සඳට බැළුම් හෙලූ අය

Feb 22, 2018

රතු මේපලී !



සිසිරයේ සීතලින් පෙම්වත්ව
දරාගෙන හිම පියල්ලක් බැතිව
කල්පයක් ළඟින් ඉන්නට පැතුව
මමයි ඒ පුංචි රතු මේපලිය....

තුරු මතින් රිංගාන සඳ එළිය
ඇවිත් රහසෙම කොපුල් සිම්බාම
හිනැහෙමින් නුඹේ තුරුළෙම උන්න
මමයි ඒ පුංචි රතු මේපලිය....

ගිම්හානයේ සැඩ හිරු ඇවිත්
උදුරගෙන මගෙ සීත පිණි බිඳුව
සියොළඟම දවා අකල්හී ඉපල් වූ
මමයි ඒ අහිමි රතු මේපලිය....

14 comments:

  1. ඔන්න ඔය නිසයි මම ගිම්හානයේ සැඩ හිරු ට ප්‍රේම නොකරන්නේ .....

    එක උණුසුම් බැල්මකින් මුළු ශීතකාලයම උණුසුම් කරගන්න පුළුවන් කියල දැන දැනත් නොකරන්නේ ......

    රතු මේපලිය දන්නවා, සිතල හිම වගේම ගිම්හානයේ සැඩ හිරු කොච්චර කටුක ද කියල එයාගේ දෙකම්ඹුල් වලට ......

    ReplyDelete
    Replies
    1. රස්නෙ විතරක් නෙවෙයි සීතලත් ඕනාවට වඩා වැඩි උනොත් ඒකත් ප්‍රශ්නයක්..දුකක් වේදනාවක්...

      Delete
  2. සඳ ඇවිත් බෙදන විට සිසිලස
    ඔබ වින්දේය එහි ඇති අරුමය
    සඳ ලෙස පැමින ඇත්තේ වෙස් ගෙන
    රුදුරු හිරු බව නොදැනුනේ කරුමෙට!

    සෑම වසකම පැමිනෙන
    සිසිරයේදී සිදුවන
    දෙයකි එහි නැත අරුමෙක
    කුමන මල දෝ එන ඊළඟ?

    ReplyDelete
    Replies
    1. අපූරුයි සංකල්පනාව... ස්තූතියි

      Delete
  3. අතු අගක හුදෙකලා වී හිඳින හුරතලී
    පැතු පතුම් විසුණුවී ගියෙ ඇයිද සියුමැලී
    ගෙතු රටා සිහින මැද දඟදමයි රැළි රැළී
    මතු භවේ මගෙම වී ළඟින් ඉනු මේපලී....

    ලස්සනයි සඳූ. සතුටුයි නැවත පැමිණීම. මුහුනුපොතෙ පොඩිඅවුලක් නිසා උත්තර දෙන්න බැරිවුණා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ලස්සන උත්තරයක්.... ස්තූතියි දුමී....

      Delete
  4. කාලෙකින් බ්ලොග් කියවන්න ආපුවම මුලින්ම දැක්කෙ මේක.. සීතල රෑක රුසියානු නවකතාවක් කියෙව්වා වගෙ හැඟීමක් දැනුණා මේක කියෙව්වම - හරි ලස්සන වචන!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඔයාව කාලෙකින් දැක්කේ.... එහෙම ඇවිල්ලා මෙහෙත් ආව එක ගැන සතුටුයි

      Delete
  5. සඳවතීට වගේ ලස්සනට මට කවි ලියන්න බැරි උනාට, මේ කවිය කියවනකොට පොඩි අඩුවක් වගේ දෙයක් දැනුනා ඔය මැද පේලි හතරේ, ඇත්තටම මැද කොටසේ පේලි හතරෙන් මැද පේලි දෙකේ....!

    ////දෙකම්ඹුල් ඉඹිනකොට හීනියට
    නැළවි නැළවී නුඹට තුරුලු වුන///

    ඒ පේලි දෙකේ භාෂාව අනිත් පද පේලිවල භාෂාව එච්චරම කාව්‍යමය නෑවගේ මට නං...!
    ඔයාට මීට වඩා ලස්සනට ඒ තේරුමම එන්න ලියන්න පුලුවන් කියල දන්න නිසා මේ කමෙන්ට් එක....උත්සාහ කරලා බලන්න ඉතිං කම්මැලි නැතිව...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආකී...ඔයා ඔහොම කිව්වම ආයෙ කියවද්දි තමයි එහෙම අඩුවක් දැනෙන්නේ...ලස්සනයි.. හොදයි විතරක් කියනවට වඩා ලියන අපිට මෙහෙම අඩු පාඩු පෙන්නලා දෙන එකනම් වටිනවා...මම ඉතින් සුට්ටක් දඩිබිඩිනේ ලිව්වා දැම්මා... මම ලියන්නම් ආයෙත් ඒ පද දෙක හිමිහිට

      Delete
    2. ඔන්න වෙනස් කලා.... දැන් බලන්නකෝ

      Delete
  6. තුන්වෙනි කවිය කියවනකොට මට මතක් වෙන්නේ මේ දවස් වල මේ පැත්තට වැටෙන අවුවේ සැර කමයි සදු. කවි ටික නම් ලස්සනයි සදු.

    ReplyDelete
  7. තුන්වෙනි කවිය කියවනකොට මට මතක් වෙන්නේ මේ දවස් වල මේ පැත්තට වැටෙන අවුවේ සැර කමයි සදු. කවි ටික නම් ලස්සනයි සදු.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...