සඳට බැළුම් හෙලූ අය

Apr 4, 2012

දෙනුවන් අනුහස....සිව්වන සජ්ජායනාව




ඔය ඇස් වලට මා පෙම් කල තරම්....
අනේ... ඔබ දන්නවානම්.......!


දෙනුවන් ගැන නොසිතමී හිතට මොන මොන තහංචි දා ගත්තද ඔහු ගැන නොසිතා එකම මිනිත්තුවක්වත් මගේ හිතට ඉන්නට බැරි සෙයකි.දුටුදා ඉදන් ඒ නිල් ඇස් දිගේ මහා දුරක් ගිය මට ඔහුගෙන් එකම ආදරනීය වදනකින් හෝ බැල්මකින්වත් තල්ලුවක් නැතුව මා හිතින් පෙම් කරන තරමක්...ඉතින් එසේ තිබියදී ඒ මුවින් ගිලිහුණ වදන් මා කෙසේ අමතක කරන්නද...ඔහු කීවාක් මෙන් එය බොරුවක් විහිළුවක් යැයි සිතා කෙසේ ඉවත දමන්නද.

" එයා මගේ.....දන්නවද එයා මගේ...."

ඒ වදන් හතර වටින් රැව් පිළිරැව් දිදී ආයේ ආයේ මගේ සවනට ඇසෙන්නාක් මෙන්ය.දෙනුවන්.... අනේ දෙනුවන්...දෙනෝදාහකට ඇසෙන්නට ඔබ ඒ කීවේ මුසාවක්ද...?

එදා රැයේ මට සහලවා උණ ගැණුනි.මා මේ බිය වී සිටින්නේ දෙනුවන් කී වචන වලටද එසේ නැතිනම් අනුහස් අයියාට මා සිතින් වන වැරදි වලට මගේම හිත මට දොස් කියන නිසාදැයි මට සිතා ගන්නට අපහසුය. සදුදා මම පාසල්ද නොගියෙමි.සවස්වරුවේ තාරා මා සොයා එතැයි මා දැන සිටියද ඇදේ මුනින්තලා වැතිරී සිටි මට ඈ එනවා දැනුනේවත් නැත.

" හරි අපූරුයි ගෑනු ළමය දපල ඉන්න තාලෙ සේරම උඩ දාගෙන...යකෝ අනුහස් අයිය දැක්කොත් උඹව උස්සගෙන යාවි..."

ඇය මගේ ඉස්සී තිබූ කෙටි සාය පහලට ඇද වැරෙන් නිතඹට පහරක් ගසා ඇදට පැන්නේ එසේ කියා ගෙනමය. ඇගේ කතාවට මට සිනා නැගුණි.

" සුදු අයිය මගේ මීට වැඩිය දේවල් දැකල තියෙනව බං "

මොකා...ක්...... ආයේ කියපං ආයේ කියපං බලන්න ඒ කියපු හරුපේ තේරුම... උඹ බබා වගේ හිටියට සෑහෙන දුර ගිහින් එහෙනම් නේද....?

" චී.... තාරා... උඹ හිතන මගුලක් ගැන නෙවෙයි මම කිව්වේ..

මම ඇයට කොට්ටයකින් දමා ගැසුවෙමි.

"එහෙනං කියපන්කෝ බලන්න මොකක්ද උඹ කියපු කතාවේ තේරුම "

ඇය හරි බරි ගැහී ඇද උඩ වාඩි වූයේ මා දමා ගැසූ කොට්ටයද උකුළට තුරුළු කරගනිමිනි.

