සඳට බැළුම් හෙලූ අය

Showing posts with label පෙම්බර හිමිසඳුනි මගේ. Show all posts
Showing posts with label පෙම්බර හිමිසඳුනි මගේ. Show all posts

Apr 9, 2012

පෙම්බර හිමිසඳුනි මගේ......














දන්නවද.....

අම්මගෙ උකුළට පස්සෙ මං මේ ලෝකෙ
හිස හොවන්න ආසම තැන කොහෙද කියල.......?
ඒ ඔයාගේ සුවඳ පපුතුර
ජීවිතේ එපා වෙද්දි ,
කාත් කවුරුවත්ම නෑ කියල දැනෙද්දි ,
හඬාගෙන ඇවිත් තුරුල් වෙන්න
ඔය පපුව තරං ආදරණීය තැනක්
වෙන කොහෙවත් නෑ රත්තරං....

ආදරෙන් පපුවට තුරුළු කරගෙන
නළල ඉඹිනකොට....
හිස අත ගාල සනසනකොට....
ජීවිතේ හැම ගින්දරක්ම නිවී සැනසෙනව...
මට මාව නැති උනත් මේ ආදරේ....
මේ රැකවරණය.....
මේ උණුහුම අහිමි වෙන්නෙ නෑ කියල මම දන්නව....

ඉතිං.....

ඇත්තටම මම වාසනාවන්තයි නේද....?

Apr 2, 2012

පෙම්බර හිමිසඳුනි මගේ......

සොඳුරු යුවතිය... පතිනියක වූ දා....
විඳින ජීවිතයක සොඳුරු පෙළගැස්ම



අද ඉරිදා.....චුට්ටක් දවල් වෙනකං ඔය උණුහුමට ගුළි වෙලා ටිකක් වැඩියෙන් නිදාගන්න පුළුවන් දවස....සතියේ දවස් හතෙන් මං ආසම කරන දවස.....
ඇති තරම් කතා කරන්න.... ඇති තරම් හිනා වෙන්න මං වෙනුවෙන් මටම වෙන්වුණු දවසෙ එක තත්පරයක්වත් අහක දාන්න මම සූදානම් නෑ.පුලුවන් තරම් ඉක්මනට අපේ පුංචි ගෙදර හැම වැඩක්ම ඉවර කරල ඔයාට තුරුල් වෙලා හුරතල් වෙවී ඉන්නයි මට ඕන.
හැම ඉරිදටම ඔයා ආසම කෑමක් හදන්න මම උනන්දු වෙනව.පුංචි මේසෙ තියාගෙන සීරුවට මම එළවලු කපන දිහා ඔයා පෑන්ට්‍රි එක උඩින් වාඩි වෙලා බලාගෙන ඉන්නව.
" මම පොල් ගාල දෙන්නද...."
හිටපු ගමන් ඔයා අහනව.
" ආ...පෝ...එපා ...අද මම සේරම තනියම කරගන්නම්... ඔයා බලන් ඉන්න ..."
ඒත් ඔයා අහන්නේ නෑ දඩි බිඩියේ ලොකු ලොකු පොල් රැළි ගාද්දි මට හිනහත් යනව.ඒත් ඔයා දන්නවද.....?හදවතේ ආදරේ පිරිල උතුරනව.....සත්තයි.... ආදරේ තරමටම ජීවිතෙත් සුන්දරයි කියල මට දැනෙනව...ඔයාගේ ජීවිතේ පංගුකාරි වෙලා මම මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගැහැණිය වුණා කියල මට හිතෙනව...ඉතිං ඊටත් වඩා සතුටක්....ඔයාගෙන් තොර හෙටක් මට තියේවිද මේ මුලු ජීවිතේටම...
ජීවිතයේ සතුට කියා දුන් පෙම්බර හිමියනේ....
ජීවිතයේ විඩා නිවන නුඹේ සැනසුම් සෙවන ලඟ නැවතී ගිම් නිවන්නට මතු උපදින හැම සසරකම නුඹ මගේම් වී ඉපදේවා...!

ප/ ලි ... ගිය සතියේ බ්ලොග් එකට මුකුත් දාන්නවත් බ්ලොග් කියවන්නවත් මට ඉඩක් ලැබුනේ නෑ.ඒ මොකද මම අසනීපෙන් හිටියේ. උණ හැදිලා ගොඩක් අමාරුවෙන් හිටියේ.ඒ නිසා හැම සතියෙම කොටසක් දෙන්න පොරොන්දු වුන දෙනුවන් අනුහස නවකතාවෙ කොටසක් ගිය සතියේ දාන්න බැරි වුනා. ඒකට කට්ටිය මට සමාව දෙන්න හොදේ.තවමත් ඇගට කිසිම සනීපයක් නෑ. පුලු පුලුවන් වෙලාවට ටයිප් කරලා තියලා මේ සතියේ කොහොම හරි කොටසක් දෙන්න බලන්නම් හොදේ.

Mar 23, 2012

පෙම්බර හිමිසඳුනි මගේ......


