සඳට බැළුම් හෙලූ අය

Jan 19, 2019

Wrong Number !


සියක් වර
ඒ අංකය
ජංගමේ මුහුණ
මතට ගනිමි !

මේ මහා දුර
ඇඟිලි තුඩු
පහසකින්
යා කරන්නට සිතමි !

ඔය හඬින්
සවන් පත්
පුරවා ගන්නට
සිහින දකිමි !

ඇසිල්ලෙන් සිතට
ස්වයං වාරණ
දා ගනිමි !

ඔබේ පැය වලින්
මිලි තත්පරයක්වත්
මට අයිති නැති බව
සිහිකරමි !

මං ඔබේ
කවුරුවත්
නොවන බව
කකියන හිතට
යලි යලිත් කියමි !

15 comments:

  1. මං ගාව ටැලිපෝං එකක් නෑ දැං...උඹට ගිය වාරෙත් නුහුගුනේ වැඩිඋනේ ඔය බඩකඩුත්තුව හිංද තමාය කියපු අම්ම ඒක විසිකලා කැලේට...

    ReplyDelete
    Replies
    1. අම්මට තේරුන එක මට නොතේරුන එකයි කරුමේ.... හා නැද්ද... හි හී

      Delete
  2. හම්මට… වෙලාවට ෆෝන් නොම්මරේ වෙනස් කරේ.. :D :D

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට නැත්තං කොහොම මගෙන් බේරෙන්නද

      Delete
  3. මොකද්ද අක්කේ... i cant belive this.... you write always my feelings. it is extremely extraordinary

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එහෙමනේ..... බලන්නකෝ මේක .. මේක ඔයානෙ ලිව්වෙ

      පව

      යන්න ඕන වෙන්නේ
      ආදරය නැති නිසා නෙවේ...
      හුඟක් ආදරය නිසා..
      ඒත් ඈතට වෙලා
      ඉන්න බැරුව එන්නේත්
      ආයේ ඒ හුඟ ආදරේ නිසා....

      ඒකට කියන්නේ
      "සංසාරගත වූ ප්‍රේමණිය පව" කියලා...

      Delete
    2. අක්කා ලියන්නේ පුංචි සිදුවීමක ආදරය.. ඒක මරු

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. වෙනස්ම නිර්මාණයක්. .
    .
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී.... දැන්නම් ගොඩක් බිසී වගේ නේද ....

      Delete
  6. සැබෑ ලෝකයේ සිටින්නට අකමැතිව
    පිවිස රැවටෙමින් මවාගත් මායාව සිහිනලොව
    කවදාද එන්නේ ඉන්මිදී පියවි ලොව
    අටලෝ දමින් යුතු දුක් සහිත යථාලොව දකින
    එකීවූ සසර දුක දකින හුරුවන ඉන්මිදෙන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.... වටිනා උපදෙසක්.....

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...