" උඹ දන්නවද තාරා මං ඉපදෙනකොට අනුහස් අයියාට අවුරුදු පහයි.හොස්පිටල් ඉදලා මාව අම්මයි තාත්තයි ගෙදර අරන් එනකොට ඉස්සරහට දුවගෙන ඇවිත් කාර් එකේ දොර ඇරලා මාව අත් දෙකට අරන් ගෙට ගෙනත් තියෙන්නේ අනුහස් අයියලු.....එවෙලෙ ඉදන් මදුරුවෙක් මැස්සෙක්වත් වහන්න නොදී අනුහස් අයියා මගේ ලගටම වෙලා හිටියලු....මම කක්කි දැම්මම චූ දැම්මම කාටවත් නොකියා එයාම ඒ නැපි මාරු කරනවලු මාව හෝදනවලු....ඉස්සර මාමලගෙ ගේ තමා ඔය අපේ තාප්පෙන් එහා පැත්තෙ තියෙන්නේ.මං ඉපදුනාට පස්සේ කවදාවත් අනුහස් අයියව ඒ ගෙදරට ගෙනියන්න බැරි උනාලු... එයා ඉදලා තියෙන්නේ මෙහෙමයි...."

තාරා නොදන්නා මහා දිග කතාවක් මා කියන්නට යන බව ඇයට වැටහෙන්නට ඇත. ඈ ඇහි පිල්ලමක්වත් නොගහා , හ්ම් වත් නොකියා මා දෙසම බලා සිටී.

"Car ඇක්සිඩන්ට් එකකින් තාත්ති නැති වෙනකොට මට අවුරුදු තුන සම්පූර්න වෙලත් නෑ තාරා...එදා ඉදන් මට තාත්තෙක් උනෙත් සුදු අයිය...මට අවුරුදු දහයක් විතර වෙද්දි මාමා වැඩ කරපු Company එකෙන් Scholarships එකක් ලැබිල පවුලටම Canada යන්න Chance එකක් හම්බුනා . ඒත් අනුහස් අයියා අම්මවයි මාවයි දාල යන්න කැමති උනේම නෑ...ඒ වෙද්දි අපේ පවුල් අතර කතාවකුත් තිබුනා කවදා හරි මමයි සුදු අයියයි කසාඳ බදින්න ඕනෙ කියලා.පවුලේ හැමෝම සුදු අයියට විහිලු කලේ මගේ නම ගාවලා.අන්තිමට මාමයි නැන්දයි අනූපමා අක්කියි එහේ පදිංචියට ගියා.අනුහස් අයියව අපේ අම්මිට භාර දීල.හැබැයි ඒ එක පොරොන්දුවක් උඩ.මගේ ඉගනීම ඉවර වෙලා අනුහස් අයියයි මමයි මැරි කරලා අම්මිවත් එක්කන් Canada වල පදිංචියට එන්න ඕනෙ කියලා...."

" ඉතිං දන්නවද තාරා....අපි පුංචි කාලේ එකම පිගානේ බත් කාලා එකම ඇදේ තුරුල් වෙලා නිදාගෙන තියෙනව....පුංචි කාලේ විතරක් නෙවෙයි අදටත් මම හයියෙන් ගොරවලා වහින දවසට මේ කමරේ තනියම නිදා ගන්න බයයි...එහෙම දවසට මම කොට්ට දෙකත් උස්සගෙන දුවන්නේ අනුහස් අයියව හොයාගෙන....එයා මාවත් එක්ක ගෙන අම්මිගේ කාමරේට යනව...මං අනුහස් අයියගෙයි අම්මගෙයි මැද්දට වෙලා නිදා ගන්නව...සුදු අයිය ඒ අතින් දෙවියෙක් වගේ කොල්ලෙක් තාරා....කවදා හරි මම එයාගේ කියලා දැන දැනත් එයා මාව එයාගෙනුත් පුදුම විදියට පරිස්සම් කරනව......."

අන්තිම ටික කියාගෙන යද්දී මගේ ඇස් වලින් කඳුළු හෝ හෝ ගා වැටුණි.හීන් ඉකියක් සමග මහා දැවිල්ලක් පපුවට දැනුණි.සත්තකින්ම මේ කඳුළු අනුහස් අයියා වෙනුවෙනි.සිතුවිල්ලකින් වචනෙකින් හෝ ඒ පාරිශුද්ධ ප්‍රේමයට වරදක් වූවායැයි යන සිතුවිල්ල මට තදින් දැනුණි.

තාරා හුස්මක්වත් නොගෙන මදෙස බලා සිටී. ඒ ඇස් මුලද කඳුළක් දිලිසෙනවා මා දුටිමි.

