සඳට බැළුම් හෙලූ අය

Oct 10, 2018

අද එහෙම දවසක් !




මං ආසම හඳක්
හිටි හැටියෙ

එක පාරටම....

ධාරාණිපාත වැහි
කෝඩෙකට පස්සෙ

මහ දවල්....

කොළඹ පෙත්මඟක
අහසට උඩින්

හිනාවෙන අපූරුව....

23 comments:

  1. ලස්සනයි නේද - ඒ හදේ චායාව - පෙත් මගේ මඩ කඩිති - මත වැටී නගන රැළි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් චායව විතරමයි....හඳ කැමති නෑනේ පොළවට බහින්න

      Delete
    2. චායාව වැටුනාට- රැළි නගන්නේ සිතයි -
      මඩ කඩිති රැළි නගන්නේ සදේ - දුක් සුසුම් වැදිලයි

      Delete
  2. ලස්සනයි සඳවතී.

    ReplyDelete
  3. අයියෝ මේක අසාධාරණයි. කවිය කියෙව්වම හිතේ මැවුණෙ වෙන දෙයක්. පින්තූරෙ නිසා කවියට වෙන අරුත් ගොඩක් හිතේ මැවුණා.

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද ඔයාට තේරුනා...කවියයි පින්තූරෙයි අහසයි පොළවයි වගේ නේද...? කවි එහෙම තමයි මම හිතන මට හිතෙන දේම හැමෝටම හිතෙන්න ඕනේ නෑ...සමහර පින්තූර කවියට සාදාරණයක් කලාට සමහර පින්තූර හරි අසාධාරණයි ... හි හී... ඒ නිසා ඔයාගේ හිතේ මැවුන දේම ඔයා මවාගන්න.පින්තූරේ තේරෙන අයත් ඉඳීව්නේ ඉතින්

      Delete
    2. මට හිතුණේ මෙහෙම. පෙම්වතෙක් පෙම්වතියකට කියන කවියක් වගේ. මං ආසම හඳක් කියන්නේ පෙම්වතියගේ හිනා මූණ. ධාරාණිපාත වර්ෂාවකට පස්සේ කියන්නේ ගොඩක්ම ඇඩුවට පස්සේ දකින හිනා මූණ. ඔහු දකින්නේ මහ දවාලේ කොළඹ පෙත් මගකදී.සාමාන්‍ය හඳ නම් ඉතින් පායන්නෙ අහසෙ. අහසටත් උඩින් පායලා තියෙනවා කියන්නේ ඇයව ඔහුට කොයිතරම් විශේෂිතද කියන එකයි. ඉතින් "අද එහෙම දවසක්" කියන මාතෘකාව ඒ චිත්ත රූප වලට නම් හොඳටම ගැලපෙනවා.😊

      Delete
    3. ම්ම්ම් ඔය ඔක්කොම අනිත් පැත්තට හැරුනනම් ටිකා...ක් විතර හරි.....නෑ මම මේ කිව්වෙ හඳක් කියන්න පුලුවන් ස්ත්‍රී මූණකට විතරමද ... හි හී

      Delete
  4. කොළබ අහසට උඩින් පායන හද ලස්සන නෑ අනේ.

    ReplyDelete
    Replies
    1. අහස කොහේ උනාම මොකද අනේ හඳ මගේ නම්.... මටනම් දුක හඳ මගේම විතරක් නොවෙන නිසයි.ඒත් කමක් නෑ ඒ හඳ කොහේ තිබුනත් මට නම් ලස්සනයි.

      Delete
  5. Lassanai Sandawathee :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදයි දැක්කේ මුල් වරට...

      Delete
  6. වැස්සට පසු පායන හඳ හරි එළියයි ලු.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් නේ... එහෙමත් කියනව.....

      Delete
    2. මහ වරුසාවට පසුව නැගෙන සඳ
      වෙනදාටත් වැඩියෙන් එළියයි
      නෝක්‌කාඩුවට පසුව ඔබේ වත
      ඒ එළියට වැඩියෙන් එළියයි...

      Delete
    3. ආ ඒකනේ ඔය තියෙන්නේ

      Delete
  7. අමුතුයි නිර්මාණය.

    ජයවේවා!!!

    ReplyDelete
  8. මොනාද අප්පා. ගෙදර ඉන්නකොට නම් වැස්ස ලස්සනයි තමා, ඒත් වැඩට යනකොට නාන්න වීම නිසා වැස්සත් එපා වෙලා.වැස්සට පස්සෙත් කොහේ ලස්සනක්ද අනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. හා හා කලබල වෙන්න එපා මේ වැස්ස ගැන නෙවෙයි හඳ ගැන ...හි හී

      Delete
  9. අළුත් දැක්මක් . අමුතු අදහසක් .......

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...