සඳට බැළුම් හෙලූ අය

Jul 21, 2016

ආදරේ කියන්නෙම !




ජීවිතේ ඉස්සරම දවස්වල
ඔබ ඇවිත් හිතේ නැවතිච්චහම
මං හිතුවෙ ආදරේ කියන්නෙම
රතුපාට රෝස මල් සුවඳකට

ආදරේ මල් පිපුණු උයනක
සමනල්ලු හිතේ දඟ කරනකොට
මං හිතුවෙ ආදරේ කියන්නෙම
ආ...න් ඒ වගේ නිදහසකට

රිදුනහම හිත පුංචි දේකට
හිරවෙද්දි පපුවෙ හරි මැද්දම
මං හිතුවෙ ආදරේ කියන්නෙම
මගෙ හුස්මෙ නුඹ ඉන්න එකටම

වෙරළ ඉම උයන් කොන තනියම
තනිවෙලා රෝස තොල් ඉඹිනකොට
මං හිතුවෙ ආදරේ කියන්නෙම
මේ...න් මේ වගේ හිරිවැටුමකට

ඉතින් ඊටත් එහා දුරකට
මං අරන් ඔයා ඉගිළෙනකොට
නුඹ කිව්වෙ ආදරේ කියන්නෙම
මගේ හැමදේම නුඹෙ වෙන එක

බැඳෙන්නට කලින් හිත් ලිහුනම
රෝස කටුවක් කුසේ ඇණුනම
මට දැනුන ආදරේ කියන්නෙම
සෙල්ලමක් නුඹ කිව්ව ලෙසටම

18 comments:

  1. වැදගත්, නිවැරදි වටහාගැනීමක්, අනර්ඝ කවියකින්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ඔයාට මේ පැත්තට ඇවිත් යනවට

      Delete
  2. බොහොම අපූරුයි.

    ReplyDelete
  3. ලස්සන ..හිතන්න යමක් දෙන කවියක්... පාර කිව්වේ ඉයන්..
    අපේ පැත්තෙත් ඇවිත් බලන්න

    http://helmalu.blogspot.com.au/2016/07/blog-post_8.html

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ඔයාටත් ඉයන්ටත් දෙන්නටම අනිවා ඇවිත් යන්න එන්නම්.. ජය

      Delete
  4. එක් එක් මොහොතක
    එක් එක හැඩරුව
    ගත් මේ ආදරය
    හොයනු බෑ කොයි වගේ...

    ලස්සන කවියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ඔයාට මෙහි ආවටත් අදහසක් දැක්වීමටත්

      Delete
  5. සුපිරි! ඉයන් ට ස්තුතියි පාර කියුවට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ඔයාලා දෙන්නටම

      Delete
  6. ඉයන් ගේ හෝඩුවාවකින් ආවේ. ලස්සන නිසඳැසක් නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති යාලුවේ ඉයන් ඔයාටත්, ඔබේ මඟ පෙන්වීමෙන් මෙහෙ ආව ගිය හැමෝටමත්

      Delete
  7. ශානි ශකී කියන්නේ මගේ දුලා දෙන්නගේ (කෙටි නම්).

    ReplyDelete
    Replies
    1. අහා... එහෙමද ශානි ශෂී කියන්නෙත් මගෙ පලවෙනි සහ දෙවෙනි නම් දෙකේ කෙටි නම්

      Delete
  8. ලස්සන ම ලස්සනයි... ඒ වගේ ම අර්ථවත්...

    ReplyDelete
  9. ඉයන්ගෙන් පාර හොයාගෙන තමයි ආවේ...අර්ථවත් නිර්මාණයක්...ඒ වගේම සුන්දර පද ගැලපීමක්...ඉදිරියටත් සාර්ථක නිර්මාණ කරන්න සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී ඉයන්ටත් ඔයාටත්, පුලුවන් වෙලාවට ඇවිත් නිර්මාණ රසවිඳලා ගුන දොස් කියලා යන්න

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...