" කවී....උඹ පුදුම තරම් වාසනාවන්තයි කෙල්ලේ...අනුහස් අයියා වගේ පිරිමියෙක් ලබන්න උඹ පිං කරලා තියෙනවා..."

තාර එසේ කීවේ මා ගැන මෙන්ම අනුහස් අයියා ගැනද උපන් අවංක ළෙන්ගතු හැගීමෙන් විය යුතුය.

" කවී මම අද ආවේ උඹ එක්ක ටිකක් සීරියස් කතා කරන්න.දැන් උඹ මේ කියපුවා අහද්දී ඒ දෙවල් කතා කරන එක ගොඩාක් හොදයි කියලත් මට හිතුනා...උඹ කවදා හරි අනුහස් අයියට දුකක් දීලා පව් පුරෝ ගන්නනම් හිතන්නෙපා කෙල්ලේ... ඒක ගෙවලා ඉවර කරන්න බැරි තරම් පවක්..."

" ඇයි එහෙම කියනේ තාරා...."

" එහෙම කියන්නෙද....එහෙම කියන්නෙ මට උඹව දැනෙන නිසා...තේරෙන නිසා...උඹ හැම දේම හිතේ හංගගෙන හිටියට උඹේ ඇස් දෙකට එහෙම කරන්න බෑ කවී..ඒ ඇස් වලින් උඹේ හිත ඕනම කෙනෙකුට පොතක් වගේ කියවන්න පුලුවන්..."

" හා කියපන් බොරුද මම කියන්නේ ආ...."

ඇය එසේ ඇසුවේ ඇදේ මා වාඩිවූ තැනට තවත් ළං වෙමිනි.ඉතින් ඇයගෙන් අද බේරුමක් නොවන පාටය. මා කරබා ගෙනම උනිමි.

" උඹ දෙනුවන් දැකපු දවසෙ ඉදන් ඌට පිස්සු වැටිල ඉන්නෙ...මම දන්නේ නෑ ඌත් එහෙමද කියල..හැබැයි එදා නුගේගොඩ සීන් එකෙන් පස්සේ මට ඌවත් සැකයි..."

මගෙන් පිලිතුරක් නැතුවම තාරා කියවගෙන කියවගෙන යයි.මම ඇස් උඩ තියාගෙන අසා සිටිමි. " එහෙම එකක් නෑ තාරා " කියා ඈට මුසාවක් පවසන්නට මට සිත් නොදේ.එක අතකට ඈ සමග හෝ හිතේ තියෙන දෙවල් පවසා හිත නිදහස් කර ගැනීම හොදය.

" උඹ දැන් ඔය කියපු විදියට ඉපදිච්ච දවසෙ ඉදන් උඹට ආදරේ කරපු උඹ වෙනුවෙන් ගොඩක් දෙවල් කැපකරපු උඹව බලා ගත්තු අනුහස් අයියටත් වඩා උඹට ඌව ලොකුයි...දෙනුවන් උඹට විහිලුවටවත් ආදරේ කිව්වොත් උඹ මේ හැමදේම දමල ගහල ඌ එක්ක යන්න හිතින් හිතලත් ඉවරයි...උඹ නෑ කියනවද කවී.... නෑ කියනවද ...කතා කරපං...."

ඇගේ හඩට මා තිගැස්සුණෙමි.

" අනේ තාරා මට බනින්න එපා..."

" බනිනව නෙවෙයි කෙල්ලේ තේරුම් කරල දෙනව...මෙච්චර ලස්සනට ගලපගෙන ආපු ජීවිතේ මේ කොහෙවත් යන එකෙක් නිසා අවුල් කරගන්න එපා කවී...උඹ මොනවද දෙනුවන් ගැන දන්නේ....? මම දන්න දෙවල් උඹ ඇහුවොත් පුදුම වෙයි..."


ඒ කතාවට මා සසළව ගියෙමි.

" ඇයි තාරා... මොනාද...අනේ මට කියපං Please.."

