සඳට බැළුම් හෙලූ අය

May 17, 2012

මගේ රත්තරන්..........

අද මැයි මාසේ 17 වෙනිදා....
අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා
අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා
( ඒ ඔයා කියන විදිය )
ඔව්... ඒ මීට අවුරුදු හතරකට කලින් අද වගේම දවසක්
මම ඔයාට ආදරෙයි කියනවා....
ඒ තමයි මේ ජීවිත කාලයේදී ඔයාට ලැබුණ
වටිනම උපන්දින තෑග්ග
( ඒ ඔයා කියන විදිය )
ඉතින්.... අහන් ඉන්නවද... දැන් මම කියන්න...
සත්තයි...
මට ඔබ වෙනුවෙන්
අලුතින්ම නිබ්බුත පද කියන්න ඕනෙ.......


මිනිස් වෙස් ගත් අමුනුස්සයන් වැඩි හරියක් වෙසෙනමේ ලොව
නුඹ මට ,
ගුණසුවඳින් පිරුණ සැබෑ මනුස්සයෙක් විය.
ආදරය හා ප්‍රේමය අකුරකට වචනෙකට සීමා නොකර
නුඹ මට ,
හදවතේ හැම ද්වාරයක්ම  විවර කර එහි
නිදහසේ  සැරිසරන්නට ඉඩ හසර සාදා දුන්නේය .
මේ ප්‍රේමයට එදිරිව දසතින් අවි අමෝරා ගනිද්දී
නුඹ මට ,
සෙනෙහසේ සිහිල් පැන් ඉස මියෙන්නට නොදී හද මල
බොහෝ අදරින් රැකගත්තේය.
එසේ රැක ගත් පෙම අවසන පෝරු මස්ථක කර
නුඹ මට ,
ලොව ඇති සියලු මිහිර කලතා තබා තුඩ තුඩ
පණ මෙන් රැක ගත්තාය
ඉතින්....
ඔබ වන් හිමියෙක් ලද පිනෙන්
අද මා නිවෙමි සැනසෙමි...
මගේ සුදු මහත්තයෝ...
ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !
අපි දෙදෙනාටම ප්‍රේමනීය සුභ ආදර සංවත්සරයක් වේවා !

26 comments:

  1. අපේ සුබපැතුම් ඔබට...

    ReplyDelete
  2. " ආදරයට සිවු වසරක් ගෙවුනා.." මට මතක් උනේ මේ සිංදුව..

    සුභ පැතුම් කවී අක්කේ.. හදවතින්ම.. සුභම සුභ ආදරණිය අනාගතයක්..

    ReplyDelete
  3. ඔයාගෙ හබියටයි ඔයාලගෙ ආදරේටයි දෙකටම සුබ පැතුම් කවියෝ...

    ReplyDelete
  4. මගෙනුත් සුභපැතුම්... :)

    ReplyDelete
  5. ඔන්න හිතුවක්කාරිගෙනුත් ඔයාලා දෙන්නාටම සුභ පැතුම්!! එවන් හිමියෙක් ලද ඔබ භාග්‍යයි... ඊටත් වඩා ඔබවන් බිරිදක් ලැබූ ඔහු භාග්‍ය්වන්තයි!!!

    හැමදාම සතුටෙන් ඉන්න, ජය!!!

    ReplyDelete
  6. ෂා... නියමනේ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! (මගෙ අළුත් වචනේ ඈ..)

    ReplyDelete
  7. Dinesh - ඔව්නේ අපේ ආදරේට සිව් වසරක් පිරෙනවා අදට අපේ විවාහෙට වසරක් පිරෙනව මේ 23 වෙනිද

    ReplyDelete
  8. තාරා -ස්තූති තාරා ඔයාටත්

    ReplyDelete
  9. අඩවි රජ - තනම් අඩවියේ රජා නේද මේ? ඔව් ඔව් මම දැක්කා ඔය වචනේ ගොඩක් තැන් වල ස්තූති රජෝ

    ReplyDelete
  10. හිතුවක්කාරි -ස්තූති හිතූ ඔයාටත්

    ReplyDelete
  11. චිරාත් කාලයක් ප්‍රේමයෙන් වෙලිලම ඉන්න ලැබේවා

    මගෙනුත් සුභ පැතුම්!!!

    ReplyDelete
  12. mee godaya - මෙහි පැමිණීමට හා සුභ පැතුමට ස්තූති ඔබට

    ReplyDelete
  13. සසර වසනතුරු ආදරේ අමාදහරක්ම වේවා ඔබ දෙපලට. සුභම සුභ සංවත්සරයක් වේවා.



    අක්කේ. මෙන්න මෙතන වගේ තැන් වල පුරුෂලිංග ක්‍රියා පදයකින් ඉවර කරා නම් ඒක ගැලපෙනවා වගේම නිවැරදියි කියලයි මට හිතෙන්නේ.

    "ඉඩ හසර සාදා දුන්නාය."
    "අදරින් රැකගත්තාය."

    ReplyDelete
  14. අයියො සොරි කවි අක්කේ.... මම පරක්කු වුනා නේ ඔයාලාට විෂ් කරන්න,

    ෂූභ ම ෂුභ ආදර සංවත්සරයක් හා ඔයාගේ හබියට ෂුභම ෂුභ උපන්දිනයක් වේවා කියලා බොක්කෙන්ම පතනවා.. එවගේම ලබන අවුරැද්දේ 17 වෙනිදාට ඔයාලාගේ මුල්ම නිවුන් බබාලා ලැබෙන්න කියලා පතනවා, (එකට දැන්ම ඉදන්ම මහන්සි වේන්න)

    ReplyDelete
  15. පැතුම් [සිතුම් පැතුම්] - ඔව්නෙ ඔව්නෙ මල්ලි මට වැරදිලා ඔන්න දැන් හදනවා ස්තූති ඔයාට

    ReplyDelete
  16. සුබ සංවත්සරයක් වේවා @@@@ අදයි මන් මේ පැත්තට ආවේ... සඳ ට පෙම් බැදී සඳවතී ද ඔයා?

    ReplyDelete
  17. සචිත් - ස්තූතී පැමිනීමට. හ්ම් ඔව් ඔව් මම සඳවතී තමා

    ReplyDelete
  18. වාසනාවන්ත ප්‍රේම සංවස්තරයක් වේවා...
    ඉදිරියටත් මතු මතුවටත් ආදරයෙන් වෙලී සිටිත්වා...!
    පතන්නේ,
    මාතරේ..!

    කේක්..?

    ReplyDelete
  19. ඔයා ගොඩක් වාසනාවන්තයි..මම ඔයාලාට සුබ පතනවා මුලු හදවතින්ම.. සුබ සංවත්සරයක් වේවා.. !!

    ReplyDelete
  20. මාතරේ - බොහොම ස්තූති මාතරේ.... කේක් නම් දැන් ඉවරයි

    ReplyDelete
  21. පුංචි කුමාරිහාමි - ස්තූතී කුමරිහාමී ඔයාටත්

    ReplyDelete
  22. Pooh - හය්යෝ මේ පුත්තලන් බූරුවෝ 4 , 5 දෙනෙකුගේ වයස එකා මට අක්කලු ඉහි ඉහි.ස්තූති පූවෝ සුබ පැතුවට.

    ReplyDelete
  23. සුභපැතුම් . අදවන් ලස්සන හෙට දවසක් . තෙරුවන් සරණයි...!!!

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...