සඳට බැළුම් හෙලූ අය

Showing posts with label කවි නම් නෙවෙයි හොදේ. Show all posts
Showing posts with label කවි නම් නෙවෙයි හොදේ. Show all posts

Jun 20, 2021

LoVe LuSt LoSt !!






පරණ වෙන්න වෙන්න
විස්කි වගේ වැදෙන
ප්‍රේමයකට..
ඔයා මට දුන්නෙ
චොක්ලට් වගේ දියවෙන
ආදරයක් ...

Dec 21, 2020

විරාමයකදී !!

 



සින්න උනාට පස්සෙ
දෑතම පිහියට
ලියවිලා ලියවිලා දැන්
මාපටැ'ඟිල්ලත්
ඕසෙට...

දැවිල්ලයි ඇස්
ලියල ලියලම
බොම්බයි ලූණු ම
එහෙම බලනකොට,
කඳුළක් කවි කරන එක
ඊට වඩා කොයිතරං ලේසිද...

ඔට්ටු වෙන්නෙ ගින්දරේමයි
මුලු දවස තිස්සේම
දැනෙන්නේ ගින්දරේ උණුහුම
ඒ වුනාට,
කවි වලට නම් මේ උදුවප්
මොන තරම් සීතද....

ඇත්තටම
කවි වගේ ලස්සන නෑ
මේ ජීවිතය
හැබැයි වෙනසක් නෑ
කවි තරම්ම රහයි
මං උයන කෑම....














Jun 5, 2019

SHHHHHHHHHH.....




තොරතුරු දැනගැනීමෙ පනත - ඒක
අහෝසි කරලද
හදිස්සි නීතිය -  එතකොට
ඒක බලාත්මකද දැන්
ඒ උනාට ,
ද්වීපාර්ශික ගනුදෙනුවකදි
ඒකාධිපති තීරණ
කැතයි නේද...

මං දැන් පිපිරෙන්න ඔන්න මෙන්න
මං ගැනම දුකින්
මං ගැනම ආත්මානුකම්පාවෙන්
ඔයාට බැරිද මට වෙඩි තියන්න
පපුවටම - ඔව් පපුවටම...

නිහඬවීම  කියන්නෙ ඉවසීමට නම්
ඉවසීම කියන්නෙ දරාගැනීමට නම්
ඔව් ඔයා දිනුම්...!

ඒත්

මඟහැරීම කියන්නෙ අත්හැරීමට නම්
අත්හැරීම කියන්නෙ අවසානයට නම්
නොකියාම යන්නෙපා හොදේ ...!



* සමාවෙන්න ගනුදෙනුව කියන වචනෙට මං කැමති නෑ.ඒත් මොනවා කරන්නද

May 23, 2019

Listen To My Heart ......!


මම නිහඬ වෙමි
කතා කරන්නට බොහෝ
දෑ ඇති තැනක
අසාමාන්‍ය ලෙස නිහඬ වෙමි

මම හඬමි
අසීමාන්තික ලෙස
හැඟීම් වදනින් බෙදා ගන්නට
නොහැකි වූ තැන
නිහඬවම හඬමි

මම සන්සුන් වෙමි
පිටතින් මහා කළබලැයි
කිසිවක් බරපතලට නොගන්නවායැයි
කෙනෙකුට සිතෙන මා එක්ක
මම තනිව සන්සුන් වෙමි

මම ප්‍රේම කරමි
ඔබ ප්‍රේමය යනු අත් හැරීමයැයි
අදහන තැනින් මම ආරම්භ කරමි
අයිතිකර ගැනීම සිහිනයක් වුව
ප්‍රේමය අත් නොහරිමි

මම විඳිමි
ඔය හිතුවක්කාර පිරිමි සුවඳ
ළය දෙබෑ කරගෙන ගිය පලමු තත්පරය
අඩවන් දෑස මත පරිස්සමට තැබූ හාදුව
දැනුදු මේ දැනුදු විඳිමි

මම විඳවමි
කියන්නට ගලපන්නට ලියන්නට
නොතේරෙන මොකද්දෝ හැඟීමකට
වෙලාවක් අවේලාවක් නැතුව
ඉතින් මා විඳවමි

Apr 9, 2019

ඔයාට බැරිද මාව උස්සන්න !



 
 
ඉස්සර මං හරි ආඩම්බරයි
යන්නෙත් ටිකා.......ක් උඩින්
කොල්ලන්ව කොහොමත්
ඩෝන්ට් කෙයාර්
මම එයාලට ගස්සදිදි පුප්පද්දි
සමහරු මට කිව්වෙ

'' ඔය ආඩම්බර බස්සන්න උස්සනව නංගි  හොදේ ''

කියල.

අනිත් පැත්තට  මම එයාලගෙන් ඇහුවෙ

 '' ඇයි බර බලන්නද අයියේ ''

කියල.

එත් දැන් ,

මං ඔයාගෙන් අහනව
අනේ ඔයාට බැරිද මාව උස්සන්න
නෑ නෑ බර බලන්න නෙවෙයි
මට ඕනෙ කොහෝ හරි අතරමං වෙන්න
හැල්මේ දුවන ජීවිතේ කොහේ හරි
මඟක නවත්තලා ඉසිඹුලන්න...

ඉතින් ,

ඇත්තටම ඔයාට බැරිද මාව උස්සන්න... !

දිනූ මගේ යකෝව්....!

මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...