" දෙනුවන් අපිට හොද යාලුවෙක් තමයි ඒත් උගේ කැරැට්ටුවනම් එච්චර හොද නෑ කවී..යන යන තැන කෙල්ලොලු...ඌ කෙල්ලො මාරු කරන්නේ ඇඳුම් මාරු කරනවා වගේ ලේසියෙන්ලු...තාත්තා ලොකු සල්ලි කාරයෙක්ලු...තාත්තගේ සල්ලි වලින් මූ බිබී පිස්සු නටනවලු...උඹ දන්නවද.... අර අපේ ක්ලාස් එකේ මධූ....? අන්න ඒකි තමා දෙනුවන්ගේ අලුත්ම කෙල්ල....ඒකිටනම් ඒක හරි ලොකු දෙයක්ලු... යන යන තැන පම්පෝරි ගහනවලු දෙනුවන්ගේ Girl එයා කියලා.මට පේන්නෙ කෙල්ලොත් උගේ ලස්සනට පිස්සු වැටිල පැනල දෙනවද කොහෙද....දෙනුවන් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නව...."

අදහන්න මසිත බොහෝ රිදුණි.අනේ මේවා අසන්නට තරම් මා පව් කර තිබුනාද... අනුහස් අයියා ගැන සිහිකර හැඩූ ඇසටම දෙනුවන් වෙනුවෙන් කඳුළක් නැගුනි.

" හංදියක් හංදියක් ගානේ සිගරට් බිබී දකින දකින කෙල්ල පස්සෙ යන රස්තියාදුකාරයෙක් උඹේ හීන වල හිටියද කවී...මට කියපං... හිටියද...?ඒ වගේ එකෙක් වෙනුවෙන් උඹ ඔය අඩන එකත් අනුහස්ට කරන අපරාධයක් කියල හිතපං...මතක තියාගනිං ... දෙනුවන්ට උඹ තවත් එක කෙල්ලෙක් විතරයි...උඹ ඔය අදහන පාරිශුද්ධ ප්‍රේමය ඌ අදුරන්නෙවත් නෑ...උඹ මේ තරම් මැරීගෙන ඌට හිතින් Love කියල ඌ දැනගත්තොත් උඹවත් ඇදගෙන කොහාට හරි යාවි.."


" අනේ ඇති තාරා ඕක නවත්තපං ---- "

මා දෑතින්ම දෙසවන් වසා ගතිමි.ඉකියක්වත් නොගසාම කඳුළු වැල් හෝ හා වැටුනි.

" ඇති තරම් අඩල හරි ඔය හිතේ තියෙන දෙවල් එහෙමම හේදිලා යන්න ඇරපං කෙල්ලේ...උඹට වරදක් වෙනකන් මට ඇස් කන් වහගෙන ඉන්න බෑ .. ඒකයි මම දන්න දෙවල් උඹට කියන්නේ...මම උඹේ හොදම යාලුවා ... හිතේ තියෙන දෙවල් මට කියලවත් හිත නිදහස් කරගනිං..."

" අනේ තාරා.... "

මා ඇගේ උකුළට බර වූයේ මහා හඩින් හඩා වැටෙමිණි.තාරා මා හිස අත ගාන්නට වුණි.

" මට එයාව අමතක කරන්න බෑ තාරා...ඒ ඇස් මගේ කියල මට දැනෙනවා...එයා නපුරු වෙන හැම වෙලාවකම මට ඒ ආදරේ වැඩි වැඩියෙන් දැනෙනවා...මට පිස්සු හැදෙයි තාරා..... මට පිස්සු හැදෙයි..."

" ඇස් ඇරලා කන් ඇරලා ඇත්තට මූණ දීපන් කවී...නොදන්නවා වගේ හිටියට අනුහස් අයියා මේ දෙවල් දන්නේ නෑ කියලද උඹ හිතන් ඉන්නෙ..?උඹට වචනයක්වත් කතා කරගන්න බැරි කාලේ ඉදලා එයා උඹව දන්නේ..ඔය මූණ බලල..ඔය ඇස් දෙක දිහා බලල අනුහස් අයියා උඹව තේරුම් ගත්තේ අද ඊයේ නෙවෙයි...උඹේ ඇහි පිල්ලමක් වැදෙන වෙනසත් අනුහස් අයිය අදුරනව කවී...එයා දන්නව උඹ දෙනුවන් ගැන හීන මවනව කියල..ෆෝන් එක නැතිවෙලා හම්බුණ සිද්ධියෙන් පස්සෙ ඉදන් උඹ වෙනස් කියල...වෙන එකෙක්නම් උඹව මරං කාවි... ඒත් පේනවද එයා ඉන්න විදිය...?අනුහස් අයිය පව් කවී... ඒ වගේ එකෙක්ට දුකක් දෙන්න එපා ...ඌව විහින් නැති කරගෙන ජීවිතේ නන්නත්තාර කරගන්න එපා බං...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

