සඳට බැළුම් හෙලූ අය
Jul 21, 2016
ආදරේ කියන්නෙම !
ජීවිතේ ඉස්සරම දවස්වල
ඔබ ඇවිත් හිතේ නැවතිච්චහම
මං හිතුවෙ ආදරේ කියන්නෙම
රතුපාට රෝස මල් සුවඳකට
ආදරේ මල් පිපුණු උයනක
සමනල්ලු හිතේ දඟ කරනකොට
මං හිතුවෙ ආදරේ කියන්නෙම
ආ...න් ඒ වගේ නිදහසකට
රිදුනහම හිත පුංචි දේකට
හිරවෙද්දි පපුවෙ හරි මැද්දම
මං හිතුවෙ ආදරේ කියන්නෙම
මගෙ හුස්මෙ නුඹ ඉන්න එකටම
වෙරළ ඉම උයන් කොන තනියම
තනිවෙලා රෝස තොල් ඉඹිනකොට
මං හිතුවෙ ආදරේ කියන්නෙම
මේ...න් මේ වගේ හිරිවැටුමකට
ඉතින් ඊටත් එහා දුරකට
මං අරන් ඔයා ඉගිළෙනකොට
නුඹ කිව්වෙ ආදරේ කියන්නෙම
මගේ හැමදේම නුඹෙ වෙන එක
බැඳෙන්නට කලින් හිත් ලිහුනම
රෝස කටුවක් කුසේ ඇණුනම
මට දැනුන ආදරේ කියන්නෙම
සෙල්ලමක් නුඹ කිව්ව ලෙසටම
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

වැදගත්, නිවැරදි වටහාගැනීමක්, අනර්ඝ කවියකින්
ReplyDeleteබොහොම ස්තූති ඔයාට මේ පැත්තට ඇවිත් යනවට
Deleteබොහොම අපූරුයි.
ReplyDeleteබොහොම ස්තූති ඔයාට
Deleteලස්සන ..හිතන්න යමක් දෙන කවියක්... පාර කිව්වේ ඉයන්..
ReplyDeleteඅපේ පැත්තෙත් ඇවිත් බලන්න
http://helmalu.blogspot.com.au/2016/07/blog-post_8.html
ජයවේවා!!!
බොහොම ස්තූති ඔයාටත් ඉයන්ටත් දෙන්නටම අනිවා ඇවිත් යන්න එන්නම්.. ජය
Deleteඑක් එක් මොහොතක
ReplyDeleteඑක් එක හැඩරුව
ගත් මේ ආදරය
හොයනු බෑ කොයි වගේ...
ලස්සන කවියක්.
ජයවේවා!!!
බොහොම ස්තූති ඔයාට මෙහි ආවටත් අදහසක් දැක්වීමටත්
Deleteසුපිරි! ඉයන් ට ස්තුතියි පාර කියුවට
ReplyDeleteබොහොම ස්තූති ඔයාලා දෙන්නටම
Deleteඉයන් ගේ හෝඩුවාවකින් ආවේ. ලස්සන නිසඳැසක් නේ
ReplyDeleteබොහොම ස්තූති යාලුවේ ඉයන් ඔයාටත්, ඔබේ මඟ පෙන්වීමෙන් මෙහෙ ආව ගිය හැමෝටමත්
Deleteශානි ශකී කියන්නේ මගේ දුලා දෙන්නගේ (කෙටි නම්).
ReplyDeleteඅහා... එහෙමද ශානි ශෂී කියන්නෙත් මගෙ පලවෙනි සහ දෙවෙනි නම් දෙකේ කෙටි නම්
Deleteලස්සන ම ලස්සනයි... ඒ වගේ ම අර්ථවත්...
ReplyDeleteබොහොම ස්තූති යාලුවේ
Deleteඉයන්ගෙන් පාර හොයාගෙන තමයි ආවේ...අර්ථවත් නිර්මාණයක්...ඒ වගේම සුන්දර පද ගැලපීමක්...ඉදිරියටත් සාර්ථක නිර්මාණ කරන්න සුබ පැතුම් !!!
ReplyDeleteබොහොම ස්තුතී ඉයන්ටත් ඔයාටත්, පුලුවන් වෙලාවට ඇවිත් නිර්මාණ රසවිඳලා ගුන දොස් කියලා යන්න
Delete