සඳට බැළුම් හෙලූ අය

Jul 2, 2016

රාධා ක්‍රිශ්ණා !




යමුනා ඟංතෙර ලා දම් පාටයි
මේ හැන්දෑවම පෙම්බර පාටයි
සඳ ඉහිරෙනකොට නිල් දිය තල මත
ඉහිලුම් නෑ රාධා....

වෘන්දා වනයම සීතල යහනයි
හිමාලයේ හිම උණුහුම සාදයි
වස්ඳඩු රාවය සවන් වැකෙනකොට
ඉහිලුම් නෑ ක්‍රිශ්ණා.....

හෝපලු තුරු මැද පෙම් රජ දහනයි
පිච්ච මලින් කල මංගල යහනයි
සැතපෙන්න ඉතින් රාධා....
මේ සඳ තරු හා හොරෙන් බලාවී
අපෙ සෙනෙහස මුලු ලොවට කියාවී
ඉවසන්න ටිකක් ක්‍රිශ්ණා...

ඔය රුව ළඟ තුන් හිතම පිපාසයි
ලවනත මධු මී සිඹින්න ආසයි
නිල් දිය මත තව රඟන්න රාධා....
වස්ඳඩු රාවේ හරි ශෘංගාරයි
මිනිමෙවුලට දැන් ඉවසුම් නෑමයි
උකුල් තලාවට වඩින්න ක්‍රිශ්ණා....

2 comments:

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...