තව බොහෝ දේ කියනන්ට ඇත. එහෙත් ඒ කිසිවක් මට නිනව් නැත.හඩා දොඩාම මා හෙම්බත්ව සිටියෙමි.තාරා පිටව ගියේ කීයටදැයි කියාවත් මට මතක නැත.

" සුදු අයිය එන්න කලින් වොෂ් එකක් අරන් ඔය මූණ හදාගෙන හිටපං කවී මේ විකාර නිසා ඒ කොල්ලව පිස්සෙක් කරන්න එපා..."

ඈ ගියේ එසේ කියා බව මට සිහිවුණි.එහෙත් ඇදෙන් බසින්නට තරම් දිරියක් මගේ ගතට තිබුනේම නැත.මා තව ටිකක් ඇදටම ගුළිවීමි.ඉතින් දෙනුවන්ට බැදි ප්‍රේමය තව දුරටත් රහසක් නොවන බව පමනක් මට දැනුණි.



                                                                  ~~ මතුසම්භන්ධයි ~~

21 comments:

  1. කතාව මාර ලස්සනයි..මම ඔක්කොම කොටස් කියෙව්වා..ඇත්තටම කවී අනුහස් ගැන තාරට කියපු දේවල් කියවද්දි මගේ ඇස් වලට කඳුලුත් පිරුනා..හරිම ලස්සනයි යාලු..මේ දවස් වල බ්ලොග්ස් වල ලියවෙන කතා අතුරින් ලස්සනම නවකතාවක්.. :)

    ReplyDelete
  2. බැරි වෙලාවත් කවි දෙනුවන්ට ආදරෙයි කියලා අනුහස්ට කිවුවොත් අනුහස් සතුටින් කවිව දෙනුවන්ට බාර දෙනවා.. මේ කියපු දේවල් වල හැටියට මට එහෙම හිතුනා..

    ReplyDelete
  3. සිත්රූ සිහින - ස්තූති සිත් රූ. ඔයාලගේ දිරි ගැන්වීම් මට ගොඩක් වටිනවා.

    Dinesh - අපොය් මගේ හිත ඔයා කියවන්න එපා දිනේශ් මල්ලි හි හී

    ReplyDelete
  4. කතාවෙ ඔක්කොම කොටස් ටික කියෙව්වා. ලස්සන කතාවක්...
    ඉතිරි ටිකත් ඉක්මනටම දාන්න...
    :)

    ReplyDelete
  5. නෙත්පානි - පුලුවන් ඉක්මනට දෙන්නම් නෙත්පානී බොහොම ස්තූති ඔයාට

    ReplyDelete
  6. හරිම ලස්සන කතාවක් අක්කේ.දිගටම ලියන්න.ඒත් ඔය වගේ පුංචිකාලෙදිම කෙල්ලන්ගේ ඉරණම තීරණය කරන එකට මම හරිම අකමැතියි.අනිත් එක පොඩි කාලෙ ඉදන් ඔහොම හිටපු කොල්ලෙක් ගැන ආදරයක් ඇති වෙනවද සහෝදර හැගීමක් මිස.

    ReplyDelete
  7. වර්ෂා - ම් ඔව්... එක අසදාරණයි තමා පොඩි කාලේ සහෝදරයො වගේ හිටියම වෙනස් ආදරයක් ගැන හිතන්න අමාරුයි.