සොඳුරු යුවතිය... පතිනියක වූ දා....
විඳින ජීවිතයක සොඳුරු පෙළගැස්ම


අලුත් ජීවිතේ ඩිංග ඩිංග හැමදේටම හුරු වෙනව.උදේට නලල ඉඹල ඔයා යන්න සමුගනිද්දි හැමදාමත් හිත හූල්ලනව.ඒත් හිත හිත ඉන්න වෙලාවක් නෑ...වැඩ කෝටියයි. ගෙවල්ල් මිදුල් අතු ගන්න... වළං පිගන් හෝදන්න... දවසට දෙකට මම මහා ලොකු ගෑණියෙක් වෙලාදෝ මංද...එහෙම හිතෙද්දී පුංචි පහේ ආඩම්බරේකුත් හිතට එනව.මේ හැම දෙයක්ම මම කරන්නේ පුදුමාකාර ආසාවකින්.හැමදේකම අවසානෙදී හිතට දැනෙන්නේ පුදුම තරම් සතුටක්.. තෘප්තියක්.

පුංචි කැදැල්ලක කූඩු වෙන්න... ඔයාට සෙනෙහෙබර බිරිඳක් වෙන්න...පුංචි ගෘහණියක් වෙලා ඔයාගේ ඕනා එපා කම් ඉටු කරන්න...මං හීන ඇහින්දෙ ඔයා මට ආදරේ කියපු මුල්ම දවසේ ඉදන්...වසරගනනාවක් තිස්සේ දැකපු ඒ හැම හීනයක්ම අද සැබෑ වෙලා...මං දැන් ඔයාගේ පුංචි බිරිඳ...මං දන්නවා ඒක විශාල වගකීමක්.

බිරිඳක් ගෘහණියක් උනාට මං තාම යුග දිවියට අත දරුවෙක්..මං අතින් අනන්ත අප්‍රමාණ අතපසුවීම්, වැරදි සිදුවේවි.මං විශ්වාස කරනව ඒ හැම අවස්ථාවකදීම ඔයා මාව ආරක්ශා කරගෙන මට ආදරෙන් කරුණු පහදල දෙවි කියල.යුග ජීවිතේ ප්‍රශ්ණ , බැඳීම් , වගකීම් දවසින් දෙකෙන් ලිහා ගන්න තේරුම් ගන්න බැරි වේවි. හැමදාම ඉගෙන ගනන් මොනවා හෝ තියේවි.ඒත් ඒ හැම වෙලාවකදීම ඔයා මා ළඟින් ඉදන් මට සහය දුන්නොත් ජීවිතේ හැමදාම ලස්සන වේවි.අපි දෙන්න අපි දෙන්නට ළං වෙන තරමට තේරුම් ගනන් තරමට ජීවිතේ ප්‍රශ්න අඩු වේවි.

දයාබර හිමියනේ....

අප අතඟිලි පටලා සෙනෙහසින් පිවිසුණු ලෝකය සුන්දර කර ගැනීම නුඹත් මාත් සතුයි.ඒ ලෝකයේ සුන්දර විඳින්න හැමදාම මගේ ලඟින් ඉන්නව නේද....?

Mar 19, 2012

පෙම්බර හිමිසඳුනි මගේ......


සොඳුරු යුවතිය... පතිනියක වූ දා....
විඳින ජීවිතයක සොඳුරු පෙළගැස්ම



කොච්චර අමාරුවෙන් කඳුලු හිර කරගෙන හිටියත් පිට පනින්නමයි හදන්නේ.ඒත් ඉතින් අඬා වැටෙන්න බෑ.. අලුත් ජීවිතේ තවත් අලුත් අත්දැකීමක්...අනිවාර්‍යයෙන්ම සිඳු විය යුතු දෙයක්.එහෙම හිතල මම ඇස් දෙක පියා ගත්ත චුට්ටක් සංසුන් වෙන්න.

" කෝ ඉතිං හිනාවෙලා කියන්නකෝ මට ඉක්මනට ගිහින් එන්න කියල "

ඔයා දොඩමළු වෙලා මගේ සිතුවිළි නොසංසුන් කලා.

" පරිස්සමින් ඉන්න... මං ඉක්මනට එනව..."

ඒ වදන් මුවින් ගිලිහෙන ගමන්ම පුංචි හාදුවක් තැවරුනා නළල මත.ආදරය උතුරන ඒ උණුහුමට සමුදෙද්දි මට දැනුනෙ පුදුමාකාර ලෝබකමක්.

" බුදුසරණයි... පරිස්සමින් ගිහින් එන්න රන්.."

එලිපත්ත පනිද්දි මගේ මුවින් පිටවුනේ නිරාසයෙන්. ඔයා හිනා වුණා මා දිහා බලල ලස්සනට.

ඉතින් නුඹ නික්මුනා හිත පුරා පාලුව තවරලා ඒත් හැමදේම සුන්දරයි.... සත්තයි කියාගන්න බැරි තරමටම. ආයේ නුඹ හවස එන තුරුම ඒ සුන්දරත්වය මගේ හිතේ පාලු කපාවි.මුලු දවස පුරාම නුඹ තුරුලේ දැවටී හිනැහුනු මං නුඹ නොමැතුව මේ පුංචි ගෙදර තනිවුණු පළමු දවස අද.ඉතිං අදින් පස්සේ මට නුඹට කියන්නට කොයි තරං දෙවල් තියේවිද...ඒ හැම දේටම ඇහුම්කන් දෙන්න ඔයා සූදානම් නේද....ඔව් සත්තකින්ම නුඹ මට ඇහුම්කන් දේවි.දයාබර හිමි සඳුනේ.......
ඉතිං මට අවසර.....!

දිනූ මගේ යකෝව්....!

මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...