සඳට බැළුම් හෙලූ අය

Jun 17, 2019

පමාවී හමුවූ කින්නර ප්‍රේමයට !





හීන කියන්නෙ ඉතින් හීන වලටම විතරක් නෙවෙයිනේ.හීනත් හැබෑ වෙන අවස්ථා තියෙනවා.මෙන්න මේකත් එහෙම අවස්ථාවක්.මේ මගේ පද පෙලක් ගීතයක් උන දෙවෙනි වතාව.ඇත්තටම ඒක හීනයක් මේ පද වගේම හීනයක්...හිතුවෙ නැති වෙලාවක හරි ඉක්මනටම ගීතයක් වෙලා ඇහෙද්දි දැණුන සතුට නිමක් නෑ.මේ ගීතය කල එලි බැස්සේ පහුගිය අප්‍රේල් අවුරුදු කිට්ටුව.ඒ දවස්වලම බ්ලොග් එකේ ලියන්න උවමනාව තිබුනත් ඒ දවස්වල රටේ තිබුන තත්වය එක්ක එහෙම හිතක් පහල උනේ නෑ.පස්සෙ පස්සෙත් විවිධ හේතු නිසා ඒක මඟහැරුනා.එහෙම නොවුනානම් මේක මීට වඩා ලස්සනට පිලිවෙලට ලියන්න තිබුන එකක්.මේ ලියන්නෙනම් ඉතින් බොහොම කලබලෙන් ඕනාවට එපාවට. හරි හරි ඉතින් කොහොම ලිව්වත් ඕනෑකම මේක බ්ලොග් ගත කිරීමනේ.

ඉතින් කැමති ඇත්තෝ අසත්වා... අඩුපාඩු පෙන්වා දෙත්වා.. 











14 comments:

  1. පාත් කරන් දෙනෙත් පහන් මගාරින්නෙ කෙසේ... දීප දේස නොතකා නුඹ නැවතුනාම හිතේ...හරිම ලස්සනයි සඳවතී. සුබ පැතුම්!

    ReplyDelete
  2. ඒ ඒක ලස්සනයි ඒයි.. මං බාගත්ත ( අහන්ඩෙපා සල්ලි දුන්නද කියල. :-D )

    ReplyDelete
  3. සීතල හිමකැට වගේම ලස්සනයි!

    ReplyDelete
  4. මගේ සුභ පැතුම් .

    යුග ගීයක් නිසා වචන ගෙත්තම තවත් ලස්සන වෙලා කියල තිතෙනවා .

    "සීතල හිමකැට" ගීතයේ දෙවෙනි කොටස වගේ .

    ඉදිරියටත් ලස්සන නිර්මාන බිහිවේවා . තව තවත් රාජ්‍ය සම්මාන ලැබේවා ! ජය වේවා .

    ReplyDelete
    Replies
    1. මම මේක ලිව්වෙනම් යුග ගීයකට කියල හිතාගෙන නෙවෙයි.මියුසික් කරපු දීපති තමා කිව්වෙ යිග ගීයකට මරු එහෙම කරමු කියල.පස්සෙ මටත් හිතුනා එහෙම ලස්සනයි කියලා.

      Delete
  5. බෝම අගෙයි සඳ... මට එන්ට බැරි වෙච්ච ටික කාලෙට උයා වාත්තු කල සෙනෙහෙත් අරන් බෝම දුර ගිහිං නෙව... :-p

    ReplyDelete
  6. හරි ලස්සනයි.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...