    ReplyDelete
  8. godak lassanai kawi.godak lassanata liyala thiyanawa.ada kathaawa kiya waddi hithata wedanawak nam danuna.habaata awasaane mokak weida..?

    ReplyDelete
  9. ihihihihihi ila una ihihihi mata thawa oni kiyawanna ihihihhi kawi akki ikmanta thawa danna...hoda akkine godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak lassanai....

    ReplyDelete
    Replies
    1. මේකිට මේ මොකද වෙලා තියෙන්නේ ???? මට සැකයි සදුවා ගැන

      Delete
  10. tweety - බොගෙ වැඩේ අවසානේ අහනවා හි හී හිටපියන්කො ඉවසගෙන

    sandu - හා හා නාඩා ඉන්න මේ ටික ටයිප් කලෙත් පුලුවන් කමකට නෙවෙයි සඳූ තාම ඇගට හරි නෑ.අනික හෙට ඉදන් මම නෑ ආපහු එන්නේ සඳුදා ඒ නිස ටයිප් කරපු ටික දැම්මා.හෙට අපි Jaffna යනවා trip එකක් සඳූ

    ReplyDelete
  11. මුල ඉඳන්ම මම මේ කතාව කියෙවුවා සඳා. හිතා ගන්න බැරි තරම් ලස්සනට ගැලපීගෙන එනවා.ඉක්මනින් ඉතුරු ටිකත් දාන්න,මම ඉවසලා පුරුදු කෙනෙක් නෙමේ

    ReplyDelete
  12. හිතුවක්කාරි - ස්තූති හිතූ

    සිඳු - පුලුවන් ඉක්මනට දෙන්නම් සිඳු කොහොම හරි ඉවසන්නකෝ ඉවසීමෙන්නේ සැනසීම ලැබෙන්නේ

    ReplyDelete
  13. කතාව හිමින් සීරුවේ වෙලාව තියන හැටියට මුල ඉඳන් කියෝගෙන ඇවිත් කමෙන්ට් එකක් දාන්නම්කො අක්කේ හොඳේ.

    ReplyDelete
  14. හප්පේ කතාව හිතපු නැති පැත්තකට යනවානේ... අයියො දැන් කාගේ පැත්ත ගන්න කියලද කියලා හිතාගන්න බැ.... මොන දේ වුනත් මේ ගැනු එක්ක බැනේ අප්පා... කවියො ඔයා ලස්සනට ලියලා තියෙනවා... එක පාරටම කතාව නොහිතපු පැත්තකට යන්නේ... මුලු කතාවම කියවනකං ඉවසිල්ලක් නැ....

    අඩේ තංගච්චි නි යාපනෙක්කි පොරේන්... එනකු තල් අකුරැ කොණ්ඩ වාංග... රොම්බා නන්ඩ්‍රියි.....

    ReplyDelete
  15. Pooh -
    ම් ඔව් කවුරුවත් හිතන්නෙ නැති අවස්සනයක් තමා මේ කතාවේ කෙලවර.... හි හී පූ ඔයා දෙමලත් දන්නවද.. ඒකනම් හරිම වටිනවා යාපනේ ගියාම තමා ඒකත් දැනගෙන හිටියනම් හොදා කියලා හොදටම දැනුනේ

    ReplyDelete
  16. අයියෝ අද නං කතාව මදිම මදි.....අඩේ එල අක්කේ..ලස්සනට කතාව ගලාගෙන යනවා...අනේ ඊලග කොටස දානකොට ටිකක් වැඩිපුර දාහන් හොදේ...

    ReplyDelete
  17. ish - ගර් ගර්.... පරක්කු වෙලා ඇවිල්ල බයිලා ගහනවා මම 5 කොටසත් දාලා ඉවරයි දැන්

    ReplyDelete
  18. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මේ මොකද මේ වෙන්නේ බොලා මේ කතාව හරියට ලස්සනට ( කදුළු පෙරා(බොලා වගේ ) ඇඩිලි නැතුව )ඉවර කලේ නැතිනම් බලා ගමු හරිය


    අද ක්කොටසත් ගොඩක් ලස්සනයි

    ReplyDelete
  19. හතරවෙනි එක ඉවරායි.........

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...