සඳට බැළුම් හෙලූ අය

Apr 9, 2012

පෙම්බර හිමිසඳුනි මගේ......














දන්නවද.....

අම්මගෙ උකුළට පස්සෙ මං මේ ලෝකෙ
හිස හොවන්න ආසම තැන කොහෙද කියල.......?
ඒ ඔයාගේ සුවඳ පපුතුර
ජීවිතේ එපා වෙද්දි ,
කාත් කවුරුවත්ම නෑ කියල දැනෙද්දි ,
හඬාගෙන ඇවිත් තුරුල් වෙන්න
ඔය පපුව තරං ආදරණීය තැනක්
වෙන කොහෙවත් නෑ රත්තරං....

ආදරෙන් පපුවට තුරුළු කරගෙන
නළල ඉඹිනකොට....
හිස අත ගාල සනසනකොට....
ජීවිතේ හැම ගින්දරක්ම නිවී සැනසෙනව...
මට මාව නැති උනත් මේ ආදරේ....
මේ රැකවරණය.....
මේ උණුහුම අහිමි වෙන්නෙ නෑ කියල මම දන්නව....

ඉතිං.....

ඇත්තටම මම වාසනාවන්තයි නේද....?

10 comments:

  1. අක්කා ඇත්තටම වාසනාවන්තයි.. ඊටත් වඩා අයියා වාසනාවන්තයි.. අක්ක වගේ කෙනෙක් ලබන්න...

    ReplyDelete
  2. වාසනාවන්ත ආදරයක් !

    ජය !

    ReplyDelete
  3. වාසනාවන්තදත් කියලා අහනවා.... එකේ කතා දෙකක් නැ... මේ කවියො අවංකවම කියන්න.. ඔයාට මල පැනලා ඉන්න වේලාවක පපුවේ ඔලුව තියාගන්න යනවද? නැත්තං ගස්සලා දලා කොට්ටේට ඔලුව තියාගන්නවාද?......

    ReplyDelete
  4. ඇත්තටම ඔව්..
    ඔයා වාසනාවන්තයි..ඔයාව ලබපු ඔයාගෙ හිමිකාරයා ඊටත් වඩා වාසනාවන්තයි.. :)

    ReplyDelete
  5. Dinesh - ස්තූති මල්ලි

    sAm (සෑම්) - ඔයාටත් ස්තූති සෑම්

    Pooh - හි හී මට මල පැනලනම් නෑ තවම ඒ තරම්ම. හැබැයි ඉතින් මල පැන්නත් වැඩි වෙලාවක් ඉන්න හම්බෙන්නේ නෑ පාඩුවේ ගනන් උස්ස උස්ස. මේ උන්දෑ මාව හිනස්සලා කොහොම හරි යාලු කරගන්නවා

    සිත්රූ සිහින - ස්තූති සිත් රූ ඔව් අවංකවම මටත් දැනෙනවා මම මේ ආදරේ ලබන්න තරම් වාසනාවන්තයි කියලා

    ReplyDelete
  6. මෙවන් ආදරයක් ලබන්නා වාසනාවන්තයෙකු නොවේ නම් අන් කවරෙකු වේද ?
    හැමදාම සතුටින් ඉන්න අක්කේ.

    ReplyDelete
  7. ඇත්තටම.. වාසනාවන්ත ආදරයක් අක්කේ..
    හදවතින්ම සුබ පැතුම්..!!!

    ReplyDelete
  8. ආදරණිය ලියමනක්. ඒ වගේම වාසනාවන්.

    ReplyDelete
  9. පැතුම් [සිතුම් පැතුම්] - බොහොම ස්තූති සිතුම් පැතුම්

    නන්ඳු - ස්තූති ඔයාටත් නන්ඳූ

    අසරණයා - ස්තූතී

    ReplyDelete
  10. wasanawanthada kiyalath ahanna deyakda kawi...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඉස්තලන් දමනය !!

  අද හෙනහුරා දා නොවැ.ඒ අස්සෙ අද ඇසළ පෝයත් නොවැ.ඒ විතරක්‍ යැ අද අර ශනිදා දහයට බ්ලොග් පෝස්ට් දානත් දවසැ නොවැ.ඔය මොනවා උනත් මං අද මේකේ මක්කාවත්...