට දැල්වෙනා ගිනි උඳුන් එපා මට

    රෑ අහස යට මැවෙන සරාගී සාදයට
    ඉටි පහන් නැතුවාට තරු එළිය ඇති මෙමට
    අනෝරාවට කලින් හීන් පොද වැටෙන විට
    නිදා හුන් හැඟුම් ඇහැරේවි හිමිහිට....

    ReplyDelete
  7. රතු වයින් නැතුව කොහොමද අප්පා..
    ප්‍රංශ හාදු රස රතු වයින් එක්කනේ.

    ReplyDelete
    Replies
    1. හි හී මම එපාම කියලා නෑනේ ඉතින්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...