සඳට බැළුම් හෙලූ අය

May 24, 2018

මේ මනමාල මල් පිපෙන සමයයි !





එකින් එක හිස
ඇඟිලි තුඩගින් ඇඳ,
යා කරමි එකිනෙක
උපන් ලප දාහතරක්,

ඉර මුදුන් වන
මහා දවල් එළියක,
සැනින් එසැණින්
පැතිරෙයි,
ලා පැහැති අඳුරක්,

 - රයිටර් -





රෝම කූපයක් කූපයක් පාසා
සිහින් හීගඩු නංවන
පොපියන කේශ නාලිකාවක
මනමාල මල් පිපින...

ගිනි ගහන මද්දහනට පවා
හරි ලැජ්ජා හිතෙන
සැනෙන් එ'සැනින් ඉර නිවා
අකුණක් දෙකක් පුපුරා යන.....

 - සොඳුරු සඳවතී -

11 comments:

  1. වැස්සනෙ...කොල්ලොනෙ...

    ReplyDelete
  2. හ්ම්.... අගෙයි අගෙයි.
    ජයවේවා!!!

    ReplyDelete
  3. මේ වහින කාලෙට ප්‍රොඩක්ටිවිටි එක වැඩියි කියල කොහෙ හරි දැක්කා වගේ මතකයක් තියනවා...... කොල්ලොනේ වහිනවනේ.......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වෙන්ටෑ.... මේනම් වහින දවසක් ගැන නෙවෙයි හැබැයි හිටි හැටියෙ කාළගුණ වෙනස් වීමක් ගැන.

      Delete
  4. "සැනෙන් එ'සැනින් ඉර නිවා
    අකුණක් දෙකක් පුපුරා යන....."

    - - -

    වැහි හලා.... කළු වලා... අහසින් ගියා
    තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා
    ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා
    දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා

    ReplyDelete
    Replies
    1. ඒක මම ශිහාන්ගේ ආසම සින්දුවක්... කාලෙකින් ඇහුවෙත් නෑ... තැන්කූ මතක් කලාට මේ කමෙන්ට් එක දැක්ක ගමන්ම දෙපාරක්ම වස්සානේ ඇහුවා...

      Delete
  5. හ්ම්ම් ......

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...